පිළිකාව කියන්නේ මොකක්ද? ඒකෙන් ඔයාගේ සිරුරට වෙන්නෙ මොනවගේ හානියක් ද කියලා දැන ගන්න කලින් ඔයාගේ සිරුර හැදිලා තියෙන්නේ කොහොමද, මොනවගෙන්ද කියලා මුලින්ම තේරුම් ගනිමු.
ඔයාගේ සිරුර හැදිලා තියෙන්නෙ සෛල මිලියන ගණනාවක එකතුවකින්. මේ සෛල තමයි ඔයාගේ සිරුර වඩන්නේ. ඒ සෛල බෙදෙමින් වර්ධනය වෙනවා. ඒ වගේම ඒවාට තියෙන්නෙ එක එක වැඩ කොටස්. සෛල බෙදීම නියම විදිහට වුණේ නැති නම් සිරුරේ පිළිකා සෛල නම් අසාමාන්‍ය සෛල වර්ගයක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ පිළිකා සෛල සාමාන්‍ය සෛල වගේම නැවතීමක් නැතිව නොකඩවා බෙදෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. මේවා ඔයාගේ සිරුරේ තියෙන සාමාන්‍ය සෛල යටපත් කරන්නත් පටන් ගන්නවා. ප්‍රමාණයෙන් වැඩිවෙනකොට මේ සෛල ඔයාගේ රුධිර ධාරවටත් ඇතුළු වෙනවා. සිරුරේ අනෙකුත් අංග ඒ කියන්නේ පෙනහළු, ඇටකටු, අක්මාව හා මොළය දක්වා යනවා. මේ ඉන්ද්‍රියයන් වලට පිළිකා සෛල ඇතුළු වුණාම "සෙකන්ඩරීස්" නම් සමාන පිළිකා ඇති කිරීමට පටන් ගන්නවා.
  

 

ශ්‍රී ලංකාවේ ජාතික පිළිකා ලියාපදිංචි ලේඛනයට අනුව සෑම වසරකම රෝගීන් 17,000කට පිළිකා රෝගය වැළඳීලා තියෙන බව හඳුනා ගෙන තියෙනවා. ශ්‍රී ලාංකිකයින් අතර බහුලවම තියෙන්නේ පියයුරු පිළිකා කියලා තමයි ඒකෙ සඳහන් වෙන්නේ. මේ අතර මුඛ පිළිකා වගේම ගැබ් ගෙල පිළිකාත් සැළකිය යුතු මට්ටමක පවතිනවා.
 
ගොඩක් පිළිකා දකින්න තියෙන්නේ වැඩිහිටි අයගෙයි. ඒත් සමහර වෙලාවට නව යෞවනයින් වගේම තරුණ තරුණියන් ද මේ පිළිකා රෝගයට ගොදුරු වෙනවා. පිළිකාව මුල් අවස්ථාවේදීම හඳුන ගත්තොත් නිවැරදි ඖෂධ, ආහාර ක්‍රම හා ජීවන රටාව යන මේ සියල්ලේ මනා එකතුවෙන් සුව කරගන්න ඉඩ තියෙනවා.
 

වැඩි විස්තර සඳහා බලන්න : ජාතික පිළිකා මර්දන වැඩසටහන

ප්‍රධාන පිළිකා තුන කල්තියා හඳුනාගැනීම සදහා පහසුකම් ලංකාවේ ඇත. මෙම පිළිකා කල් තියා හඳුනා ගන්නේ නම්, ප්‍රතිකාර මගින් ඒවා සම්පූර්ණයෙන්ම සුවකල හැකි වේ.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කළේ නැතිනම් ඔන්න එතකොට ඔයාටත් පිළිකා රෝගය වැළඳීමේ වැඩි ඉඩක් තියෙනවා. බලන්න මේ නරක ජීවන රටා ඔයාටත් තියෙනවාද කියලා. එහෙම තියෙනවා නම් ඒවායින් ඉක්මනින්ම ඈත් වෙන එක ඔයාගේ ඇඟට ගුණයි. පහත තියෙන්නේ අපි මිදෙන්න ඕනෙ ඒ නරක ජීවන රටාවන්
 
  • සත්ත්ව මේදය වැඩි, එළවළු හා පළතුරු අඩු කෑම වේල.
  • ශාරීරිකව අක්‍රියාකාරී වීම. ඇඟ හොල්ලන්න තියෙන කම්මැලිකම 
  • තරබාරුකම
  • දුම්බීම හා මත්පැන් පානය
  • දුම්කොළ, පුවක් හා හුණු සමඟ බුලත් හැපීම.
මේ වගේ සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටා වලට අමතරව ආරට ද පිළිකා ඇති වෙන්න පුළුවන්. ඔයාගේ පවුලේ පිළිකා රෝගියෙක් ඉන්නවා කියන්නේ ඔයාගේ පිළිකා අවදානමත් ඉහලයි කියන එකයි.මේ ගැන වැඩි විස්තර දැන ගන්න පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
 

 ගොඩක් වෙලාවට පිළිකාව වළක්වා ගන්න පුලුවන්. ඒක හොඳ ආරංචියක් නේද?

ඔයාට තියෙන්නේ මේ සරල උපදෙස් පිළිපදින එක විතරයි. ඒකෙන් ඔයාගේ පිළිකා අවදානම අඩුකර ගන්න ඔයාටම පුලුවන්.
වැඩි විස්තර සඳහා බලන්න : ජාතික පිළිකා මර්දන වැඩසටහන
 
සෞඛ්‍යය සම්පන්න ආහාර ගන්න.
  • එළවළු හා පලතුරු වැඩියෙන් කන්න. (දවසට 5 වරක්)
  • රතු මස් කෑම අඩු කරන්න.
  • සොසේජ්, බේකන්, හැම් වැනි සකස් කළ මස් කෑමෙන් වළකින්න, නැතිනම් සීමා කරන්න.
  • ශාරීරිකව ක්‍රියාකාරී වන්න.
දවසට විනාඩි 30ක් වත් සාමාන්‍ය  තරමේ ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
  • ඔයාගේ උසට සරිලන බර පවත්වා ගන්න.
  • දුම්බීම අදම නවත්වන්න.
  • බුලත් විට කෑම නවත්වන්න. දුම් කොළ පුවක් හා හුනු කෑමෙන් වළකින්න.
  • මත්පැන් පානයෙන් වළකින්න.
 වැඩි විස්තර බලන්න : ජාතික පිළිකා මර්දන වැඩසටහන
 

ඔබ ලේ ඥාතියෙකු පියයුරු පිළිකා සැදී ඇතිනම් වඩාත් සැලකිලිමත් වන්න. පියයුරු පිළිකාව කල් තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම සුව කරගත හැක.

 

ඕනෑම කාන්තාවකට පියයුරු පිළිකා හැදෙන අවදානම තියෙනවා. පියයුරු පිළිකා වැඩිපුරම දකින්න ලැබෙන්නේ වැඩිහිටි කාන්තාවන් අතර. ඒත් සමහර වෙලාවට නව යෞවනියන් හා තරුණ කාන්තාවන්ගෙත් පිළිකා දක්වා වර්ධනය වෙන්න පුළුවන් ගැටිති දකින්න ලැබෙනවා. ඔයාගේ වයස 20ට වැඩි නම් මා‍සෙකට එක වතාවක්වත් ඔයාගේ පියයුරු පරීක්ෂා කර ගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. පහත තියෙන වෙබ් අඩවියට ගියොත් පියයුරු පරීක්ෂා කරන හැටි දැන ගන්න ඔයාට පුළුවන්. ඒ කියන්නේ ඒ දේ ඔයාටම කර ගන්න පුළුවන්.

 ඔයා වයස 20-40 අතර ඉන්න කෙනෙක් නම් වෛද්‍යවරයෙකුට, හෙදියකට හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවකට කියලා වසර 3කට සැරයක් පියයුරු පරීක්ෂා කර ගන්න ඕනෙ. පහත වෙබ් අඩවියට ගිහින් ඔයාට පුලුවන් ඒකට යන්න ඕන තැන් ගැන දැන ගන්න. පියයුරු පිළිකා තියෙන පවුලේ නෑදෑයෙක් ඉන්නව නම් ඔයාටත් එය වැළඳීමේ අවදානමක් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට කළින් හඳුනාගෙන ප්‍රතිකාර කළොත් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්.

 වැඩි විස්තර සඳහා බලන්න :ජාතික පිළිකා මර්දන වැඩසටහන

 

 මේ පිළිකාව ප්‍රධාන වශයෙන් ලිංගිකව බෝවන රෝගයක් මානව පැලෝපිමා කියන වෛරසය නිසා තමයි ගැබ් ගෙල පිළිකා ඇති වෙන්නේ. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මේ වෛරස් ආසාදනය වෙන හැම කෙනෙකුටම මේ රෝගය හැදෙනවා කියලා. එහෙම වෙන්නෙ නැහැ. HPV කියන එන්නත නිසා යම් මට්ටමක් වෙනකම් මේ රෝගයෙන් ප්‍රවේසම් වෙන්න පුළුවන්. ලිංගික සබඳතා පටන් අරගෙන නැති තරැණියන්ටත් මේ එන්නත නිර්දේශ කර තියෙනවා. ඔයා මේ එන්නත වාර 3කින් ලබා ගන්න ඕනෙ. හැබැයි මේක මිල අධික එන්නතක් නිසා ඔයාට ඒක ලබාගන්න පුළුවන් වෙන්නේ පුද්ගලික රෝහල් වලින් විතරයි. 

 වැඩි විස්තර සඳහා බලන්න :ජාතික පිළිකා මර්දන වැඩසටහන

                                            WHO

 

මානව පැපිසලාේමා වෛරසය සමහර වර්ග ආසාදනය මගින් ගර්භාෂ ගැබ් ගෙල පෙරපිලිකා (precancerous) වෙනස්කම් ඇති කරයි. PAP පරිෂාව මගින් මෙම වෙනස්කම් කලින් හඳුනාගෙන ගතහැක. මුල් අවස්ථාවේදී මැදිහත්වීම මගින් ගැබ්ගෙල පිළිකා ඇතිවීම වලක්වාගත හැක.

සුවනාරි සායනවලදී අවුරුදු 35 දී මෙම පරීක්ෂණය සිදුකරනු ලබයි.

වැඩි විස්තර සඳහා බලන්න : ජාතික පිළිකා මර්දන වැඩසටහන

FaLang translation system by Faboba