වැඩිවිය පැමිණීමත් සමග නොකඩවාම උස්මහත් වෙමින්, වැඩෙන යෞවනියන් බොහෝ ගැටලුවලට මුහුණපානවා. ඔසප්වීම (මාස්ශුද්ධිය) නියමාකාරව සිද්ධ නොවීම බොහෝ යොවුන්වියේ ගැහැනු ළමයින් අතර ඇති පොදු ප්‍රශ්නයක්, ගැටළුවක් වන බැවින්, ඔවුන් ඒ සඳහා වෛද්‍ය උපදෙස් මෙන්ම නාරිවේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

සාමාන්‍යයෙන් ස්වාභාවික, ක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නේ එකම කාලයක් තුළදී ඔසප්වීම සිදුවීමයි. මෙය දළ වශයෙන් දින 28 කට වරක් වන නමුත් ඊට දින කීපයක් කළින් සිදු වුවද එය සාමාන්‍ය ලෙස සැලකෙයි. මේ ඔසප්වීමේ කාලය තුළ සාමාන්‍යයෙන් මාසිකව මිලි 30 ත් - 50 ත් අතර ලේ ප්‍රමාණයක් ඔබට අහිමි වෙනවා. ඉවතට යන ලේ ප්‍රමාණය කොපමණද යන්න කාන්තාවක‍ගෙන් කාන්තාවට වෙනස් වෙනවා. එසේ ඉවත්වන ලේ ප්‍රමාණය ගණනය කිරීම සඳහා ඔසප්වීමේ වාරය තුළ ලේ වහනය සඳහා කොතරම් ආවරන පෑඩ් සහ ටැම්පොන් ප්‍රමාණයක් පාවිච්චි කලාද වැනි මිනුම් ක්‍රම කීපයක්ම තිබෙනවා.

අසාමාන්‍ය ඔසප් චක්‍රය නව යොවුන් වියේ ගැහැනු ළමයින් අතර දැකිය හැකි පොදු ප්‍රශ්නයක් වන අතර ඔසප්වීම ආරම්භයත් සමග ඇතිවන මේ නව පියවර මිනාර්චේ - menarche - ලෙස හඳුන්වනු ලබනවා. මේ අවදියේදී එයට සාමාන්‍යයෙන් පුළුල් පරීක්ෂණ වුවමණා කරන්නේ නෑ. නමුත් යම් යම් සුවිශේෂි අවස්ථාවලදී බඩේ (උදරයේ) සහ යෝනිය ආශ්‍රිත උකුල (pelvis) ප්‍රදේශයේ ඇතුළත ඇති, පියෙවි ඇසට නොපෙනෙන ගැටළු සුවකරගැනීමට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කළ හැකි වෛද්‍යවරයෙකුගේ සහය ලබාගත යුතු බවට උපදෙස් අප දෙනවා.

1. ප්‍රමාණය
ඔබේ ඔසප්වීමේ කාලය තුළ සිදුවන අධික ලෙස රුධිර වහනය, ආවර්ත රීතිය "menorrhagia" ලෙස හඳුන්වනවා. අධික රුධිර වහනයට නිසි පරිදි ප්‍රතිකාර නොකළහොත් එය යකඩ ඌනතාවයට / රක්තහීනතාවයට හේතු විය හැකියි.

2. කාලය හෝ සංඛ්යාතය
සාමාන්‍ය දිනදර්ශන (කැලැන්ඩර්) මාසයකදී ඔසප්වීමේ චක්‍රය මසකට එක් වරක් සිදුවීම සාමාන්‍ය වන නමුත් කලාතුරකින් ඔසප්වීම නිතර නිතර සිදුවිමක් ද දැකිය හැකියි.

3. රුධිරය වහනය වීමේ කාලය
ඔසප්වීමේ චක්‍රය තුළ රුධිරය වහනය වීම සිදුවන්නේ දින 3ත් - 7ත් කාලයකය. ඔසප්වීමේ චක්‍රයට අනුව නිතිපතාම රුධිරය වහනය වන කාලය වැඩිවේ නම් එය "ආවර්ත රීතිය" menorrhagia ලෙස හැඳින්වේ.......

4. වේදනා
ඔසප්වීමේදී දැනෙන සුලු බඩේ (උදරයේ) වේදනාව අසාමාන්‍ය දෙයක් නොවෙයි. මේ ඔසප්වීමේ කාල සීමාව තුළ දැනෙන වේදනාව "dysmenorrhea" ලෙස හඳුන්වනු ලබනවා. බොහෝ විට, වේදනාව තරමක් දරුණු විය හැකි අතර නිතරම පාසල් නොයා සිටීමට එය හේතුවක් විය හැකියි. වේදනාව බොහෝ විට ඔසප්වීමේ කාලය ආරම්භයත් සමගම පටන්ගෙන පැය 24 - පැය 48 ක් පුරා තිබිය හැකියි. එමෙන්ම ඔක්කාරය සමඟ වමනය යෑම, කලවාවල කැක්කුම හා පිට කොන්දේ වේදනා ආදිය ඇතිවිය හැකිය.


5. ඔසප්වීමේ ක්‍රමිකතාවයේ හැටි
ඔසප් වීම සාමාන්‍යයෙන් සෑම මසකටම වරක් සිදුවෙන පොදු සිදුවීමක්, ක්‍රියාවලියක්. නමුත්, සමහර කාන්තාවන්ට එලෙස සිදු නොවෙන අවස්ථා අත්දකින්න පුලුවන්.

6. වැඩිවියට පැමිණීමේ කාලය
මිනාචේ නැත්නම් ජීවිතයේ මුල් කාලයේ වයස අවුරුදු 8ට පෙර සිදුවන පළමු ඔසප් වාරය හඳුන්වන්නේ,"නොමේරූ වැඩිවිය පැමිණිම" ලෙසයි. අවුරුදු 16 දක්වා ඔසප්වීම සිදු නොවුනහොත් "මූලික ඔසප් නොවීම " යනුවෙන් හෝ නැත්නම් "කල්ගතවූ වැඩිවිය පැමිණීම" ලෙස හඳුන්වනු ලබනවා.

1. අල්පාර්තවය ( OLIGOMENORRHOEA)

මොකක්ද මේ කියන්නේ ?
දින 35ක් හෝ ඊට වඩා වැඩි කාල සීමාවක් අතරතුර තුළ කලාතුරකින් සිදුවන ඔසප්වීම මේ නමින් හැඳින්වෙයි. මේ තත්ත්වයේ පසුවන කාන්තාවන්ට වසරකට 4 සිට 9 දක්වා වාර ගණනක් ඔසප්වීම සිදුවන අතර ඔසප්වීමේ කාලය තුළ ලේ වහනය වීම අඩු හෝ අධික විය හැකියි. අවිධිමත් හෝ කලාතුරකින් සිදුවන මෙවැනි ඔසප්වීම්, තම කැමැත්තෙන් තොරව සිදුවන ඔසප් චක්‍රයේ ප්‍රතිඵලයක් වන අතර, ඔසප්වීම ආරම්භයත් සමගම ඉතා ඉක්මනින් සිදුවන සාමාන්‍ය දෙයකි. නමුත් ඔවුන් ද සමහරවිට තරබාරු හෝ ශරීරයේ බර අඩු අය විය හැකියි.

රෝග විනිශ්චය
අධිශබ්ද තරංග ස්කෑන් [Ultra Sound Scan] මගින් සාමාන්‍යයෙන් උදරය තුළ ඇති මෙවැනි ආබාධ හඳුණාගත හැකි වෙයි.

ප්‍රතිකාර
කලාතුරකින් සිදුවන මෙවැනි අසාමාන්‍ය ඔසප්වීම්, නව යොවුන්වියේ දී සාමාන්‍ය දෙයකි. රෝග ලක්ෂණ වසරකට වැඩි කාලයක් අඛන්ඩව පවතී නම් හැර, වැඩිදුර පරීක්ෂණයක් වුවමනා වෙන්නේ නැහැ.

2. දුරාර්තවය - DYSMENORRHOEA

මොකක්ද මේ කියන්නෙ ?
දුරාර්තවය යනුවෙන් හඳුන්වන්නේ අධික ඔසප් වේදනාවවන අතර එයින් ඔබේ දෛනික කටයුතු වලට බාධාවක් අවහිරයක් වෙන්න පුලුවන්. දුරාර්තවයන් (dysmenorrhoea) වර්ග දෙකක් තිබෙනවා. දෙවැනි දුරාර්ථවය දී සිදුවන්නේ සැගවුණු ලෙඩ රෝග හෝ ආබාධයක් හෝ පිහිටීමේ අසාමාන්‍යය තත්ත්වයක් ගර්භාෂය ඇතුළත හෝ ඉන් පිටත තිබීමයි. පළමු දුරාර්ථවය Dysmenorrhoea නම් ඉහත ආබාධ කිසිවක් නොමැතිව ඇතිවන අධික වේදනාවයි.

රෝග විනිශ්චය
අධිශබ්ද තරංග ස්කෑන් - Ultra Sound Scan - එකකින්, උදරය - බඩ - සම්බන්ධ සාමාන්‍ය ආබාධයකට හේතුව සොයාගැනීමට පුලුවන්. දෙවැදෑරුම් දුරාර්තවය - dysmenorrhoea - තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා කාන්තාවන්ගේ ශ්‍රෝණිය ප්‍රදේශය සම්බන්ධ ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමට ලැපරස්කොපි - laparoscopy - ස්කෑන් එකක් කිරීම සුදුසුයි.

ප්‍රතිකාරය
මෙහිදී පළමුවෙන්ම ලබාදෙන ප්‍රතිකාරය වන්නේ ඔසප් පවතින කාලය තුළ වේදනාව අඩුකිරීමට සහයවන්නෙකු වශයෙන් ක්‍රියාකරන, මෙෆෙනෙමික් -Mefenemic- අම්ලයයි. නමුත් එයිනුත් වේදනාව අඩුවුණේ නැත්නම්, ඊළඟට සලකා බලන්නේ වේදනාව අඩුකිරීමට වගේම ඔසප්වීමට පෙර හැදෙන වේදනා සමනය කිරීම සඳහා භාවිතා කරනු ලබන Pre Menstrual Syndrome ප්‍රතිකාර මාලාවයි.

3. ආර්තවතීරය (ප්‍රදරය) MENORRHAGIA

මොකක්ද මේ කියන්නෙ ?
සාමාන්‍යයෙන් මාස්ශුද්ධය (ඔසප්වීම) සිදුවන විට, අධික ලෙස රුධිරය (ලේ) වහනයක් සිදුවීම හෝ එය දිගු කාලයක් තිස්සේ පැවතීම මේ නමින් හැඳින්වෙයි. මෙයට ප්‍රතිකාර නොකිරීම නිසා, විශේෂයෙන්ම රුධිරය (ලේ) වහනය වීම වැඩියෙන් සිදුවීමෙන් කාන්තාවන් රක්තහීනතාවයෙන් පෙළෙන්නියන් බවට පත් විය හැක.

රෝග විනිශ්චය
අධිශබ්ද තරංග ස්කෑන් - Ultra Sound Scan - එකකින් උදරයේ සාමාන්‍යයෙන් ඇසට නොපෙනෙන, සැඟවී පවතින රෝග විනිශ්චය කළ හැකියි.

ප්‍රතිකාරය
මෙහිදී පළමුවෙන්ම ලබාදෙන ප්‍රතිකාරය වන්නේ ඔසප් පවතින කාලය තුළ වේදනාව අඩුකිරීමට ලබාදෙන මෙෆෙනෙමික් -Mefenemic- අම්ලයයි.

නමුත් මෙෆෙනෙමික් -Mefenemic- අම්ලය ලබාදීමෙන් පසු රුධිර (ලේ) වහනය අඩුවුණේ නැත්නම්, දෙවනුව දෙනු ලබන්නේ ට්‍රැනෙඑක්ස්සැමික් අම්ල -Tranexamic acid - ප්‍රතිකාර මාලාවයි
( එය ලේ තන්තුවීමේ ස්වභාවය වළක්වා, ලේ කැටිගැසීම සමනය කර, ලේ වහනයවීම අඩුකිරීමට සහයවන්නකි.)

 මෙෆෙනෙමික් -Mefenemic- අම්ලය සහ ට්‍රැනෙඑක්ස්සැමික් -Tranexamic acid - අම්ලය යන දෙවර්ගයම, මාස්ශුද්ධියේදී නැත්නම් ඔසප්වීමේදී සිදුවන අධික ලේ වහනය අඩුකිරීම සඳහා නිරතුරු සාර්ථක ලෙස භාවිතා කරනවා.

නොරෙතිස්ටරෝන්- Norethisterone - ප්‍රතිකාරය තුන්වන පියවරයි.
(ප්‍රොජෙස්ටරෝන් ඇනලොන් සහ නොරෙතිස්ටරෝන්, ගර්භාෂයේ අභ්‍යන්තර තත්ත්වය හොඳින් පවත්වා ගෙන යාමට සහයවන අතර ඒ නිසාම ලේ වහනය අඩුවෙයි.. මෙයද මෙෆෙනෙමික්අම්ල
-Mefenemic- සහ ට්‍රැනෙඑක්ස්සැමික් අම්ල -Tranexamic acid- ප්‍රතිකාරය අසාර්ථකවන අවස්ථාවලදී නිරතුරුව භාවිතා කරනු ලබයි.)


4. ඉමැනොයියා - AMENORRHOEA

මොකක්ද මේ කියන්නෙ ?
ඉමැනොයියා - amenorrhoea - කාණ්ඩ (වර්ග) දෙකකි. පළමුවන කාන්ඩයේ (වර්ගයේ) ඉමැනොයියා යනු දැරියට මෙයට පෙර කොහෙත්ම ඔසප් නොවී තිබීම ය. ද්විතීයික ලිංගික ලක්ෂණ පහළවීම හෝ පහළ නොවීම ඉතා වැදගත් වන අතර, රෝග විනිශ්චයට ඉන් උපකාර වනු ඇත. දෙවන කාන්ඩයේ (වර්ගයේ) ඉමැනොයියා යනු මාස 6 ක් හෝ ඊට වැඩි කාලයක් ඔසප්වීම නොවී ප්‍රමාදවීමය.

රෝග විනිශ්චය
ද්විතීයික ලිංගික ලක්ෂණ (ගැහැනු - පිරිමි) සමගින් මෙලෙස පියයුරු නොවැඩීම, කිහිළි සහ ඉකිළිය ආශ්‍රිතව කෙස් නොවැඩීම සිදුවන්නේ වසර 16 දක්වා වැඩිවිය නොපැමිණ, ඔසප්වීම සිදුනොවී තිබීමෙන්ය. මෙහිදී නාරිදේහ වෛද්‍යවරයෙකු විසින් වැඩිදුර පරීක්ෂණයක් කිරීම අවශ්‍ය වෙයි.

අධිශබ්ද තරංග ස්කෑන් කිරීම් මගින් [Ultra Sound Scan] උදරයක මෙම දෙවැනි කාන්ඩයේ (වර්ගයේ) ඉමැනොයියා - amenorrhoea - රෝගී තත්ත්වය මගින් ඇතිවිය හැකි, සාමාන්‍යයෙන් පිටට නොපෙනෙන විවිධාකාරී ඩිම්බකෝෂ රෝග - Poly Cystic Ovarian Disease - සොයාගැනීමට පුලුවන් වෙයි.

ප්‍රතිකාර
ලබාදෙන ප්‍රතිකාර වෛද්‍ය පරීක්ෂණ සහ රෝග විනිශ්චයන්ට අනුව විවිධයි. වෙනස් වෙයි.

5. වයසත් සමග එන කරදරයක් වැඩිවිය පැමිණීම

මොකක්ද මේ කියන්නෙ?
විශේෂයෙන්ම අසාමාන්‍ය ලෙස කලින්ම වැඩිවිය පැමිණීම ගැනයි.

රෝග විනිශ්චය
නාරිදේහ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොවරදවාම ලබාගැනීම අත්‍යාවශ්‍යයි..

ප්‍රතිකාර
ලබාදෙන ප්‍රතිකාර වෛද්‍ය පරීක්ෂණ සහ රෝග විනිශ්චයන්ට අනුව විවිධයි. වෙනස් වෙයි.

FaLang translation system by Faboba