නව යොවුන් වියේ ඔයාලට ආදරෙන්.........

වයස 15-24 අතර සිටින ඔයාලට විශේෂයෙන්

ඔයාවයි, ඔයාගේ හිතයි, ඔයාගෙ වටේ ඉන්න අය වැරදියට තේරුම් ගන්නවා කියලා හිතුවොත් මේ ලබලා තියෙන්නේ ඔයාගේ නරක කාලයක්. ඒත් මේ කාලය තමයි ඔයාගේ ජීවිතයේ හොඳම කාලය. ඒක එහෙම වෙන්නේ ඔයා ඒ දේවල් දකින විදිහ එක්කයි. නව යොවුන් වියේ ඉන්න කෙනෙක් විදියට මොහොතක් හිතන්න. මේක නේද ඔයාගේ ජීවිතයේ විනෝදාත්මකම, සජීවීම කාලය. මේ කාලයේදි තමයි ඔයාගේ ජීවිතයේ නව දොරටු විවරවෙන්නේ. අනාගතයේ වැඩිහිටියෙකුගේ ජීවිතයට සූදානම් වෙන්නේ. මේ කාලයෙන් පසුව ඔයා තවත් ඉතිං ළමයෙක් නොවෙයි. ඉතින් මේ කාලෙ ගන්න තීරණ ඔයාගේ මුළු ජීවීතේටම, අනාගතේටම බලපානවා.

ඔයාලගෙන්ම තමයි අනාගතේ අපේ රටේ නායකයන් බිහිවෙන්නෙ. ඒ නිසා ඔයාලා තමයි අපේ දේශයේ හදවත. ඔයාලා තමයි ජාතියේ පැතුම.

ඒනිසා ඔයාගේ සතුට, යහපැවැත්ම, සුවතාවය අපට හුඟක් වැදගත් වෙනවා. සෞඛ්‍යය සම්පන්න ප්‍රීතිමත් පුද්ගලයින්ගෙන් යුතු පරම්පරාවක් ගොඩනැඟීම අද දවසේ අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඔයාගේ අනාගතය වගේම අපේ අනාගතයත් ඔයා.

අද දවසේ ඔයා ගැන ඔයාම ගන්නා තීරණ, තෝරා ගැනීම් අනුව, හෙට දින ඔයා මොන වගේ කෙනෙක් වෙයිද කියන එක තීරණය වෙනවා.

ඒ නිසා අපි හිතුවා ඔයාට උදව් කරන්න. මේ මගපෙන්වීම් සියල්ල ඉලක්ක කරලා තියෙන්නෙ, ඔයාට ඉදිරි අනාගතයේ වෙන්න පුලුවන් හොඳම පුද්ගලයා වෙන්න. ඔයාව ඉහලම තැනින් තියන්න. ඉතින් ඔයාගෙ ජීවිතේ යහපත් කරගන්න මේ මඟපෙන්වීම් අනුගමනය කරන්න දැන් ඔයාට පුළුවන්.

ක්‍රියාශීලී යොවුන් තරුණයෙකු තරුණියක විදිහට ඉදිරියට යන්න ඔයාගේ ජීවන රටාවට අදාල ලිපි පෙළක් අපි සූදානම් කරල තියෙනවා.

අපි මුලින්ම ඔයාගේ වත්මන් සෞඛ්‍යය සුවතාවය ගැනත්, ඔයාගේ සාමාන්‍ය පුරුදු වගේම ඔයාගේ වැඩිහිටි ජීවිතයට බලපාන්න පුළුවන් අනිත් දේවල් ගැනත් බලමු. මේ අඩවිය, ප්‍රීතිමත්, සෞඛ්‍යයමත් ජීවිතයක් සඳහා වන හොඳම අදහස් ඔයාට ලබා දීමට සහය වෙනවා. ඔයාගේ කායික මානසික හා ජීවන රටාවන් ගැන මේවයෙන් කතා කරනවා.

යොවුන් වියේ ඉන්න ඔයාගේ සිරුරේ වගේම හැඟීම්වලත් වෙනසක් දැනෙන නිසා ඒවයෙන් වෙනදේ ගැන බය වෙන්නෙත් අවුල් වෙන්නෙත් නැතුව ඉන්නත්, මනස සැහැල්ලුවෙන් තියා ගන්නත්, ඔයාගේ වර්ධනයේ කොටස් ලෙස මේ දේවල් පිළිබඳ තේරුම් ගන්නත් අපි මේ ලිපිවල තියෙන දේවල් පැහැදිලිකර ගනිමු.

මෙම අඩවිය පවත්වාගෙන යන්නේ ඔයාගේ සෞඛ්‍යයටම විතරක් නෙමෙයි. හැම අතකින්ම ඔයාගේ යහපතට උදව් වෙන, තොරතුරු සහිත ස්වාධීන තීරණ ගන්න ඔයාට උදව් වෙන්නයි.

අද ඔයා කරන තේරීම ඔයාගේම අනාගතයට කරන බලපෑම වළක්වන්න බැරි නිසා අපිට පුලුවන් ඔයාට හරිම නිවැරදි තීරණ ගන්න මෙහෙම උදව් කරන්න.

 

FaLang translation system by Faboba