රටේ හැම තැනම වයින් ස්ටෝර්ස්. හැමෝම කියන්නේ බොන්න එපා කියලා. ශ්‍රී ලාංකිකයෝ මත් පැන් බීම අණුමත කරන්නෙත් නෑ. ඒත් ලංකාව පුරාම මත්පැන් අලෙවිය වැඩිපුරත් එක්ක සිදුවෙනවා. 

හැම මත්ද්‍රව්‍යයක්ම, ඇබ්බැහිකාරකයක්ම නීති විරෝධී වෙන්නෙ නැහැ. ඒත් අපිටත් වගකීමක් තියෙනවා මත්ද්‍රව්‍ය ලැබුණ පලියට නැතිනම් ඒවා නිදහසේ ගන්න අවස්ථාව තිබුන පලියටම ඒවා නොගෙන, හිතලා බලලා වැඩ කරන්න.

මත්පැන් වැරදි විදිහට අධිකව භාවිතා කිරීම නිසා බරපතල සෞඛ්‍යය ගැටලු ඇති කරනවා. යෞවනයින් අතර මත්පැන් නිසා ඇතිවෙන සිද්ධි වලට වගේම මත්ද්‍රව්‍ය නිසා සිදුවෙන මරණ වැඩි ප්‍රමාණයකට වගකියන්න ඕනෑ මත්පැන්. මේ නිසා අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා ඔයා ගැන, ඔයාගේ අනාගතය ගැන හිතලා මේ ගැන තීරණයක් ගන්න කියලා.

බොන්නන් වාලේ මත්පැන් බිව්වොත් වෙන්න පුළුවන් දේවල් මෙන්න

  • •ඔයා එක් වාරයකට ලොකු ප්‍රමාණයක් මත්පැන් ගන්න ඉඩ තියෙනවා.
    •සුරක්ෂිත නැති ලිංගික හැසිරීමකට යන්න තියෙන ඉඩ වැඩියි. ඒකෙන් ලිංගිකව බෝවන රෝග හැදෙන්න,    අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති වෙන්න ඉඩ තියෙනවා.
    •මොලයේ වර්ධනයට හානි වෙනවා.
    •අක්මාවට හානි වෙනවා.
    •තුවාල ලබන්න වගේම මරණය පවා සිදු වෙන්න පුළුවන්.
     
  • ඔයා හැම තිස්සෙම මත්පැන් බොනවා නම් තව ගොඩක් සෞඛ්‍යය ගැටලු ඇතිවෙනවා. ඒවා ගැන තවත් විස්තර දැනගන්න එක ඔයාට ගොඩක් වටිනවා. ඒ නිසා අපි ඒ ගැන තව දුරටත් බලමු.

ඔයා දන්නවද පසුගිය වසරේ ලෝකයේ වයින් ලීටර් බිලියන 28 ක්, බියර් ලීටර් බිලියන 150 ක්, නිෂ්පාදනය වුණු බව. මත්පැන් කර්මාන්තයේ වසරක ඉපැයුම් වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියනයත් ඉක්මවනවා. අප දිගින් දිගටම මත්පැන් මිලදී ගන්නා විට මත්පැන් කර්මාන්තයත් පුළුල් වෙනවා. නමුත් වාර්ෂිකව වකුගඩු රෝග, මහාමාර්ග අනතුරු, පිළිකා හා ආහාර මාර්ගයේ රෝග නිසා එහි පාරිභෝගිකයන් එයට අහිමි වෙනවා. ලෝකයේ මරණවලින් 5.9% කට වගකියන්න ඕනෙත් මත්පැන්.

මත්පැන් කර්මාන්තයේ ලාභය පවත්වා ගන්න නම්, මෙහෙම මැරිලා යන සෑම පුද්ගලයෙක් වෙනුවටම තවත් අයෙක් ඒකට එකතු කර ගැනීම අත්‍යවශ්‍යයි. මත්පැන් අලෙවිය වැඩි කිරීමටයි, අලෙවිය පවත්වාගෙන යන්නටයි අලුත් පරම්පරා අතර පුරුද්දක් විදිහට මත්පැන් බීම පැතිරවීම සඳහා ඔවුන් ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. අලුත් පරම්පරා යන්නෙන් අදහස් කරන්නේ තරුණයින් වන ඔයාලයි.
මත්පැන් සම්බන්ධ වෙළෙඳ ප්‍රචාරණයන්ගෙන් ඔයාලා බේරා ගන්න ඔයාලගේ මව්පියන් හැකි හැම දෙයක්ම කරනවා වුනත්, මත්පැන් වෙළෙන්දාත් ඔයාලා වෙතට ලංවෙන්න හැකි හැම උත්සාහයක්ම දරනවා. තරුණ පාඨකයින් වැඩියෙන් ඉන්න සඟරාවල මත්පැන් දැන්වීම් පල කරනවා. වගකීම් රහිත මත්පැන් භාවිතය නිතරම ඒවයෙන් උලුප්පලා පෙන්වනවා. එයාලට ඕනැ මත්පැන් බීමයි, විනෝදයයි එකට එකක් සම්බන්ධ බව ඔයාලාට පෙන්වීමටයි. ඉතිං එයාලා ඔයාලට විශේෂ වුණු පුද්ගලයින්, ක්‍රීඩා තරු මේ සඳහා යොදා ගන්නවා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා.

මේ නිසා ඒ අය මත්පැන් ඔයාලට ආසා හිතෙන දෙයක් ඔයාලව ප්‍රීතිමත් කරන දෙයක් විදිහට පෙන්වනවා. ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රචාරය කරන්න ප්‍රිය සම්භාෂණ, ක්‍රීඩා තරඟ හා විනෝද අවස්ථා යොදා ගන්නේ ඒ නිසයි. තරුණ වයසට තියෙන සඟරාවල නිතර නිතර ස්පීතු හා බියර් දැන්වීම් පල කිරීමෙන්, ඔයාලටත් නොදැනීම ඔයාලට බලපෑම් කරනවා.

  •  වෙරි මතින් පසු ඇතිවන අසනීප ගතිය 
    • හිසරුදාව 
    • ඔක්කාරය සහ වමනය
    • වෙව්ලීම/ ගැස්ම

.

මත්පැන් නිසා නිවැරදි තීරණ ගන්න තියන හැකියාව අඩු වෙනවා. ඔයා සාමාන්‍යයෙන් නොකරන දේ කරන්න යොමු වෙනවා. ඒකේ තේරුම නම් මත්පැන් බලපෑම ඇති වෙලාවට ඔබ අනතුරුදායක අවදානම් දේ කරන්න පෙළඹෙන්න ඉඩ තියෙන එක. ප්‍රශ්නය වෙන්නේ ගොඩක් ප්‍රමාද වනකම් ඔයාට ඒ ගැන වැටහෙන්නේ නැති එකයි. ඒ නිසා

             මත්පැන් පහත දැක්වෙන අවස්ථාවන් නිර්මාණය වෙන්න ප්‍රධාන විදිහට බලපානවා.                                                                                                       

  • • පෙම්වතුන් අතර දූෂණයන් සිදු වෙන්න මත්ද්‍රව්‍ය බලපානවා.  
    • පුද්ගලයින් සමඟ අනාරක්ෂිත ලිංගික ඇසුරට යොමු වෙනවා.
    • ලිංගිකව බෝවන රෝගවලට නිරාවරණය වෙනවා.
    • ගැබ් ගැනීමේ ඉඩකඩත් වැඩියි.
    • කලහ කිරීමට ගහගැනීමට යොමු වෙනවා.
    • දියේ ගිලීමට තියන ඉඩ වැඩියි.
    • ප්‍රමාණය ඉක්මවා මත්ද්‍රව්‍ය භාවිතය කරන්නත් පුළුවන්.
    • තමාටම හානි කර ගැනීම හා දිවි නසා ගැනීමට පෙළඹෙනවා

ඔයා වයස 25ට අඩු අයෙක් නම් මත්පැන් පානය ඔයාගේ මොලයේ වර්ධනයට අහිතකර ලෙස තදින් බලපාන බව දැනගන්න ඕනේ. ඔයා වයස 15කට අඩු මත්පැන් ගන්න කෙනෙක් නම් ඔයා සත්තකින්ම ඉන්නේ දැඩි අවදානමක. ඒ වයසෙ අයගේ මොලය තවම වර්ධනය වෙමින් තියෙන්නේ. ඔයාගෙ ගැටවර මොලයේ මේ වයසට වඩාත්ම වේගයෙන් වෙනස්වන කොටස් වෙන්නේමොළයේ ඉදිරි කොටස හා Hippocampus ප්‍රදේශ. මෙම හරිය නිරෝගි වැඩිහිටියෙකු වෙන්න ඕන කරන උද්යෝගය" ආවේග පාලනය හා ඇබ්බැහිවීම වගේ වැදගත් දේවල් එක්ක සම්බන්ධයි.

මත්පැන් මොලයේ ස්නායුවලට හානි කරනවා. අධික ලෙස මත්පැන් පානය විටමින් E අවශෝෂණයට බලපානවා. මේ නිසා මොලයේ නියම ක්‍රියාකාරිත්වය වැළකෙනවා. දිග කාලයක් මත්පැන් බීම නිසා ඔයාට කරදර රැසක් ඇති කරනවා. මත්පැන් නිසා ඇතිවන මොලයේ හානිය (ARBI) විදිහටයි හඳුන්වන්නේ. මේ නිසා අධ්‍යාපනයේ හා මතකයේ ගැටලු ඇති වීම හා සමබරතාවයේ ගැටලු ඇති වීම වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා. මේ නිසා අපි ඔයාට මත්පැන් වල අනතුරු දායක බවින් මිදුණු ජීවිතයක් වෙනුවෙන් පහත මඟපෙන්වීම් සකස් කරලා තියෙනවා. ඒවා ඔයාගේ ජීවිතයට එක්කර ගන්න ඔයාටම පුළුවන්. ඒ කොහොමද කියලා අපි බලමු.

  • •අධික මත්පැන් පානයේ අතුරු බලපෑම් තමයි වමනය, හිස කැරකිල්ල, සිහි නැති වීම, වෙරි මතින් පසුව ඇති  වන අසනීප ගතිය වගේ දේවල්. ඒක හොඳට සිහියෙ තියාගන්න. 
     
    •මත්පැන් පානය හා අනාරක්ෂිත ලිංගික සබඳතා වැනි අනතුරුදායක හැසිරීම් අතර ඇති සම්බන්ධය ගැන  දැනුවත් වන්න.
     
    •මත්පැන් ප්‍රතික්ෂේප කිරීමේ උපාය විධික්‍රම ගැන දැනගන්න.
     
    •බීමත්ව රිය පැදවීමේ අනතුරුදායක බව දැනගන්න. කිසි විටෙක බීමත් අයෙකුට රිය පැදවීමට ඉඩ  නොදෙන්නත් වගබලා ගන්න.
     
    •ඔයාගේ මිතුරන් සමඟ මත්පැන් පානයේ ආදීනව ගැන කතා කරන්න. එමඟින් එකිනෙකා ගැන අවදානයෙන්  ඉන්න ඔයාලට පුළුවන් වෙනවා.
  • තවත් බලන්න

 

FaLang translation system by Faboba