01

හැම යෞවනයෙකුටම හරි මහන්සියි. ඒක ඇත්තයි. ඒක එහෙම වෙන්නේ ඔයාලා හැමෝම බොහොම ක්‍රියාශීලී කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිසයි. හැබැයි සමහර වෙලාවට කිසිම පැහැදිලි හේතුවක් නැතිව ඔයාලට දැඩිවෙහෙසක් මහා අලසකමක් දැනෙන්න පුළුවන්. ඔයාගෙ ඇඟට එහෙම ගතියක් දැනෙනවා නම්, ඒත් ඒකරෝගයක් කියලා තාම හොයාගෙන නැත්නම්, ගොඩක් වෙලාවට ඔයාට දැනෙන ඒ අමුතු ගතිය රක්තහීනතාවයවෙන්න පුලුවන්.

රක්තහීනතාවය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් ඔයා පළමුවෙන් ඔයාගේ සිරුර ඇතුළේ සිදුවන රසායනික ක්‍රියාවලියට, හිමොග්ලොබින් (Hb)වල ඇති වැදගත්කම හඳුනා ගන්න ඕනැ. හිමොග්ලොබින් කියන්නේ
රතු රුධිරාණු වල අඩංගු දෙයක් සංඝටකයක්. ඔයාගේ සිරුර පුරාමත් සියලු අවයව ඉන්ද්‍රියවලටත් ඔක්සිජන් රැගෙන යන්නේ රතු රුධිරාණුවල තියෙන මේ හිමොග්ලොබින් විසින්. ඔයාගේ සිරුර සජීවීව පවත්වා ගන්න එහි හැම කොටසකටම, හැම සෛලයකටම ඔක්සිජන් අත්‍යාවශ්‍යයි. ඉතිං ඒ සඳහා, ඔයාගේ රුධිරයේ ප්‍රමාණවත් හිමොග්ලොබින් සාන්ද්‍රණයක් තිබීම ද අත්‍යාවශ්‍ය වෙනවා.
 

ඔයා රක්තහීනතාවයෙන් පෙළෙනවා නම් එයින් අදහස් වන්නේ ඔයාගේ රතු රුධිරාණු (RBCs) වල, ඔයාගේ වයසට වගේම ස්ත්‍රී පුරුෂ භාවයට සරිලන හිමොග්ලොබින් සාන්ද්‍රණය අඩංගු වෙලා නෑ කියන එකයි. නිවැරදිආහාර රටාවකින් වගේම ආහාර අතිරේකයන් ලබා ගැනීම මඟින් සුව කරන්න, නිවැරදි කරන්න පුළුවන් රුධිර අක්‍රමිකතාවයක් තමයි රක්තහීනතාවය.

රක්තහීනතාවය හට ගන්නේ මේ හේතු නිසයි

1. රතු රුධිරාණු නිෂ්පාදනයේ අඩුවක, යකඩ ඌනතාවයක, විටමින් E 12 ඌනතාවයක, ෆෝලික් අම්ල/ෆෝලික් අම්ල ලවණ ඌනතාවයක සහ/හෝ ඇට මිදුළු අකර්මන්‍ය වීමක ප්‍රතිඵලයක් ලෙස, රතු රුධිරාණු නිෂ්පාදනය  අඩාල වීම සිදු වෙනවා.
2. අධික ඔසප් රුධිර වහනයක්, කොකු පණු ගහණය හේතුවෙන් හෝ දිගු කාලීනව රුධිරය අහිමි වීම යන කරුණු මත විශාල වශයෙන් රතු රුධිරාණු හානියක් සිදු වෙන්න පුළුවන්.
3. රතු රුධිරාණු විනාශ වීම හෝ හිමොග්ලොබින් නීරක්තිය, විවිධ සංකීර්ණ හේතු මත සිදු වෙන්න පුළුවන්. මේ වගේ තත්වයක් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයෙන් හරියටම තහවුරු කර ගන්න වෙනවා. 
 

 

ඔයාට නීරක්තිය තියෙනවද කියලා සැක හැර දැන ගන්න, පහත රෝග ලක්ෂණ දැනෙනවද, තියෙනවද කියලා බලන්න. ඔයාට මේ රෝග ලක්ෂණවලින් 2ක් හරි වැඩි ගණනක් හරි තියෙනවා නම් පුළුවන් ඉක්මණින් වෛද්‍යවරයෙක් හමුවන්න:

1. ඔයාට නිතරම අධික අලස කමක් හෝ නිදිමත ගතියක් දැනෙනවා ද? 
2. ඔයාගේ පපුව වේගයෙන් ගැහෙනවා ද? / ඔයාට ඔයාගෙම හෘද ස්ඵන්දනය දැනෙනවා ද? 
3. ඔයා ඉක්මනින්ම වෙහෙසට පත් වෙනවා ද? 
4. ඔයාගේ හුස්ම කෙටියි ද?
5. ආහාර නොවන වෙන වෙන දේවල්, ඔයාට කන්න හිතෙනවා ද? 
6.ඔයාගේ අත්ල සුදුමැලියි ද?

ඔයා වෛද්‍යවරයෙක් ළඟට ගියාම පළමුවෙන් ම, ඔයාගේ සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කරනවා. එයින් ලැබෙන ප්‍රතිඵල අනුව, ලෙඬේට හේතු හොයාගන්නට වැඩිදුර පරීක්ෂණත් සිදු කරන්නත් ඉඩ තියෙනවා. ඉන් පස්සේ ඔයාගේ වෛද්‍යවරයා මෙන්න මේ වගේ ප්‍රතිකාර රටාවන් ඔයාට නියම කරයි.

- ආහාරයෙන් පසුව නොකඩවා යකඩ සහ විටමින් අතිරේක (විටමින් සහ ෆෝලික් අම්ලය) ගැනීම.
- කැල්සියම් පෙති සමඟ මෙම අතිරේක නොගැනීමට උපදෙස් දෙයි. ඒකට හේතුව නම් තේ කෝපි වගේ දේවල්, ඔයාගේ සිරුරට යකඩ උරාගැනීම දුර්වල කිරීමයි.
- යකඩ බහුල ආහාර ජාති ආහාර වේල්වල අන්තර්ගත වෙන්න ඕනැ කියලා නියම කරයි.
- යකඩ ලබා ගැනීමට පෙර පණු බෙහෙත් ලබා ගැනීමට නිර්දේශ කරයි.
 
රක්තහීනතාවය වළක්වා ගන්නට නම් ඔබේ රතු රුධිරාණු වල ප්‍රමාණවත් හිමොග්ලොබින් මට්ටමක් පවත්වා ගෙන යන්න වෙනවා. ඒ සඳහා මෙවැනි අහාර ඔබේ දිනපතා ආහාර වේලට එකතු කර ගැනීම සුදුසුයි.
 
- රතු මාංශ/ ටූනා, කෙලවල්ලා, බලයා වැනි මාළු
- පීකුදු
- තෙල් සහිත මාළු
- මුං, පරිප්පු වැනි ඇට මෑ හෝ බෝංචි වැනි ඇට හා පියලි ඇට වර්ග
- ධාන්‍යමය උදෑසන ආහාර
- තද කොළ පැහැති එළවළු- නිවිති
- ඇටය කට්ට සහිත ගෙඩි වර්ග (nuts) සහ බීජ වර්ග (seeds)
 
 පීකුදුවල ඒ විටමින් බහුලව ඇති බැවින් ගර්භණී  සමයේ දී ආහාරයට ගැනීම නුසුදුසුයි.
මෙයට අමතරව ඔයා නීරක්තියෙන් පෙළෙනවා නම්,
- කළු මෙන්ම කොළ පාට තේ වලින් ද,
- කෝපිවලින් ද,
වැළකී සිටීමට සැළකිලිමත් වෙන්න.
 
සටහන:
පුරුද්දක් වශයෙන්ම කෑමට පෙර පැය දෙකක් ද කෑමෙන් පසු පැය දෙකක් ද තේ, කෝපි වලින් වැළකී සිටීම කාට වුණත් නුවණට හුරුයි.
 
 
 
 
FaLang translation system by Faboba