නව යොවුන් වියේදී ඇතිවන අපස්මාරය
වලිප්පුව හැදෙන කොට පුද්ගලයෙක් හොඳ සිහියෙන්, තරමක් අසිහියෙන් නැත්නම් සිහිය නැති තත්ත්වයකින් ඉන්න පුලුවන්, නින්දේ ඉන්න කොටත් මේ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. මෙම රෝගී තත්ත්වය ඇති වෙන කොට අත් පා දැඩි වීම, රිද්මයානුකූලව ගැස්සීම, ඇස් ඉහළට රෝල්වීම, මළ මුත්‍රා නොදැන පිටවීම, උස් හඬක් පිටවීම සිදුවෙන්න පුලුවන්.
|
|
මෙම රෝගය පාලනය කිරීම සඳහා,
|
Anti-epileptic drugs (AEDs) අපස්මාරය සඳහා ප්‍රතිකාර ලෙස යොදාගනියි. එම බෙහෙත් මොළයේ excitability පාලනය කිරීම මගින් ෆිට් ඇතිවීම වළක්වාලයි. කෙසේ වෙතත්, මෙම ඖෂධ මගීන් අපස්මාරය සුව කල නොහැක.
විවිධ ඖෂධවර්ග ප්‍රතිකාර ලෙස බාවිතා කෙරේ. සමහර අයට ෆිට් වර්ගය අනුව සමහර ඖෂධ වර්ග සඳහා වඩාත් සුදුසුවේ.
ඔබ වෙනුවෙන් වෛද්‍ය වරයෙකු හෝ විශේෂඥ වෛද්‍ය වරයෙකු වඩාත් සුදුසු ඖෂධ වර්ගය තීරණය කරනු ඇත. ආරම්භයේ දී අඩු මාත්‍රාවකින් පටන්ගෙන අදාල පරිදි වැඩිකරනු ලැබේ. මේ ආකාරයට මූලික අතුරු ආබාධ අවම වශයෙන් තබා ගත හැකිවේ.
එක් බෙහෙත් වර්ගයක් (Monotherapy) යොදාගනිමින් රෝගය පාලනය කිරීම බොහෝවිට සිදුකරයි. එසේ පාලනය කිරීම දුෂ්කර වු විට බෙහෙත් කීපයක් (Polytheraphy) යොදාගැනේ.
ප්‍රතිකාරගන්නා ආකාරය
එක් එක් නිර්දේශිත දෛනික මාත්‍රාව ලබාගතහැකි මාදිලි රැසක් ඇත. උදා. පෙති, දියර ආදි ලෙස. දවසේ නිසි අවස්ථාවේ දී, නිතිපතා අදාල බෙහෙත ලබා දිය යුතුය.
කොපමණ කල් ඔබ බෙහෙත් ගත යුතුද?
සාමාන්‍යයෙන් අපස්මාරය විරෝධී බෙහෙත් (anticonvulsants) අවසාන ෆිට් එකේ සිට වසර දෙකක අවම කාල සීමාවක් සදහා භාවිතා කරනු ලැබේ. කෙසේ වෙතත්, සමහරවිට රෝගය අනුව මීට වඩා දිගු කාල සීමාවක් සඳහා ඖෂධ දිගින් දිගටම ගැනීමට අවශ්‍යවේ.
ඔබේ වෛද්‍යවරයා, නිවැරදි කාලයේ දී ඖෂධ අඩුකිරීම ආරම්භකරනු ඇත. එතෙක් කිසිදු ඖෂධයක් වෛද්‍ය උපදෙස් නොමැතිව නතර නොකළ යුතුයි. බෙහෙත් ගන්නාවිටද නිතර නිතර ෆිට් එක ඇතිවේනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත.
ඖෂධ වර්ගය වෙනස්කිරීම
ෆිට් එක පාලනය කර ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මේ සඳහා ඖෂධ ලබාදීමේදී බෙහෙත් වර්ගය මරුකිරිමටද සිදුවේ.
එවිට අලුත් බෙහෙත අඩු මාත්‍රාවක සිට ක්‍රමක් ක්‍රමයෙන් වැඩිකර, නිසි මාත්‍රාවට පැමිණි විට, පැරණි ඖෂධ ක්‍රමයෙන් අඩු කිරීම, සිදුකරයි.
මෙම රෝගය සෑදීමට හේතුව මෙතෙක් සොයාගෙන නැති නමුත් සමහර කාරණා වලින් රෝගය ඇතිවීමට පෙලඹ වීමක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එම කරුණු පිළිපැදීමෙන් අපස්මාරය පාලනය කොට වඩා යහපත් ජිවිතයක් ගත කිරීමට වට පිටාව සකස්කර ගන්න පුලුවන්.
එම කාරණා නම්
■ මාත්‍රා මග හැරීම
■ අධික මත්පැන් පානය
■ කොකේන් හෝ මොලය උත්තේජනය කරන මත් ද්‍රව්‍ය භාවිතය
■ නිදි මැරීම
■ අපස්මාර ප්‍රතිකාර ඹෟෂධ වර්ග වල ක්‍රියාකාරිත්වයට බාධා ගෙන දෙන වෙනත් ඹෟෂධ වර්ග භාවිතා කිරීම
■ වලප්පුව සෑදීමේ දී කෙටි කාලයකට සිහිය නැතිවෙන්න පුලුවන්. මෙම අසිහියෙන් සිටින කාලයේ දී ආමාශ ගත ද්‍රව්‍ය ශ්වසන නාල හරහා පෙනහළු වලට යාම වැලැක්වීම ඉතා වැදගත්. ඔයාට මෙවැනි අවස්තාවකට හදිසියේ මුහුණ දීමට සිදු වුව හොත් කලබල නොවී රෝගියා ඇලයට හරවා, හිස පසෙකට ඇලවෙන ලෙස තබා ගන්න. මෙම ඉරියව්වෙන් තබා ගන්නේ අමාශ ගත ද්‍රව්‍ය පිට උගුරේ යාම වලක්වා ගැනීමටත් දිව පසුපසට නැමී ශ්වසන මාර්ගය අවහිර කිරීම වලක්වා ගැනීමටත් ය.
■ හැඳි පැන්සල් ආදිය මුඛය තුළට දාන්න එපා.
■ විනාඩි 5 කට වඩා වලිප්පු තත්වය පවතිනවා නම් පෙර සඳහන් කළ ලෙස ඇල ඉරියව්වෙන්ම රෝගියා තබා ගනිමින් ළඟම ඇති රෝහල වෙත රැගෙන යන්න.
දැන් ඔබ අපස්මාර රෝගය සම්බන්ධව කරුණු දන්නා බැවින් සමාජයේ මේ පිළිබඳව ඇති දුර්මත නැති කිරීමට ද උදව් වෙන්න පුලුවන්.