නව යොවුන් වියේ පසු වන ඔයාට ශ්වසන ආබාධ පිළිබඳ දැනුමක් තියෙන එක ජීවිතයට හරිම වැදගත්. මුලින් ම අපි ශ්වසන පද්ධතිය ගැන දැනුමක් ලබා ගනිමු.

මෙය ඉහළ වායු මග, පහළ වායු මග, සහ හුස්ම ගැනීමේ උපකරණය යනුවෙන් කොටස් තුනකට වෙන් කරනවා. ඉහළ වායු මග නාසයේ සිට ස්වරාලය දක්වා සහ පහළ වායු මග ස්වරාලයේ සිට වායු හුවමාරුව සිදු වන පෙනහළු තුළ ඇති ගර්ත දක්වාත්, පිහිටා තියෙනවා. පෙනහළු, මහා ප්‍රාචීරය, ඉල ඇට අතර ඇති පේශි, ආදියෙන් සමන්විත හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව කරන්න අදාළ ක්‍රියාවලිය හුස්ම ගැනීමේ උපකරණය’ හෙවත්  (breathing apparatus)  යනුවෙන් හඳුන්වනවා.

රෝග ලක්ෂණ÷

• නාසයෙන් සොටු  දියර ගැලීම
• නාසය කැසීම
• කිවිසුම් යාම
• නාසයෙන් ලේ ගැලීම
• උගුරෙහි නිතර සෙම බැඳීම, උගුරෙහි යමක් ඇති සේ දැනීම
• ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වීම
• ගිලීමේ අපහසුතා
• උගුරේ වේදනාව
• සෙම රහිත හෝ සහිත කැස්ස
• හුස්ම ගන්නා විට නැගෙන ඉහළ ශබ්දය

රෝග ලක්ෂණ÷

• සෙම රහිත හෝ සහිත කැස්ස
• හුස්ම ගැනීමේ අපහසුතා, ව්‍යායාම හැකියාව අඩු වීම. ක්‍රියාශීලිත්වය අඩු වීම
• පපුවේ වේදනාව, පපුව සිරවීම හෝ තද ගතිය
• හුස්මගන්නා විට පපුවේ රූං රූං ශබ්දය (wheezing)  හෝ නලා හඬක් වැනි ශබ්දය ඇති වීම
• කැස්ස සමග රුධිරය පිටවීම
• ඉක්කාව

මෙම රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් ඔයාටත් තියෙන්න පුලුවන්. සමහර විශේෂිත රෝග වල දී රෝග ලක්ෂණ එකටම, ඊට ම ගැලපෙන විදිහකට දකින්න පුලුවන්. උදාහරණයක් ගත්තොත් ඇදුම රෝගයේ දී කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ තද ගතිය, එකවර ඇති වෙන්න පුලුවන්. ඇදුම රෝගියෙකු අසාත්මිකතාවක් ඇති දෙයකට නිරාවරණය වූ විට විශේෂයෙන් ම මෙය සිදුවෙනවා. මීට අමතර ව බොහෝ ශ්වසන රෝග වල දී, ශරීරයේ වෙනත් ස්ථානවල රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එනම් උණ, ඇඟ පත වේදනාව, ආහාර අරුචිය, ශරීරයේ බර අඩු වීම වගේ දේවල්. මෙම රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් තියෙන්න පුලුවන්. සමහර විශේෂිත රෝගවල දී මෙම රෝග ලක්ෂණ කිහිපයක් එකට එන අවස්ථාත් තියෙනවා.


අපි දැන් ඔයාගෙ ශ්වසන මාර්ගය ආක්‍රමණය කරන විවිධ ආසාදන පිළිබද ව ඉගෙන ගනිමු.

බ්‍රෙන්කයිටිස් (Bronchitis)

ඔයාගෙ පෙනහළු වලට වාතය ගෙනයන ප්‍රධාන ශ්වසන නාල වල ආසාදනය මේ නමින් හඳුන්වනවා. පහළ ශ්වසන මාර්ගය දක්වා ද විහිදෙන මෙම නාල ආසාදනය වු විට හෙම්බිරිස්සා ගතිය, උගුර රිදීම සහ උණ ඇති වෙන්න පුලුවන්. බොහෝ වෙලාවල රෝග කාරකය වෛරසයක්.
මෙම ශ්වසන නාල වල මතුපිට ස්ථරය මගින් නිපදවෙන ශ්ලේෂ්මල නිසා බාහිර අපද්‍රව්‍ය, දුවිලි අංශු, විෂබීජ පහළ ශ්වසන මාර්ගයට ඇතුළු වීම වළක්වනවා. මෙම ආස්තරණ පටක ආසාදනය වු විට ඒවා වැඩි වැඩියෙන් ශ්ලේෂ්මල නිපදවනවා. එම නිසා පටක ඉදිමෙනවා. ඔයාගෙ සිරුර මෙම ශ්ලේෂ්මල පිට කිරීමට කැස්ස ඇති කරනවා.

සෙම්ප්‍රතිශ්‍යාව (Common cold)

ඕනෑම අයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමට ඉඩකඩ තියෙනවා. මෙය සුලබව දක්නට ලැබෙන රෝගයක්.

ඔයාගෙ වයසට අනුව වසරකට සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙන වාර ගණන පහතින් දැක්වෙනවා.

— ළමයින් සහ යොවුන් වියේ තරුණ තරුණියන් -වසරකට වාර 5-10 දක්වා
— වැඩිහිටියන්- වසරකට වාර  2 - 4 දක්වා

තරුණ වියේ පසුවන ඔයාට  වැඩිවාර ගණනක් මෙය වැළදීමට ඉඩකඩ තියෙන්නෙ ඔයාගෙ ප්‍රතිශක්තිය තවම විවිධ වෛරස් ප්‍රභේද වලට ඔරොත්තු දෙන්න හරියට වර්ධනය  වෙලා නැති නිසයි. සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නෙ වෛරසයකින්. දැනට වෛරස් ප්‍රභේද 200 ක් පමණ හොයා ගෙන තියෙනවා. එක් එක් වෛරස් ප්‍රභේද වලින් රෝගය නැවත නැවත සෑදීමට ඉඩ තියෙනවා.
සෙම්ප්‍රතිශ්‍යාව Acute viral rhinosinusitis කියා ද හඳුන්වනු ලබනවා.

සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ÷

• උගුරෙහි වේදනාව
• මද උණ:(38.5˚ක්‍ටවැඩි)
• කිවිසුම් යාම
• නාසය සිරවීම, සොටු දියර ගැලීම 
• කැස්ස
 
 ඉන්ෆ්ලුවන්සාව -  ෆ්ලු   INLUFENZA/THE FLU
මෙහි පටන්ගැන්ම හුරුපුරුදු හෙම්බිරිස්සාවක් වගේ වුනත් මෙය ඇති කරනු ලබන්නේ වෙනම වෛරස් වර්ගයකින්. එහි ප්‍ර භේද රාශියක් තියෙනවා. මෙහි දී රෝග ලක්ෂණ හෙම්බිරිස්සාවකට වඩා වැඩි වන අතර වැඩි කාලයක් ද පවතිනවා. මෙය නිතරම දක්නට ලැබෙන වෛරස් රෝගයක්. මෙහිදී නාසය ශ්වාසනාල පමණක් නොව, පෙනහළු පවා ආසාදනය වෙන්න පුලුවන්. පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීම ඉහළ මට්ටමක පවතිනවා.
රෝග ලක්ෂණ÷
• සිරුරේ සීතල ගතිය සමග උණ (38.5˚කට වැඩි)
• හිසරදය
• නාසය සිරවීම, සොටු දියර ගැලීම
• කිවිසුම් යාම
• වියළි කැස්ස :පපුවෙන් මතුවෙන
• මාංශ පේෂී සහ සන්ධි වල ඇති වන වේදනාව
• ආහාර අරුචිය, අජීර්ණය, පාචනය
 
වාරික ඉන්ෆ්ලුවන්සාව
මෙය ලෝකය පුරා වරින් වර පැතිර යන රෝගයක්. මෙය ඇති කරන වෛරස් වර්ග තුනක් තියෙනවා.   මෙම ප්‍රධාන වෛරස් කාණ්ඩ තව ප්‍රභේද වලට බෙදෙනවා. ඒවා එකට එක් වීමෙන් අතුරු වර්ගද සෑදෙනවා.
influenza A(H1N1) A(H3N2) යනු දැනට ලෝකයේ පැතිරෙමින් පවතින වෛරස් ප්‍රභේද කීපයකි. මෙම රෝගය බරපතල රෝගී තත්වයක් වෙන්න පුලුවන්.
මෙම එක් එක් කාලයකට පැතිර යන වාරික ඉන්ෆ්ලුවන්සාවේ රෝග ලක්ෂණ වන්නේ
 හදිසියේ ඇතිවන අධික උණ
 • වියළි කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම
 • හිසරදය
 • මාංශ පේෂී සහ සන්ධි වල ඇති වන වේදනාව
 • උගුර රිදීම
 • මානසික අවපාතය සහ කැස්ස
මේ රෝග ලක්ෂණ දරුණු වෙන්නත් පුළුවන්.  සති දෙක තුනක කාලයක් පුරා පවතින්නත් පුලුවන්. ආසාදනයට ගොදුරු වන අය කහින විට  ඇතිවන කුඩා බිඳිති මගින් මෙය ඉතා ඉක්මනින් පැතිරෙන නිසා ආසාදිතයන් මුල් දින දෙකක්වත් අනෙක් අයගෙන් වෙන් වී ඉන්න එක වැදගත්. ඒ වගේම පිරිසිදුව සිටීමත් අත්‍යාවශ්‍යයි.
 
සීත රටවල අවුරුද්දේ නිශ්චිත කාලයක දී මෙය දක්නට ලැබුණත්, අපගේ වැනි ඝර්ම කලාපීය රටවල සාමාන්‍ය රටාව වෙනස් වී  මෙය අවුරුද්ද පුරා ම පවතින්න පුලුවන්. වසර හැටකටත් අධික කාලයක් තිස්සේ භාවිතා කර පළපුරුදු එන්නත් මෙම රෝගය  වැලැක්වීමට යොදා ගනු ලබනවා. මෙය වෛරස් රෝගයක් නිසා ස්වාභාවික ප්‍රතිශක්තියෙන් සුව වෙනවා. ඒත් රෝග ලක්ෂණ අඩු කර ගැනීමට, වෛරස් වලට එරෙහි ඖෂධ වර්ග භාවිතා කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන් ස්වභාවික ප්‍රතිශක්තිය අඩු අය සඳහා මෙවැනි ඖෂධ භාවිතා කරනවා.
 
පැන්ඩෙමික් ඉන්ෆ්ලුවන්සාව - PANDEMIC INFLUENZA -
 
ලෝකය පුරා වසංගතයක් සේ පැතිරී යන ඉන්ෆ්ලුවන්සාව මෙම නමින් හැඳින්වෙනවා. මෙහි විශේෂ රටාවක් නැහැ. ඉතා ඉක්මනින් බෝ වී යන මරණ අනුපාතිකය වැඩි උග්‍ර රෝගී තත්වයක් ලෙස සැලකෙනවා. පසුගිය වසර තුන්සියයක කාලයකට මෙම වසංගතය තුන්වරක් පැතිරී ගොස් තියෙනවා. මෑතක පැතිරී ගිය වර්ෂය 2009 යයි.
ඌරන්, කුකුළන්,තාරාවන් ආදී වෙනත් සත්වයන්ගෙන් පැතිරෙන වෛරස් ප්‍රභේද වලින් රෝගය බෝ වෙන්න පුලුවන්. එම වෛරස් වලට ප්‍රතිශක්තියක් මිනිස් සිරුරෙහි වර්ධනය වී නැති නිසා රෝගය උත්සන්න වීමත් සමග සීඝ්‍ර ලෙස බෝවීමත් දක්නට තියෙනවා. කැලෑ කුරුල්ලන්ගෙන් වගේම  කුකුළන් ආදී සතුන්ට බෝ විය හැකි නිසා ඒ මගින් මිනිස්සුන්ට බෝ වෙනවා. මෙය පැතිරීමට තුඩු දී ඇත්තේ කුරුල්ලන්ගේ සංක්‍රමණ රටා, මිනිසුන් විසින් කුරුළු නිෂ්පාදන පරිහරණය, මිනිසුන් විසින් ගමන් බිමන් යාම වැඩිවීම ආදී කරුණුයි.
වැළැක්වීමේ කෙටි කාලීන පියවර
• අදාළ ආසාදිත සත්ව ගහණය විනාශ කිරීම
 • සත්වයින් එන්නත්  කිරීම
 • සත්ව කර්මාන්ත වල යෙදෙන අය එන්නත් කිරීම
 • රෝගය පැතිරෙන පළාත් වල සංචාරය කිරීම් සීමා කිරීම
පාලනය සඳහා අන්තර්ජාතික පියවර÷
1.  සමාජයෙන් ඈත්ව සිටීම
 රෝග ලත්ෂණ පෙන්නුම් කරන්නන්ගෙන් ඈත්ව සිටීම
 සෙනග රැඳෙන ස්ථාන වලින් ඈත්ව සිටීම
 ගමන් බිමන් යාම අඩු කිරීම
 
2.  ශ්වසන සෞඛ්‍යය රැක ගැනීම
 කහින විට හෝ කිවිසුම් යන විට මුව ආවරණය කිරීම සහ ඉන්පසු අත් සේදීම.
 ආවරණ කිරීමට කිසිවක් නැත්නම් වැලමිටේ නැම්ම යොදා ගැනීම.
 
3. අත් සේදීම
 සබන් සහ ජලය යොදා අත සේදීම මෙය කිවිසුම් හා කැස්ස ආදියෙන් පසු ද, පොදු ස්ථාන වල  ගැවසුනු පසුද විශේෂයෙන් කරන්න.
 
4. අනිත් සෞඛ්‍ය පුරුදු හුරු කර ගැනීම
 ප්‍රසිද්ධ ස්ථාන වල සැරි සරද්දී ඔයා අතින් නොදැනුවත් ව විවිධ ස්ථාන ස්පර්ශ වෙන්න පුලුවන්. එම ස්ථාන ආසාදිත රෝගියකු ස්පර්ශ කර තිබුණ හොත් විෂබීජ ඔයාගෙ අතේ ද තැවරීමට ඉඩ තියෙනවා. ගමන් බිමන් යන අතර අත් සේදීමට ක්‍රමයක් නැති විට ඇස් නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම විශේෂයෙන් වැදගත් වෙනවා.
 මුඛ ආවරණ භාවිතා කළ පසුව ද, ඒවායෙහි විශබීජ රැඳී තිබීමට පුලුවන් නිසා සුදුසු ලෙස ඉවත් කිරීම කරන්න.
 
 
 

ස්වරාලයේ සිට ගර්ත දක්වා වායු මාර්ගයේ ඇති වන මෙම ආසාදන බැක්ටීරියා වෛරස් හෝ දිලීර වලින් ඇති වෙන්න පුලුවන්.

ඉන්ෆ්ලුන්සාව

ඉහත කිව්වා වගේ ඉහළ වායු මගෙහි ද ඇති වෙන්න පුලුවන්. ඒහිදී පහල වායු මගට ද ආසාදනය පැතිරි යන්න පුලුවන්.

• බ්‍රොන්කයිටිස් - Bronchitis -  ශ්වසන නාල වල ආසාදනය
• නියුමෝනියා-   Pneumonia - පෙනහළු වල ආසාදනය
• ක්ෂයරෝගය -   Tuberculosis -  ක්ෂයරෝග කාරක බැක්ටීරියාවෙන් වන ආසාදනය

පහළ වායු මග ආසාදිත පුද්ගලයෙකු පහත දැක්වෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා

• කැස්ස

• අධික සෙම
• පපුවේ තද ගතිය සහ හුස්ම ගැනීමේ අපහසුතා
• තද උණ
• හුස්ම ගනිද්දී පපුවේ ඇති වන wheezing වීසින් ශබ්දය.
• ආහාර අරුචිය

නියුමෝනියා

වඩා වැඩියෙන් දක්නට ලැබෙන්නේ කුඩා දරුවන් අතර සහ ඉතා වැඩිහිටි අය අතරයි. ඒත් යොවුන් වියේ පසු වන ඔයාට වුනත් මෙම රෝගය වැළඳීමට ඉඩ තියෙනවා.

මෙය වර්ග දෙකකි÷

— සමාජයෙන් බෝ වන  - සමාජයේ දී හමුවන ආසාදිතයෙකුගෙන් බෝ වීම
— රෝහලෙන් බෝ වන  - කලක් රෝහල් ගත ව සිටින විට රෝහලේ දී  බෝවේ

රෝග ලක්ෂණ

කැස්ස

සෙම, රුධිරය මිශ්‍ර කහ පැහැති හෝ සුදු පැහැති වෙන්න පුලුවන්. මද රෝගීතත්වයන්ට නිවසේදී ප්‍රතිකාර කරන්න පුලුවන්. ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජීවක ඖෂධ සහ දියර වර්ග වැඩිපුර  පානය කිරීම වගේම හොඳින් විවේක ගැනීම අනිවාර්යය වෙනවා.
නිරෝගී යොවුන් වියේ පසු වන අයට මෙම රෝගය වැළඳුනොත් මෙම ප්‍රතිකාර වලින් රෝගය සුව වෙනවා. එහෙත් වැඩිහිටි හෝ වෙනත් රෝගී තත්ව ඇති අයට රෝහල් ගත වීමට සිදු වෙනවා. මෙසේ සිදුවන්නේ ඔවුන්ට සංකූලතා ඇති වෙන්න පුලුවන් නිසයි.
ඇති විය හැකි සංකූලතා

—ශ්වසනයේ අපහසුතා ඇති වීමල ගර්ත වල දියර පිරීම නිසා වායු හුවමාරුවට බාධා ඇති වීමක් මෙයින් සිදු වෙනවා.
—පෙනහළු වල විසර ගෙඩි ඇති වීම
—ලේ විෂ වීම

මෙම රෝගය ඇති කරන සමහර විෂබීජ සඳහා එන්නත් ඇති අතර ප්‍රතිශක්තිය දුර්වල අය සඳහා එය භාවිතා කරනු ලබනවා.

ක්ෂය රෝගය

මෙය වැළදෙන්නේ මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් නමැති බැක්ටීරියාවෙනි. මෙම බැක්ටීරියාව වෛද්‍ය රොබට්  කොක් විසින් 1882 මාර්තු 24 දිනසොයා ගත්තේය. අපි සෑම වසරකම මාර්තු 24 ලෝක ක්ෂයරෝග දිනය සමරන්නෙ ඒ නිසයි.
 
ක්ෂයරෝගය නිසා වසරකට මිලියන 2කක  ජනතාව මිය යනවා. ඒ කියන්නේ දිනකට 5000ක්. මේක සංවර්ධනය වන රටවල තරුණ අය අතර ඔවුන්ගේ ජීවිතයේ ඵලදායි සමයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. සමහර රෝග අඩු ප්‍රතිශක්තියක් තියෙන දුප්පත්, මන්දපොෂණයෙන් පෙළෙන අයට ඉක්මනින් බෝ වෙන්න පුලුවන්.
පහත දැක්වෙන රෝග ඇති අයට  ක්ෂයරෝගය බෝ වීමේ අවදානම වැඩි යි.
 • දියවැඩියාව
 • වකුගඩු රෝග
 • පෙනහළු වල කල් පවතින රෝග
 • ප්‍රතිශක්තිය හීන වීම
 • මත්පැන් දුම්වැටි වලට ඇබ්බැහි වීම
 • නීති විරොධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම
ක්ෂයරෝගය හැදෙන්නෙ කොහොමද?
ක්ෂය රෝගය බෝ වන්නේ වාතය නිසයි.
ක්ෂය රෝග විෂබීජ ශරීර ගත ව ඇති අයෙකු කහින කොට, කිවිසුම් අරින කොට, සිනාසෙන කොට, පෙනහළු වල ඇති විෂබීජ වාතයට එක් වෙනවා. ඒවා ආශ්වාස කළොත් ඔයාටත් මෙම රෝගය බෝ වෙන්න පුලුවන්. ගැලපෙන බෙහෙත් ගත්තෙ නැත්නම් මරණයට වුනත් පත් වෙන්න ඉඩ තියෙනවා.
 
මේ අවස්ථා වල දී ක්ෂයරෝගය බෝවන්නෙ නැහැ.
— රෝගියෙකු බීමට පාවිච්චි කළ බඳුන් හෝ ආහාර ගැනීමට පාවිච්චි කළ පිඟන් ආදිය තවත් කෙනෙකු පාවිච්චි කිරීමෙන්
— රෝගියෙකුට අතට අත දීමෙන්
— එකම ටොයිලට්, කොමෝඩය පාවිච්චි කිරීමෙන්

 —රෝගියෙකු පාවිච්චි කළ ඇඳ ඇතිරිලි අත පත ගෑමෙන්  පාවිච්චි කිරීමෙන්
 
ක්ෂයරෝගය සිරුරට බලපාන අන්දම÷
පහත අවයව ආසාදනය වේ
• පෙනහළු හා වසා ගැටිති
• පෙනහළු වල පිට සිවිය
• මොළය හා ස්නායු පද්ධතිය
• වකුගඩු
• කොඳු නාරටිය
•විෂබීජ ආශ්වාස කළ විට අප සිරුරේ ඇති ප්‍රතිශක්ති පද්ධතිය ඒවා පෙනහළු වලට සීමා කිරීමට උත්සාහ කළද යම් බැක්ටීරියා ප්‍රමාණයක් රුධිරය දිගේ හෝ වසා නාල දිගේ අනෙක් අවයව වලට පැතිරීමට ඉඩ තියෙනවා.
 
පෙනහළු වල ඇති වන ක්ෂයරෝගයේ රෝග ලක්ෂණ÷
• සති දෙකකට වඩා පවතින කැස්ස
• බර අඩු වීම
• මහන්සි ගතිය
• සීතලය සමග ඇති වෙන  උණ
• කැස්ස සමග ලේ පිටවීම
• ආහාර අරුචිය
• රාත්‍රියට දහඩිය දැමීම

රෝගය අනෙක් අවයව වලට පැතිරුන හොත් එයට අදාළ රෝග ලක්ෂණ ඇති වෙනවා.
රෝගය ඇති බව හඳුනා ගන්නේ කොහොමද?
1       රසායනාගාර පරීක්ෂාවෙන් බැක්ටීරියාව හඳුනා ගැනීම Microbiological Diagnosis
2  සෙම පටල පරීක්ෂාවෙන් Sputum Smear Examination සෙම පටල සාම්පල් 3ක් වර්ණ ගන්වා
 අන්වීක්ෂයෙන් පරීක්ෂා කොට බැක්ටීරියාව හඳුනා ගන්නවා
3 (Sputum culture) සමහර විට ඔයා මෙය විද්‍යා පන්ති වල ඉගෙන ගෙන තියෙන්න පුලුවන් සෙම අදාළ මාධ්‍යයක දමා එහි ඇති බැක්ටීරියා වැඩෙන්නට සැලැස්වීම මෙහි දී සිදු කරනවා. ඉතා කුඩා ප්‍රමාණයක් බැක්ටීරියා ඇති අවස්ථා වල දී මෙම පරීක්ෂාව ඉතා වැදගත් වෙනවා.
4 ජාන තාක්ෂණය භාවිතා කිරීමෙන් Genetic Testing
5 එක්ස් රේ පරීක්ෂාවෙන් Chest Imaging
6       සී ටී ස්කෑන් පරීක්ෂාවෙන් CT Scans
7      මාන්ටු පරීක්ෂාවෙන් MantouxTest.
මෙහිදී ප්‍රෝටීන් වර්ගයක් අතට එන්නත් කොට පැය 72 කදී ඇති වූ ප්‍රතික්‍රියාව මැන බලනවා. මිමි 10 ට වැඩි නම් පොසිටිව් ලෙස සලකයි
පොසිටිව් නම්
—පසු ගිය ආසාදනයක් සැඟ වී ඇති බව
—ආසාදනය වී සුව වී ඇති බව
—BCG (Bacillus of Calmett and Guireine එන්නත ලබා ඇති බව දැනගන්නවා.
 
ක්ෂයරෝගයටප්‍රතිකාර÷
දීර්ඝ කාලයක් -මාස 6-8 දක්වා-  බෙහෙත් ගන්න වෙනවා.
 

මේ සඳහා ඖෂධ වර්ග කිහිපයක් එක විට භාවිතා කරනු ලබනවා.
ප්‍රතිකාර අතර මග නතර කරමින් අපිළිවෙලට ගතහොත් බැක්ටීරියාව ඖෂධ වලට ප්‍රතිරෝධයක් ඇති කර ගන්නා නිසා එය ඉතා භයානක තත්වයක් ඇති කරනවා. එවිට එම ඖෂධ තව දුරටත් ප්‍රතිකාර සඳහා යොදා ගන්න බැරි වෙනවා. ඒ නිසා නිසි ඖෂධ මාත්‍රෘ නිසි කාල සීමාව පුරා නොකඩවා ගැනීම අතිශයින් ම වැදගත් වෙනවා. රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබෙන්නේ එහෙම වුනාමයි.

මේ සඳහා - DOT - නමැති ක්‍රමවේදය යොදා ගන්නවා. එනම් රෝගියා සෑම දිනකම තවත් කෙනෙක් ඉදිරියේ බෙහෙත් ලබා ගැනීමයි. මෙහිදී ඔහු හෝ ඇය නිසි පරිදි බෙහෙත් ගන්නවාද කියලා තවත් කෙනෙකු සොයා බැලීම ඉතා වැදගත්.

ලැරින්ජයිටිස්- ස්වරාලය ආසාදන Laryngitis
ශ්වාස නාල ආරම්භ වන තැන පිහිටා ඇති ස්වරාලයේ ඇති ස්වර තන්තු ආසාදනය මේ නමින් හැඳින්වෙනවා. අප කතා කරන ශබ්දය නිපදවන ස්ථානය මෙය බැවින් මෙහිදී රෝග ලකෂණය වන්නේ කටහඬ වෙනස් වී බැරෑන්ඬි වීමයි.
 
ෆැරින්ජයිටිස්  -PHARYNGITIS- (Sore Throat) උගුර ආසාදනය
රෝග ලක්ෂණ÷
• උගුර රිදීමල ගිලීමට අපහසු වීම
• බෙල්ල ආශ්‍රීත වසා ගැටිති ඉදිමීම
•සෙම් ගෙඩි සෑදීම
• කන් කැක්කුම සහ බෙල්ලේ  වේදනාව
• උණ
 
ඔයාගේ උගුරේ ආසාදනය සෙම්ප්‍රතිශ්‍යාවකින් හෝ ඉන්ෆ්ලුවන්සාවකින් පසු ඇති වූවක් නම් එහි රෝග ලක්ෂණ වන්නේ,
• කැස්ස,
• උණ,
• ආහාර අරුචිය,
• මහන්සිය,
• හිසරදය.
• නාසයෙන් සොටු දියර ගැලීම,
• මාංශ පේශි වල වේදනාව.
 

 

 

 

 

FaLang translation system by Faboba