මැලේරියා කියලා කියන්නේ තදබල, සමහර විට මරනය පවා ගෙනදිය හැකි රෝගයකි. ප්ලාස්මෝඩියම් පවුලේ පරපෝෂිතයන් වර්ග 5න් එක් පරපෝෂිතයෙක් නිසා හැදෙන මැලේරියාව ආසාදිත මදුරුවෙකුගේ දෂ්ඨ කිරීම නිසා මිනිසුන්ට බෝවෙනවා. ඔයා නිතරම එහෙ මෙහෙ යන එන ගැටවරයෙක් හරි පිටරට ඉදලා එන අයව ඇසුර කරන කෙනෙක් හරි නම් ඔයාට මේ රෝගය හැදීමේ අවධානමක් තියෙනවා.

ශ්‍රී ලංකාවේ මැලේරියාව පැතිර යන එක පාලනය කරල තියෙන්නේ. ඒත් මැලේරියා ස්ථානික රටවල් වලින් එන අයගෙන් අපිට මේ රෝගය එන්න පුළුවන්.
සමහර විට ඔයාට මැලේරියා තියෙන රටක ජීවත් වෙන්න වුණොත්, ඉර බහින වෙලාවේ ඉඳන් පසුවදා ඉර නගින වෙලාව වෙනකම් කාලයෙදි මැලේරියා රෝගය බෝවීමේ අවධානම තියෙනවා. ඔයා මදුරුවන් දශ්ඨ කිරීම අධික මේ කාල සීමාවේදී එළිමහනේ වැඩ වල යෙදෙනවා නම්, ඈත ගම්බද ප්‍රදේශවල රෑට ඉන්න වෙන සංචාර එහෙම කරනවා නම්, ඔයා ඉන්නේ ටිකක් ලොකු අවදානමක.

පහත දක්වලා තියෙන විදිහට වැඩ කළොත් මැලේරියා අවදානම අඩු කර ගන්න ඔයාටම පුළුවන්.

  • සිරුර වැසෙන විදියට අත් දිග හා දිග කකුල් / සාය තියෙන ඇඳුම් අඳින්න.

  • මදුරු විකර්ශක හෝ ආලේපන භාවිතා කරන්න.

  • රාත්‍රියේ හා හිමිදිරියේ එළිමහනේ ගැවසීමෙන් වැළකින්න. (වනාන්තර තුළ පරිසර සංචාරයෙන් වළකින්න.)

  • ඇඳ දැල් තුළ නිදන්න. කල්පවත්නා කෘමි විකර්ෂක ගැල් වූ ඇඳ දැල් නම් වඩාත් සුදුසුයි.

  • මැලේරියා වළක්වන ඖෂධ ගන්න.

මැලේරියා පරපෝෂිතයන්ගෙන් ආසාදිත මදුරුවන් දෂ්ඨ කළොත් මැලේරියාව ඔයාට බෝ වෙනවා. මේ රෝගය පතුරවන මදුරුවන් සාමාන්‍යයෙන් ක්‍රියාකාරී වන්නේ ඉර බැසීමේ සිට ඉර නැඟීම දක්වා කාලයේ නිසා, ඒ ගැන ඔයාට සැළකිලිමත් වෙන්න වෙනවා.

මැලේරියා පරපෝෂිත වර්ගය අනුව රෝග ලක්ෂණ ඇති වෙන්න සතියක සිට මාස කිහිපයක් දක්වා කාලය ගත වෙන්න පුළුවන්. රෝගය තදින් ඇති වුණොත් කෝමා තත්ත්වය, වකුගඩු අකර්මන්‍ය වීම වගේම කම්පනය ඇතිවීම සිදුවෙනවා. එහෙම වුණොත් මරණයට පත් වෙන්නත් ඉඩ තියෙනවා.

මැලේරියාව හැදුනහම බහුලව දකින්න පුළුවන් රෝග ලක්ෂණ මේවයි.

  • උණ

  • දහදිය දැමීම

  • සීතල

  • හිසරුදාව

  • උදරයේ වේදනාව

  • මාංශ පේෂීවල වේදනාව

  • ඔක්කාරය හා වමනය

  • පාචනය (ඩයරියා)

  • අසනීප ගතියක් දැනීම
    ඒ වගේම අපි මැලේරියා බහුලව තියෙන රටවල් ගැනත් දැනගෙන ඉන්න එක හොඳයි. පහත සටහනේ තියෙන්නේ ඒ රටවල්.
    ඇප්ගනිස්ථානය / ඇන්ගෝලාව / බංගලාදේශය / බෙලීස් / බෙනින් / භූතානය / බොලීවියාව/ බොස්ට්වානා / බ්‍රසීලය / බර්කිනා පැසෝ / බුරුන්ඩි / කාම්බෝජය / කැමරූන් / මධ්‍යම අප්‍රිකානු ජනරජය/ චැඞ් / චීනය / කොලොම්බියාව / කොමරෝස් / කොංගෝ / කොස්ටරීකා / කෝට්ඩිඅයිවරි / ඩිජිබවුටි/ ඩොමිනිකන් සමූහාණ්ඩුව / ඉක්වදෝරය / ඉක්අටෝරියල් ගයනා / එරිත්‍රියාව / ඉතියෝපියාව / ප්‍රෙන්ච් ගයනා / ගැබොන් / ගැම්බියා / ඝානා / ගෝතමාලා / ගයනා / ගයනා බිසව් / හයිටි / හොන්ඩුරාස් / ඉන්දියාව / ඉන්දුනීසියාව / ඉරානය / ඉරාකය / කෙන්යාව / ලාඕ පී ඩී ආර් / ලයිබීරියාව / මැඩගස්කරය/ මලාවි / මැලේසියාව / මාලි / මුරිටේනියාව / මෙයොට් / මොසැම්බික් / මියන්මාර් / මෙක්සිකෝ / නැමීබියා / නයිගර් / නයිජීරියා / නේපාලය / නිකරගුවා / පකිස්තානය / පැනමා / පැපුවානිව්ගිනියා / පේරු/ පිලිපීනය / පැරගුවේ / රුවන්ඩා / සාඕටොමේඔසහප්‍රින්සිපේ / සවුදි අරාබිය / සෙනගාලය / සියරාලියෝන් / සොලමන් දූපත් / සෝමාලියාව / දතුණු අප්‍රිකාව / සූඩානය / ස්විස්ටර්ලන්තය / සූරිනාම්/ තායිලන්තය / ටිමෝර් ලෙසතේ / ටෝගෝ / තජිකිස්තානය / තුර්කිය / උගන්ඩාව / ටැන්සානියාව/ වැනටු / වියට්නාමය / වෙනිසියුලාව / යේමන් සොකොට්රා දූපත් / සැම්බියාව / සිම්බාබ්වේ.

{slider මැලේරියාවෙන් ප්‍රවේසම් වෙන්නේ කොහොමද?}

ඒක අමාරු දෙයක් නෙමෙයි. ඔයා විදේශයක සංචාරය කරන්න සැලසුම් කරනවා නම්, (විශේෂයෙන් ඉහතින් දැක් වූ රටවල් වලින් එකක) සංචාරයට සති 2කට කළින් නාරාහේන්පිට මැලේරියා මර්ධන වැඩසටහන් කාර්යාලයට යන්න අමතක කරන්න එපා. එතන දී ඔයා මැලේරියා වළක්වන ඖෂධ ගන්න ඕනැද නැද්ද, ගන්න ඕනැ නම් ඒ ඖෂධ මොනවද කියලා උපදෙස් ලබා ගන්න පුළුවන්. ඔයා යන රටේ දී මැලේරියා වැළඳීමේ අවදානමක් තියෙනවා නම් ලංකාවෙන් යන්න සතියකට කලින් මැලේරියා වළක්වන ඖෂධ ලබාගන්න ඕනැ. විදේශ සංචාරය තුළදියි, ශ්‍රී ලංකාවට නැවත ඇවිත් වසරක කාලයක් තුළයි, ඔයාට උණ වැළඳුණොත් මැලේරියා සඳහා පරීක්ෂා කර ගන්න. වෛද්‍යවරයා ඔයාව පරීක්ෂා කරන්න කලින් ඔයා මැලේරියා බහුල කලාපයක සංචාරය කළා කියලා කියන්න අමතක කරන්න එපා.
මැලේරියා මර්ධන ව්‍යාපාරයේ දුරකථන 0117626626 හෝ 011223408/ 0112258408 අංක වලට අමතලා මේ ගැන තවත් කරුණු දැන ගන්න ඔයාට පුළුවන්

{/sliders

 

FaLang translation system by Faboba