ජංජාලයක් නොවන නියම අන්තර්ජාල 
වෙබ් අඩවියක් යොවුන් පරපුරට 
2 වන කොටස
              එහෙමනම් අපි පටන්ගමු!
ඔබ කවුද ?
මොනවද ඔබ හොයන්නෙ ?
ඔබ, නව යොවුන් වියේ පසුවන ගැටවර කොල්ලෙකු/කෙල්ලකු,  තරුණයෙකු/තරුණියකු හෝ තරුණ වැඩිහිටියෙකු නම්, ඔබට බලපාන, විටෙක තැතිගන්වන,  සෞඛ්‍ය ගැටළු ගැන තොරතුරු සොයන කෙනෙක් නම්, ඔන්න දැන් නියම නිවැරදි නවාතැනක් හිතේ ගින්දර නිවාගන්න...
 
මෙය ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වෛද්‍ය උපදේශකවරුන් සහ යොවුන් සෞඛ්‍ය විශේෂඥයන් සමඟ එක්ව දියත් කර ඇති සමාජ සේවා ව්‍යාපාරයකි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කලේ ඔබට වඩාත් සමීප වෙමින්, එදිනෙදා දිවියේදී ඔබ මුහුණපාන ප්‍රශ්න සහ ගැටළු වලට, වඩාත් විශ්වාසවන්ත සහ පිළිගත හැකි තොරතුරු ලබා දී දැනුවත් කිරීම සඳහා ය. ආහාර රටාවලින් පටන්ගෙන රූපලාවන්‍යය වඩවාගැනීම, ලිංගික සෞඛ්‍ය සුවතාවය වගේම  විභාග ජයගැනීමට පවා අප මඟ පෙන්වනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇත්තෙන්ම මොනතරම් විනෝදජනක, අගනා ප්‍රතිථල ලබාදෙන්නක්ද කියලා අපගේ වෙබ් අඩවියට ඇතුල්වෙලා දැනගන්න.  
 
 {slider "ඔබ කව්ද?"}
 
හැමදේකටම කලින් ඔබෙන් අහන පළවෙනි ප්‍රශ්නය ... "ඔබ කව්ද?"
 
අර්ථ දැක්වීම් අනුව විග්‍රහ කරන්නේ, යොවුන් විය යනු "... ළමා වියෙන් පසු, එහෙත් වැඩිහිටියෙකු වන්නට පෙර, වයස අවුරුදු 10 ත් 19ත් අතර කාලයේදී එළඹෙන ශාරීරික වර්ධනය හා මානසික සංවර්ධනයයයි..."  ඔබ අයත් වියහැකි, වෙනත් අර්ථ දැක්වන මිණුම් කිහිපයකුත් තිබෙනවා.
 
ගැටවර විය13 - වසර 19
යෞවුන් විය10 - වසර 24
තුරුණු විය15 - වසර 24 
 
කොහොම නමුත්, අපට ලැබෙන අර්ථ දැක්වීම් කිසිවකින් යොවුන් විය යන්න හරිහැටි කියවෙන්නෙ නෑ. මේ හැමදේකටම පසු ඔබ තුළ ඉතා වේගවත් ශාරීරික, මානසික හා භාවාත්මක වෙනසක්  (හැඟීම් වශයෙන් වෙනසක්) ඇතිවෙනවා. ඔබ තවදුරටත් ළමයෙකුත් නොවෙයි. වැඩිහිටියෙකුත් නොවෙයි. ඔබ මේ දෙක අතර තැනකයි ඉන්නේ. 
 
ඔබට සමහරවිට, ලෝකය විවිධ අවස්ථාවන්ගෙන් සපිරී ආකර්ෂණීය ස්ථානයක් ලෙස පෙනිය හැකියි. එහි අත්හදාබැලීම් කිරීමට හා ගවේෂණය කිරීමට අවශ්‍ය වුවත්, අනෙක් අවස්ථාවලදී සිදුවන්නේ කුමක්දැයි ඔබ තේරුම්ගත් බවක් නොහැ‍ඟෙයි. එවිට ආපසු ළමා වියට පිවිස ළමයෙක් වන්නට සිතෙයි. සමහරවිට මානසික පීඩනය ඉතාම වැඩිවී පාලනය කරගත නොහැකි වන්නට පුලුවන. කිසිම කෙනෙකුට ඔබව තේරුම්ගත නොහැකි වෙනු ඇත.
 
ජීවිතයේ මෙම වැදගත් අදියරේදී යම්කිසි ගැටලුවක් ඇති වූ විට යා යුත්තේ කොහෙද යන්න ගැන මග පෙන්වීමට, කාලය සහ අත්දැකීම් ඇති උපදේශකයෙකු සොයාගැනීමට තරම් වාසනාවක් හැම කෙනෙකුටම නොතිබිය හැකියි. යෞවනයින් නුසුදුසු තීරණ ගනිමින්, නොගැලපෙන ක්‍රියාමාර්ග කරා යොමුවෙමින් වල්මත් වෙන බවක් අප දකින්නේ මේ නිසයි. ඉන්පසු ඔවුන් ගත් තීරණ පිළිබඳව ඉදිරි ජීවිතකාලය පුරාම නිරතුරුවම පසුතැවෙයි.
 
එමනිසා, අපේ http://yowunpiyasa.lk/ වෙබ් අඩවිය, ඔබට ඉතාම සහයෝගශීලී ළබැඳි සහකාරියක් වේවි කියලා අපි විශ්වාස කරනවා. එසේම එහි ඇති ලිපි මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් ලියා ඇති බැවින්, සියලු තොරතුරු යාවත්කාලීන හා නිවැරදි බවටත් සහතිකවෙනවා. අප මේ අවධිය පසුකරනා යොවුන් වියේ අය සමග මෙන්ම දිනපතාම නිවසේ රැඳීසිටින හා රැකියා කරන  නව යොවුන් වියේ අය සමඟද කටයුතු කරන බැවින්, ඔබ යන්නේ කොහේදැයි අප මනාව තේරුම්ගෙන සිටිනවා. එසේම ඔබ අසන්නට බියවෙන, අපහසුවට පත්වන්නා වූ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ද සොයාගත හැකිවෙයි. මේ සියලු තොරතුරු සහ උපදෙස් මගින් ඔබේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගනීවි කියලා අප බලාපොරොත්තු වෙනවා. 
 
 
ඔබයි අපේ රටේ තාරුණ්‍යයේ ජීවයෙන් පිරිපුන් යොවුන් පරපුර. 
ශ්‍රී ලංකාව දීප්තිමත් අනාගතයක් කරා මෙහෙයවන්නේ ඔබයි.
වාසනාවන් ! ජීවිතය විඳින්න !
අපේ සුබපැතුම් ! 

{slider ඇඟයි - හිතයි - මොළයයි හොඳින් තියෙනවද ?}

අපේ මේ ඇඟ, පංචස්කන්ධය නැත්නම් ශරීරය ගැන එක එක්කෙනා එක එක විදියේ දේවල් කිහලා තියෙනවා. කට්ටියක් කියන විදියට මේක "කලා කෘතියක් " වගේ... තවත් කට්ටියක් කියන විදියට "නූල් බෝලයක් වගේ අවුල් වෙච්චි යන්තරයක් "... සමහරු මේක දකිනවා වෙන්න පුලුවන් "හිත"හැංගිලා තියෙන පාළු ගුහාවක් විදියට. හැබැයි කොටින් කියනවා නම් ශරීරය කියන්නේ අපිට දවස පුරා වැඩකිඩ පෙන්වන්ට පුලුවන්, ලේ මස් ඇට නහරවලින් හැදිච්ච එකක්... "මෙව්වා" එකක්. 
 
ටිකක් වටපිට හොඳින් බැලුවොත් ඔබට පෙනේවි මිනිස්සු ඔක්කොටම තියෙන්නේ එක එක විදියේ බොඩි - ශරීරයවල් කියලා. ශේප් එක, සයිස් එක, කලර් එක, එකට එකක් වෙනස්. ඒ වුනාට සුවිශේෂයි. හැබැයි අපි ඔක්කොගේම බොඩියෙ - ශරීරයේ මෝස්තරෙ එකයි. අපි හැමෝම මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ එකම විදියට.
 
අපේ ශරීර හැදෙන්න පටන්ගන්නෙ සාමාන්‍යයෙන් ඇහැටවත් පේන්නෙ නැති පුංචිම පුංචි ශෛලයක් තවත් ඒ වගේම පුංචි ශෛලයක් එක්ක එක්කහු වෙලා. ඊට පස්සේ එක දෙක ගානෙ වැඩිවෙලා ශෛයිල විශාල ප්‍රමාණයක් හැදෙනවා. හෙමින් හෙමින් අපේ ඇඟ ඇතුලේ තියෙන හදවත පෙනහලු මොළය ආදී කොටස් ටික හැදෙනවා. අපි අම්මාගේ කුස තුළ හැදෙන්නේ අම්මාගෙන් ලැබෙන ගුණවත් සැපවත් පෝෂ්‍යදායක දෙවල් වලින්. අන්තිමේ අපි මේ ලෝකෙට බිහිවෙන්නෙ සති 40ක් විතර අම්මාගේ කුස ඇතුලේ ඉඳලා. මේ කාලයේ තමයි අපි වේගයෙන් හැදෙන්නෙ වැඩෙන්නෙ.
 
ඊට පස්සේ ආයෙත් අපි වේගයෙන් හැදෙන්න වැඩෙන්න පටන් ගන්නවා. ඒක සමහර විට අපේ වයසෙ ඉන්න අනික් අයට වඩා වැඩියෙන් වෙන්නත් පුලුවන්. හැදෙන වැඩෙන ශක්තිය අපි උප්පත්තියෙන්ම අරන් එන දෙයක්. දෙමව්පියන් උසනම් අපිත් ඒ වගේ උස යයි. ඒ ගොල්ලො සුදු නම් අපිත් සුදුවෙයි.....
 
ඔන්න අපි ඉලංදාරින් ළමිස්සියන් වෙලා තරුණ යොවුන් වියට ළංවෙනකොට ඇඟපත වෙනස්වෙන්න පටන් ගන්නවා. ළමා වියට ආයිබොං කියලා වැඩිහිටියන් වෙනවා. වැඩිවියට පත් වීමත් එක්කලා අපේ ලිංගික අවයව ආදියත් වර්ධනය වෙනවා. ලොකුවෙනවා. බොහොම වේගයෙන් මෙය සිද්ධවෙන්නෙ යන්ඩ පුලුවන් උසත් ගිහිං. අපි හිතනවා මෙතැනයි දැන් ඔබ ඉන්නෙ කියලා.
 
වැඩිවියට පත්වීමත් සමගම අපේ වර්ධනය නතර වෙනවා. ඊට පස්සෙ වෙන්නේ අපේ තියෙන දේවල් 'පවත්වාගෙන යාම' විතරයි. ඉතිං මේක සිද්ධවෙන්න කලින්, අපි තහවුරු කරගන්න ඕනේ අපේ වර්ධනයට ඕනෙ කරන සියලුම පෝෂ්‍යදායි ගුණදායි දේවල් පිළිවෙළකට ලබාගන්න.
 
එතකොට හිත ගැන මොනවද හිතන්නේ ? ඒකත් හරියට මොළය වගේමද ?
හිත කියන එක තේරුම් කරලා පහදලා දෙන්නෙ මෙහෙමයි. "හිත" කියන්නේ ඔබලා මුහුණදෙන  ලෝකයෙන්, අත්දැකීම් වලින් පරිස්සම් වෙන්න දෙන උපකරණයක් කියලා. හිතන්න පුරුදු කරන, හැඟීම් දනවන, සිතුවිලි සහ ඥානය දැනුම ලබා දෙන පාසැලක් වගෙයි කියලා. මොළය කියන්නෙ, "හිස් කබල ඇතුලේ පිහිටා තියෙන, මෘදු ස්නායු, පටක සහ ඉන්ද්‍රීයයන්ගෙන් සෑදුන, ඔබට දැනෙන 'සංවේදීතාවන් සහ බුද්ධිමය ක්‍රියාකාරකම් එකට එකතුකරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් "
 
අපේ මේ ඇඟ නැත්නම් ශරීරය ඇතුලේ "හිත" පිහිටලා තියෙන්නේ කොහෙද කියන එක අවුරුදු සියගණනක් තිස්සේ මේ අද වෙනතුරු විවාදයකට ලක්වෙලා තියෙන්නෙ. තවමත් නිෂ්චිත අවසානයක් කරා ළඟාවෙලා නැතත්, අපි හැමෝම සාමාන්‍යයෙන් දන්නවා හිත කියන්නේ අපේ සිතුවිලි, මතකයන් සහ හැඟීම් සමග කරන ගනුදෙනුවක් කියලා. පරිගණකයක් නැත්නම් කොම්පියුටරයක් ඇතුළත සියුම් ක්‍රියාකාරකම් සකස්කරන මයික්‍රෝප්‍රොසෙසර් එකක් වගේ, මොළයෙන් කරන්නෙත් අපේ ශරීරයේ සියලුම ක්‍රියාකාරකම් පාලනය කිරීමයි.
 
හිත කියන්නේ වේගයෙන් වෙනස්වන දෙයක්. ඉතාම සංකීර්ණ හැඟීම් ඇතිකරනවා. බොහෝ පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා විවිධාකාරී වෙනස් පුද්ගලයින් යම් යම් දේවල් හිතන ආකාරය සහ විග්‍රහ කරන ආකාරය. එහෙම වෙනස් විවිධ දේවල් දේවල් සිදුවන්නේ ඔබේ වයස අනුව කියලත් හෙළිවෙලා තියෙනවා.
 
දැනට අත්දැකීම් ලැබූ හෝ නුදුරු අනාගතයේ අත්කින්නට සුදානම්ව සිටින තුරුණු වියේ පසුවන්නෙක් ලෙස, ඔබතුළ සිදුවන ප්‍රායෝගික ශාරීරික වෙනස්කම් ගැන අපි පළමුවෙන්ම සාකච්ඡා කරමු.
 
මොකක්ද මේ 'වැඩිවියට' පැමිණෙනවා කියන්නේ ?
 
වැඩිවියට පැමිණෙනවා කියන්නේ යොවුන් වියේ පසුවන්නන් ලිංගික වශයෙන් මෝරා තවත් ජීවියෙක් නැත්නම් දරුවෙක් මෙලොවට බිහිකරන්න හැකියාව ලැබෙනවා කියන එකයි. ඉතිං මේ කාලය තුළදී ඔබ ළමාවිය පසෙක තබා ඉන් සමුගෙන, බෙහෝදුරට වැඩිහිටියෙක් බවට පත්වෙනවා කියන එකයි. ඔබේ ශරීරය දරුවන් ලැබීමට, දැරීමට සූදානම් වෙයි. අපි බලමු මේකේ තේරුම මොකක්ද කියලා.
 
කාන්තාවන්ට විශේෂයෙන් :
 
• තෙලාචේ   : පියයුරුවල, තනවල වැඩීම-වර්ධනය (සාමාන්‍යයෙන් වයස අවුරුදු 8.5 සහ 12.5 දක්වා)
• පියුබාචේ    : ශරීරයේ රහසිගත, පොදු තැන්වල මවිල් වැවෙනවා. ඉක්මණින් උස යනවා. (වැඩිවියට                                     පැමිණිනු වහාම)
• මෙනාචේ   : පළමු මාස් ශුද්ධිය  නැත්නම් ඔසප්වීම සිදුවීම (තෙලාචේ වලින් වසර 2.5කට පමණ පසු :                                 සංඥාවක් දෙනවා ඔබට උස යන්න තියෙන්නෙ තව සෙමී 5ක් විතරයි කියලා.
 
ඔබට දැනේවි ඔබේ බර වැඩිවෙනවා කියලා. ඒ වගේම සිරුර 'ලලනා' හැඩයක් ගන්නා බවකුත්.
 
මාස් ශුද්ධිය - ඔසප්වීම :
 
සාමාන්‍යයෙන් මසකට වරක් සිදුවෙයි. පොදුවේ ඔසප්වීමේ කාලය වශයෙන් මෙය හඳුන්වනවා. 'සාමාන්‍ය' තත්ත්වය අතර මෙහි පුළුල් වෙනසක් තියෙනවා.
 
චක්‍රාකාරව දින 21ත් 45ත් අතර සිදුවෙනවා.
රුධිරය - ලේ - පහවීම දින 3-7 දක්වා.
සාමන්‍යයෙන් එක් ඔසප්වීමකදී මි.ලී. 80ක පමණ රුධිරය-ලේ ඉවත්වෙනවා. 
( දිනකට 6 වතාවක් හෝ ලේ කැටිති පහවන්නේ නම් අසාමාන්‍යයි.)
 
ඔසප්වීමේ පළමු සහ මුල් වාර කීපයේදී එය ක්‍රමානුකූලව සිදු‍ නොවෙන්න පුලුවන්. ඒ වගේම ලේ ගැලීම සුලු වශයෙන් වෙන්න පුලුවන්. මන්ද ඔබේ ශරීරය තවමත් සිදුවන සියලුම වෙනස්කම් වලට හුරුවන නිසා.
 
සමහර ගැහැනු ළමයින්ට නම් කිසිම වේදනාවක් නෑ. නමුත් සමහරකගේ සුලු වශයෙන් මාංශ පේෂි සිරකරන, කෙන්ඩා පෙරලෙන බවක් හෝ අධික වේදනාවක් දැනෙන්න පුලුවන්. ඉතිං ප්‍රශ්නයක් නෑ අවශ්‍ය නම් ඒකට වේදනා නාශක ඖෂධයක් ගත්තා කියලා.
 
මේ මාස්ශුද්ධිය නැත්නම් ඔසප්වීම ගැන, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායි ඇදහීම් සමග මිත්‍යා මත සහ විශ්වාසයන් ගණනාවක් පැතිරී තිබෙනවා. මතක තබාගන්න, මෙය ඉතාම ස්වාභාවික සිදුවීමක් මෙන්ම, යම් කාන්තාවක් වැඩිහිටි භාවයට පත්වුණා, වර්ධනය වුණා කියලා දෙනු ලබන සංඥාවක්. ඉඟියක්. ඔබේ අම්මාට සහ මිත්තනියටත් මෙය සිදුවී තිබෙනවා. ඔබේ සියලුම මිතුරියන්ටත් මෙය සිදුවෙනවා. මාසික ඔසප්වීම නැත්නම් මාස් ශුද්ධිය අවුරුදු 50 පමණ වනතුරු සිදුවෙනවා. එය ඔබ කාන්තාවක් වීමේ උරුමය. එය තෑග්ගක්. ඔබ දන්නවනේ මාසයේ මෙය සිදුවන දිනවලදීත් නාන්න, ක්‍රීඩා කරන්න, සාමාන්‍යය කෑමබීම සුපුරුදු විදියට කන්න බොන්න පුලුවන් බව. 
 
පිරිමි ළමුන්ට විශේෂයෙන් :
 
වෘෂණ කෝෂ දෙකකින් හා ලිංගයකින් සමන්විත ඔබේ ලිංගේන්ද්‍රියේ වැඩීමක්, වර්ධනයක් සිදුවෙනවා. මෙය සායනික පරීක්ෂණ වලින් මැනබලා තිබෙනවා, ලිංගේන්ද්‍රියේ පරිමාව, මි.ලි.4 ක ප්‍රමාණයෙන් විශාල වෙනවා කියලා. එය වැඩිවියට පත්වීමේ පළමු ඉඟියයි. සංඥාවයි.(අවුරුදු 10 පමණ වයසේදී මෙය වෙන්නෙ)
 
• රහසිගත ප්‍රදේශයේ මවිල් වර්ධනය වීම  : ලිංගේන්ද්‍රියේ පරිමාව විශාල වූ සැණින් සිදුවෙයි. 
• ලිංගේන්ද්‍රිය දිගුවීම-ප්‍රාණවත් වීම            : දළ වශයෙන් වැඩිවියට පත්වී මාස 18ක් පමණ ගතවූ පසු                                                                               ලිංගේන්ද්‍රියේ පරිමාව මි.ලි. 12-15 දක්වා වර්ධනය වීමෙන්                                                                            සිදුවෙයි.
 
ඔබ ශක්තිමත් වෙනවා. ඇඟේ මස්පිඩු වැඩෙන්න වර්ධනය වෙන්න පටන්ගන්නවා. පළමුව ටිකක් අමුතු වුණත්, ඔබේ කට හඬද වෙනස්වෙන්න පටන්ගන්නවා. ඒ වුණාට අවසානයේ ගැඹුරු, වඩා පරිණත හඬක් ලැබේවි. ඔබේ හරියට හොරා කන්න ගිහිං ඇපල් කෑල්ලක් හිරවුණා වගේ, උගුරේ-බෙල්ලේ පොඩ්ඩක් ඉදිරියට නෙරා ඇති බවක් පෙනෙවි. එහෙම පේන්නේ ඔබේ "ස්වරාලය" නොහොත් "ශබ්ද පෙට්ටිය" වැඩෙන - වර්ධනය වෙන නිසා.
 
ඔබේ මුහුණෙ රැවුල වැවෙන්නත් පටන්ගන්නවා - උඩු රැවුල, යටි රැවුල කණ හරියේ "සයිඩ්බර්න්ස් "
 
ඔබේ පුරුෂ ලිංගය - දැඩිවී - විශාල වෙනවා. කෙළින් වෙනවා. එහෙමවෙන්නෙ, ඔබ ලිංගික වශයෙන් යම් කෙනෙකු දැක කැළඹුනාම, නොඉවසුම් සහගත වුණාම. මෙය ඉතාම සාමාන්‍ය ස්වාභාවික දෙයක්. නමුත් ඔබ සුලු වෙලාවකින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. රාත්‍රියේ නින්දේදී ද මෙවැනි මෝචනයක් සිදුවී, ශුක්‍රධාතු පහවීමක් සිදුවිය හැකියි. එයත් ඉතාම සාමාන්‍ය තත්ත්වයක්.
 
ගැහැනු පිරිමි දෙගෙල්ලන්ටම : 
 
කුරුලෑ, කිහිළි යට කෙස් - මවිල් වැඩීම සහ ඔබේ ශරීරයෙන් වාහනය වන දුර්ගන්දය ( ඔබ තුළින් දැඩි දුර්ගන්ධයක් එන්න පුලුවන් )
 
මෙම සියලු වෙනස්කම් ඔබට පේන්නෙ නැති, ශරීරයේ ඇතුළත හැදෙන, වැගිරෙන, ශ්‍රාවය කරන, රහසිගත 'හෝමෝන' නිසා ඇති වෙන්නක්. වැඩිපුරම කාන්තාවන්ගේ නම් ඊස්ට්ටජන් හෝමෝනය නිසාමයි. ඊස්ට්ටජන් නිපදවීම තුළින් විශාල වෙනසක් පිරිමින් තුළත් ඇතිවෙනවා. හදිසියේ ඔබේ උස වැඩි වුනොත් ඒකට වගකියන්න ඕනේ මේ හෝමෝනයයි. නමුත් හෝමෝන මගින් වර්ධනය නැවත්වීම සඳහා ඉඟියක් - සංඥාවක් කරනවා. පිරිමි ළමයින්ගෙ මේ උස යාමේ ලක්ෂණය ඇතිවන්නෙ ටිකක් පසුවෙලා. නමුත් පටන්ගත්තාම නම් ඉහළම වේගෙන් එය සිදුවෙනවා. ඒ නිසා තමයි මිශ්‍ර පාසැලක 5 - 6 ශ්‍රේණිවල ඉන්නා ගැහැනු ළමයි පිරිමි ළමයින්ට වඩා උස. ඒ වුණාට පිරිමි ළමුන් ඒ තැනට ඉක්මණින්ම එනවා. වැඩිවිය පත්වන කාලයේ සිදුවන මෙම වෙනස්කම් Tanner අදියරේ පහත ඇති රූප සටහන්වල  පෙන්නුම් කරයි.
 
[ රූප සටහන් වලට අදාළ සිංහල වචන   ]
 
Pubic Hair Growth                        -උකුලේ කෙස් වර්ධනය
Breast Development                    - පියයුරු වර්ධනය
Stage 1 අදියර 1 (prepubertal      - වැඩිවියට පෙර )
Stage 5 - අදියර 5  Mature Adult  - පරිණත වැඩිහිටි ]
 
 

puberty 2

[ රූප සටහන් වලට අදාළ සිංහල වචන  ]
 
Pubic Hair Growth                        -උකුලේ කෙස් වර්ධනය 
Breast Development                    - පියයුරු වර්ධනය
Stage 1 අදියර 1 (prepubertal      - වැඩිවියට පෙර )
Stage 5 - අදියර 5  Mature Adult  - පරිණත වැඩිහිටි
 
මේ අතරේ, මොනවද ඔබේ හිත ඇතුලේ වෙන්නේ ?
යොවුන් වියේ කෙනෙක් හැටියට වෙලාවකදි ඔබට නොහිතෙන දෙයක් නෑ. විකාර අදහස් හිතට එනවා. මෙයින් තේරෙන්නෙ ඔබ නිරීක්ෂණය කරන බවයි. අලුත් නියායන්, පරීක්ෂණ කරනවා  තමුන් නිවැරදිද කියලා දැනගන්න. ඔබ දාර්ශනික සංකල්ප සිතනවා. ඔබේ නිරීක්ෂණයන් මත තර්කානුකූලව අවසානයක් දකින්න උත්සාහ කරනවා. ඔබ තේරුම් ගන්නවා හැම දෙයක්ම "කලු හෝ සුදු" වගේ පැහැදිලි නෑ. ඔබත්, ඔබේ අදහස් ද වෙනස්වෙනවා. නම්‍යශීලී වෙනවා. 
 
ඔබ යන්නේ ශාරීරික වශයෙන් වෙනස්වන කාලයක නම් ටිකක් කැළඹුනු බවක් තියෙන්න පුලුවන්. ඒ අතරෙ ඔබේ ජීවිතයේ වෙනත් වෙනස්වීම් සිදුවෙන්න පුලුවන්. අලුත් ඉස්කෝලෙකට යාම, ඉගෙනගන්න එකයි ක්‍රීඩා කටයුතුයි වඩාත් හොඳින් කරන්න, යාළු මිත්‍රයින් සමග තරගකරන්න වගේ දේවල්. මෙන්න මේ කාලේ තමයි ඔබ කවුද? මොන වගේ කෙනෙක්ද? කියන එක හොයාගෙන යන්නෙ. ඒ වගේම ජීවිතයට අර්ථයක් දකින්න උත්සාහ කරනවා. ඉතිං අසාමාන්‍ය විදියට හැඟීම්වලට බරවීම ස්වාභාවික දෙයක්. මතකද ඔබට අපි "හෝමෝන" ගැන කතා කළා. දිනපතාම වගේ සිදුවන මේ හැඟීම් සහ මානසික තත්ත්වයන්ට බාගෙට බාගයක් වගකියන්න ඕනෙ ''හෝමෝන''.
 
මේ කාලයේ ඔබ විරුද්ධ ලිංගිකයින් කෙරෙහි වැඩි උනන්දුවක්, ආකර්ශනයක් දක්වනවා කියලා ඔබටම දැනෙන්න පුලුවන්. ඔබට දැනිලත් ඇති බොහෝ අලුත් දේවල් ඔබේ සම වයසෙ යාලු මිත්‍රයින් දැනටමත් හඳුන්වා දී තිබෙන බව. මෙන්න මෙතෙන්දි ඔබ හිතනවා ඔබේ දෙමව්පියන් වැඩිහිටියන් ''හිතවතුන් '' නෙවෙයි, ඔබව ''තේරුම්ගන්න බැරි '' අය කියලා. එහෙම හිතලා ඒ සම වයසෙ යාලුවන්ගෙ අදහස්, උපදෙස් පිළිගන්න කැමති වෙනවා. මෙතෙන්දි ඔබ මතක තබාගන්නම ඕනෙ දෙයක් තියෙනවා. ඔබේ සම වයසෙ මිතුරන් මොනවා කිව්වත් කළත්, ඔවුන් කියන්නේ ඇත්ත නොවෙයි. ඊට වඩා හැම අතින්ම හොඳයි ඔබේ දෙමාපියන්ගෙ, වැඩිහිටියන්ගෙ අත්දැකීම් විශ්වාස කරන එක කියලා.
 
 
මෙය නව යොවුන් වියේ පසුවන ඔබේ සාමාන්‍ය තත්වයයි. වගකීමක් ඇති වැඩිහිටියෙකු ලෙස, ඔබේ ගතයි සිතයි දෙකම ඉදිරියේදී එන නව අභියෝග රැසකට මුහුණදෙන්න සූදානම් කරගන්නවා. මේ වෙනස්වීම් සහ ඔවුන් ඔබට දුන් දේවල් තේරුම්ගන්න. සෑම අලුත් දවසකටම ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණදෙන්න ඔබට එය මහත් ශක්තියක්, උපකාරක් වේවි.
 
 
 Puberty 2Puberty 3

 

Translations of Artwork texts :
 
Healthy Body - Healthy Mind = Happy Life 
නිරෝගී ශරීරයක් - නිරෝගී මනසක් = ප්‍රීතිමත් ජීවිතයක්
Your Mind is a Garden
ඔබේ හිත උද්‍යානයක්
Your thoughts are the Seeds
ඔබේ සිතුවිලි බීජයි
You can grow flowers
ඔබට මැවිය හැකියි මල්
Or you can grow Weeds 
නැත්නම් වැවිය හැකියි වල්
 
 
FaLang translation system by Faboba