{slider මුඛ සෞඛ්‍යය}

නව යෞවනයන්ගේ නිරෝගී සුන්දර සිනහව

යොවුන් විය කියා කිසිම වෙනසක් නෑ සෑම වයසකම පසුවන්නන්ට, නිරෝගී දත් දෙපළක් සහ විදුරුමසක් සතුවීම, මුළුමනින්ම ශරීරයේ සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් වෙයි. දත්මදිමින්, සෝදමින්, සෞඛ්‍ය සම්පන්න ආහාර ගනිමින් මෙන්ම සිරිතක් වශයෙන් දන්ත වෛද්‍යවරයෙකු හමුවීම, ඔබට නිරෝගී හා සිත්ගන්නාසුළු සිනහවක් උරුම කරගැනීමට සහතික වෙයි. ඔබේ මනාපය පරිදි, ජීවිතය පිළිබඳ බොහෝ කරුණු කාරණා ගැන තීරණ ගන්නා විට,  ඒවා සුබවාදී හෝ අශුභවාදී හෝ වේවා, ඒ හැසිරීම් සහ තීරණවලින් නිරෝගී මුඛ සෞඛ්‍යයට හා තවත් බොහෝ කාලයක් පුරා පැවතිය යුතු ඔබේ සුන්දර සිනහවට සිදුවන බලපෑම ගැන සලකා බැලීම වැදගත්ය.

යෞවනයින් අතර ආහාර අනුභව කරන විට මතුවන සෞඛ්‍ය ගැටලු ඉතා භයානක විය හැකි අතර එය ඔබේ මුඛ සෞඛ්‍යය කෙරේ බලපෑ හැකිය.
වමනය -
සුරාපානය කර ආහාර අනුභවය කිරීමේදී, වමනය යාම  සහ ආහාර අරුචියක් ඇති කරයි. බර වැඩිවේවි යැයි ඇති බිය කෑම නොකා සිටීමට හෝ / සහ කෑම ස්වල්පයක් කෑමෙන් පසු වමනය කිරීම මුඛ සෞඛ්‍යය දුර්වල කරන බරපතල අනුබවීය ආබාධ ඇති කරයි.
ඔබට අවශ්‍ය කරන මනා පෝෂණයක් නොලැබේ නම්, මුඛය තුළ ඇති විදුරුමස හා අනෙකුත් මෘදු පටක වලින් පහසුවෙන්ම ලේ ගලායෑමක් සිදුවෙයි. කෙළ නිෂ්පාදනය කරන ඛේට ග්‍රන්ථි ඉදිමිය හැකිවාක් මෙන්ම එකී පුද්ගලයන්ගේ මුඛය දරුණු ලෙසින් වියලී යා හැකිය. නොකඩවාම, නිරතුරවම කෙළ ගැසීම පවා දත්වලට බලපෑ හැකිය. කෙළගැසීම නිසා බඩේ ඇති ඇසිඩ් නිතරම දත්වල තැවරීම හේතුවෙන් දත්වල එනැමලය විනාශ වී, දියවී, දත්වල වර්ණය, හැඩය සහ දිග පළල වෙනස් විය හැකියි. දත්මුල් සිහින් වී දත පහසුවෙන් කැඩී යා හැකිය. උණුසුම් හෝ ශීත කරන ලද කෑමක් බීමක් ගැනීම පවා අපහසුදායක විය හැකිය.
 
දන්ත වෛද්‍යවරයාට සාමාන්‍යයෙන් දතේ දිස්වන තත්ත්වය මත, ආබාධය හඳුණාගත හැකිවෙයි. එහිදී ඔහු ඔබව මානසික උපදේශනයකට හෝ වෛද්‍යවරයෙකුට යොමු කිරීමට පුලුවන්. එසේ වුවද දන්ත වෛද්‍යවරයාට ''දත් කොපු'' භාවිතයෙන්, පිරවීමෙන් හා අනෙකුත් ප්‍රතිකාර මගින්, ඇසිඩ් වහනය නිසා ඇතිවන දත්වල හානි වැළැක්විය හැකියි. නමුත් ඔහුට ආහාර අනුභව කිරීමේ ආබාධ සඳහා ප්‍රතිකාර කළ නොහැකිය. ඔබ හෝ ඔබේ හිතවතෙකු ආහාර අනුභව
කිරීමට අපහසු ආබාධයකින් පෙළෙන්නේ නම් වෛද්‍යවරයෙකුගේ හෝ දන්ත වෛද්‍යවරයෙකුගේ සහය ලබාගන්න.
 මුඛය විදීමෙන්, සිදුරු සෑදීමෙන් වන හානි
ඔබට ඔබේ තොල්, නිකට හෝ දිව සිදුරු කිරීමට, විදීමට සිතේ නම්, අප දෙන අවවාදය වන්නේ එවැනි දෙයක් සමග සුවිශේෂ අවදානමකුත් පැමිණෙන බවයි. මුඛ විදීම, සිදුරු කිරීම නිසා ආහාර ගන්නා විට, නිදියන විට, යමක් හපන විට හා කතා කරන විට, දත් පැලී පිපිරීයාමේ අවදානමක් ඇතිවිය හැකියි. දිව විදීමට යාමේදී දත්වල පතුරු ගැලවී යාමෙන් දරුණු හාණියක් සිදුවී, අවසානයේ දත් පිරවීමටද, දත් කොපු භාවිතයටද, දත් මුල්වල කානු කැපීමටද සිදුවිය හැකියි. ඔබේ මුඛයේ මිලියන ගණනාවක් බැක්ටීරියා ඇති අතර, මුඛය විදීම-සිදුරුවීම නිසා නිතරම පාහේ රෝග ආසාදන සහ ඉදිමීම් ඇතිවිය හැකියි. මුලින් මුඛයේ ඉදිමීම ඔබට හුස්ගැනීමේ අපහසුතා ඇති කරයි. වේදනාකාරී ආසාදන ඇති කරයි. විදුරුමසින් ලේ ගැලීම පාලනය කිරීමට අපහසු වෙයි. ලේ විෂවීම හා ලේ කැටිගැසීම සිදුවෙයි. මුඛයේ හිල් විදින්න යාමෙන් ඉතාම දරුණු ආසාදනයන් වන ‍''සෙංගමාලය'' හෝ ''එන්ඩොකාඩිටිස්ට්'' මැයෙන් හඳුන්වනු ලබන දරුණු හෘද රෝගයන්ද ඇතිවිය හැකියි. 
 
ඔබ මුඛ විදීමක්-සිදුරු කිරීමක් කිරීමට හිතනවා නම්, එයින් කතා කිරීමට, ආහාර හැපීමට හා ගිලීමට බාධාවක් වන බව කියන්න කැමතියි. ඒ වගේම
පහත දැක්වෙන ආබාධ ඇතිවෙන්නත් පුලුවන්  :
ආසාදනයන්, වේදනාව හා ඉදිමීම : 
ඔබේ මුඛය තෙතමනය සහිත ප්‍රදේශයක්. බැක්ටීරියා උපත ලබන ලොකූ ''තිඹිරි'' ගෙයක්. රෝග ආසාදන වලටත් නියම තැනක්. සුදුසු ප්‍රතිකාර නොකළහොත්, ආසාදනයක් ඉතාම ඉක්මණින් ජීවිත තර්ජනයක් වෙනවා. මුඛය විදීම-සිදුරු කිරීම නිසා ඔබේ දිවෙන් හැපීමට හා ගිලීමට අපහසුවක් ඇති කරනවා මෙන්ම,  හුස්ම ගන්නා වාතය පැමිණෙන මාර්ගය අවහිර කිරීමක්ද සිදුවිය හැකියි.
 
හානි සිදුවූ විදුරුමස සහ දත් පිරවීම :
මුඛයේ අංග විදගෙන සාමාන්‍යයෙන් චුයින්ගම් හපමින් සිටීම හෝ සෙල්ලම් කිරීමේ පුරුද්ද, ඔබේ විදුරුමස පුපුරා යාම, පැල්ලම් ඇතිවීම වගේම, දන්ත සංවේදිතාවය දක්වා විහිදෙන්න පුලුවන්. ඒ වගේම මුඛය විදීම පිරවූ දත්වලටත් හාණිකර වෙන්න පුලුවන්.
 
ලෝහ සඳහා දක්වන අධිසංවේදිතාවය : 
විදින ලද ප්‍රදේශයේ ඇලර්ජික් (ආසාත්මිකතාව) තත්ත්වයක් ඇතිවෙන්නත් පුලුවන්.
 
ස්නායු වලට සිදුවන හානි : 
දිව විද්දාට පසුව ස්නායු වලට හාණි සිදුවීම නිසා දිවේ කිසිම දැනීමක් නැති බව ඔබට දැනෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් එය තාවකාලිකයි. නමුත් මෙය සමහරවිට සදහටම වෙන්නත් පුලුවන්. මේ හානි වූ ස්නායුව ඔබේ කෑම රසය දැනීමට මෙන්ම දිව චලනය කිරීමටද බලපෑමක් කරනවා. දිවේ ලේ නහරවලට හාණි සිදුවීම නිසා දරුණු ලේ වහනයක් ද සිදුවිය හැකියි. 
 
දිව අධික ලෙස එල්ලා වැටීම : 
මේ නිසා දිව විදීම තුළින් කෙළ ගැලීම වැඩිවෙන්න පුලුවන්.  
 
දත් පරික්ෂා කිරීමේ අපහසුතා : 
දිවේ, මුවේ, පළඳනාවන් නිසා දත් පරික්ෂාවේදී කරන එක්ස් රේ පරික්ෂාවන්ට බාධා ඇතිවෙන්න පුලුවන්. 
 
ඔබ දැනටමත් නහය, දිව, තොල් හා නිකට විදගෙන සිටින්නේ නම් පහත දැක්වෙන කරුණු කාරණා හිතේ තියාගන්නවා නම් හොඳයි :
●ඔබට කුමන හෝ ආසාදනයක සංඥාවක් ලැබී ඇත්නම්, විදින ලද ප්‍රදේශයේ ඉදිමීමක්, වේදනාවක්, උනක්,       තැතිගැන්මක්, වෙවිලිල්ලක් හෝ රතු පැල්ලමක්, ‍වයිරමක්, ඇතිවී තිබේනම් වහාම ඔබේ දන්ත වෛද්‍යවරයා   හෝ වෛද්‍යවරයා හමුවන්න.   
 
●හැම කෑම වේලක් අවසානයේම දිවේ මුඛයේ පළඳනාවල රැ‍ඳෙන කෑලිබෑලි ඉවත් කර, විදින ලද තැන             පිරිසිදුව තබාගන්න.
 
●පළඳනාවෙන් දත්වලට තට්ටු දැමීමෙන් හා මුඛය විදීමේ පීඩනයෙන් ඈත්ව සිටින්න. තැන්පත් ලෙසින්, කතා   කරන විට හෝ යමක් හපන විට පළඳනාවේ චලනය ගැන සැලකිලිමත් වෙන්න. 
 
●පළඳනාව තදවී තිබෙනවාද කියන එක සිරිත් පරිදි (පිරිසිදු අත්වලින්) පරික්ෂා කරන්න. මෙයින් පළඳනාව         ගිලීමෙන් හෝ හිරවීමෙන්, ගැලවීයාම වළක්වාගත හැකිවනු ඇත. 
 
●ක්‍රීඩා කරන විට, පළඳනාවන් ගලවා තබන්න. මුඛය ආරක්ෂාව සඳහා මුඛ ආරක්ෂක වැසුමක් පළඳින්න.
 
●ඔබේ දන්ත වෛද්‍යවරයා සිරිත් පරිදි හමුවන්න. දිනකට දෙවරක් හොඳට දත්ටික මැද‍, නූලක් දමා පිරිසිදු කර   හෝදන්න. 
 
   අධ්‍යයන මානසික ආතතිය හා දත්කූරු කෑම
ඔබේ වයස අනුව බලන විට, ඉඳහිට ලොකු විභාගයකට රැය පුරාම පාඩම් කරන අවස්ථාවක හෝ ඔබ කැමැත්තෙන් සිටින පරිදි විද්‍යාලයකට ඇතුල් කර ගනීවිද යන්න වැනි  මානසික පීඩනයකින්, ආතතියකින් සිටින විට, නොදැනුවත්වම සිදුවන මෙය අලුත් දෙයක් නොවේ. අවාසනාවකට, නොදැනුවත්වම, මෙම මානසික ආතතිය ඔබේ දත්වලට හාණි කරන දත් ඇඹරිල්ලකට ඔබව යොමු කරයි. නොදැනුවත්වම නින්දේදී සිදුවන මෙම දත් ඇඹරිල්ල, දත්කූරු කෑම "බ්රුක්සිසම්" (Bruxism) යන නමින්ද හඳුන්වනු ලබන අතර ඉන් දත් ගෙවීයාමක් සිදුවෙනවා. සමහර අවස්ථාවලදී මෙම දරුණු පුරුද්දේ ප්‍රතිඵලයක් ලෙස දත් පිපිරීම,  දත් සෙළවීම හෝ දත් වැටීම සිදුවෙනවා. මේ නිදන්ගත දත් ඇඹරිල්ල ඔබේ මුඛය ගොයම් කපා පාළු වූ ඉපනැල්ලක් බවට පත්කරනවා. මෙය ඔබේ මුඛය තුළ පාළම් හදන්න,  ඔටුනු පළදින්ට, ඇල මාර්ග හදන්න, බොරු දත් හිටවන්ට, බොරු දත් කොටස් වශයෙන් දමන්න හෝ සම්පූර්ණයෙන්ම බොරු  දත් ඇන්දක් දමන්න  හේතුවක් වෙනවා.
දත්කූරු කෑම - "බ්රුක්සිසම්"- කට ඇරීම, වැසීම, අපහසු කරවන, වේදනා ගෙන දෙන, "ටෙම්ප්‍රොමැන්ඩිබියුලර්" (temporomandibular) රෝගය දක්වා විහිදී යනවා.  ඔබ සැලකිල්ලක් දැක් වූවා නම්, ඔබේ හකු ඇටය උදේට තුවාල වී ඇති බවක් දැනේවි. කට අරිනකොට, වහනකොට ''කිරි කිරි" ශබ්දයක් ඇහේවි. දත් වැඩියෙන් සංවේදියි කියලා දැනේවි. මෙය සිදුවන්නේ ඔබ රාත්‍රි නින්දේදී ද, දත්කූරු කෑම සහ ඇඹරිල්ල කරන නිසාමයි.  
දත්කූරු කෑමට ප්‍රතිකාර හා ඉන් වැළකීම
දත් ඇඹරීම, දත්කූරුකෑම මානසික ආතතිය නිසා සිදුවන්නේ නම්, රාත්‍රී ආරක්ෂිත ''ඇඳුමක්'' තිබෙන ඔබේ වෛද්‍යවරයාට හෝ දන්ත වෛද්‍යවරයාට ඒ බව කියන්න. එවිට ඔහු එය ඔබේ දත්වලට පළඳවා, රෝග ලක්ෂණයන්ගෙන් හා වේදනාවන්ගෙන් සහනයක් ලබාගැනීමට උපකාර කරනු ඇත. මානසික උපදේශනයන්ට සහභාගිවීම, ව්‍යායාම කිරීමේ වැඩසටහනක් කරා යොමුකිරීම, භෞතචිකිත්සකයෙකු හමුවීම හෝ විදුරුමස් හා මාංශපිඩු වේදනාවන්ට දෙන ඖෂධ වට්ටෝරුවක් ලබාදීම වැනි දෑ  විසඳුම් මනාප අතර වෙයි.  
 නින්ද නොයෑම නිසා දත් ඇඹරීම සිදුවන්නේ නම්, ප්‍රතිකාර කිරීමෙන් එය අඩුකිරීමට හෝ සම්පූර්ණයෙන් ඉවත්කිරීමට  හැකියාව ලැබෙනු ඇත. 
 
දත් ඇඹරිල්ල නතර කිරීමට සහයවන අනෙකුත් පොඩි "ටිප්ස් " :
●කැෆේන්, කෝලාස්, චොකලට් හා කෝපි බීමවලින් ඈත්වෙන්න. නැත්නම් සම්පූර්ණයෙන්ම අත්හරින්න.
 
●ඇල්කොහෝල් (මත්පැන්) වලින් ඈත්වන්න. ඇඹරිල්ල වැඩිවෙන්ට පුලුවන් ඇල්කොහොල් වැඩියෙන්         බිව්වාම. 
 
●ආහාර නොවන පෑන් පැන්සල් කන්න, හපන්න එපා. චුයින්ගම් කන්ඩත් එපා මන්ද, ඔබේ හකුඇටයේ               මාංශපේසී වැඩියෙන් භාවිතා වීම නිසා විදුරුමස හා මාංශ පේසී තදවෙන්න පුලුවන්. මේ තදවීම නිසා ඔබ දත්     ඇඹරිල්ලට වඩාත් යොමුවෙන්නත් පුලුවන්.
 
●ඔබේ දත්ඇඳි තද කරගෙන නොසිටීමට හෝ දත් නොඅඹරාසිටීමට පුරුදු  පුහුණුවන්න. ඔබ සැලකිල්ලෙන්     බැලුවහොත් පෙනේවි, දිවා කාලයේ මුඛය තද නොකරගෙන හා අඹරන්නෙ නැතිව සිටීමෙන්, දත් අතර දිව     තැන්පත්ව තිබෙන ආකාරය. මේ පුරුද්ද පුහුණුවීම තුළින් ඔබේ හකුඇටය ආවරණය වී ඇති මාංශපේශි වලට   විවේකයක් ලැබෙයි.
 
●ඔබේ හකුඇටය ආශ්‍රිත මාංශපේශී වලට විවේකයක් ලබාදීම සඳහා රාත්‍රී නින්දට යනවිට නිකට සහ කන්පෙති   ආවරණය වන පරිදි උණුසුම් රෙදිකඩකින්ඔතන්න.
 
මුඛ ආරක්ෂක බලකාය හා මුඛ සෞඛ්‍යය
ඔබගේ නව යොවුන් වියේදී, සමාජශීලීත්වය, එයට ගැළපෙන ලෙස හා හොඳ පෙනුමකින් ඉන්න එක, ආත්ම අභිමානයක් ගොඩනගාගැනීම සඳහා ඉතාම වැදගත්ය. සුවදායි ප්‍රසන්න සිනාවකින් මුව සරසා ගැනීමට, කැඩිච්ච, පණුවොකාපු, ගලවාපු දත් නොතිබීම, මේ ක්‍රියාවලියේ අංගයක්. ඉතිං ක්‍රීඩාව ඔබේ ජීවිතයේ ප්‍රධාන අංගයක් නම්, මුඛ ආරක්ෂක ආවරණයත් එසේම ප්‍රධානයි. ක්‍රීඩාවේදී මුඛ ආරක්ෂක වෙළුම්, කැප් ආවරණ, ඔබේ කැඩුණු දත් කොටස් හෝ සිදුරු වූ  දත්, දත්මුල් සහ අස්ථි හාණි මෙන්ම දත් ගැලවීයාම වැළැක්වීම සඳහා ද උපකාරී වෙයි. ඔබට වෙනත් ක්‍රීඩකයන් සමග හෝ තද පොළවක් සමගගැටෙන්න තිබෙන සෑම අවස්ථාවකදීම, මෙලෙස මුඛ ආරක්ෂකයක් පැළඳගෙන සිටීමේ යම් තේරුමක් තියෙනවා. ඔබට එවැනි මුඛ ආරක්ෂණ ආවරණයක් නැත්නම්, ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවී සුදුසු හා කල්පවත්නා මුඛ ආරක්ෂණ    
ආවරණයක් සවිකරගැනීමට බලන්න.
 
හොඳම මුඛ ආරක්ෂණ ආවරණය නම් ඔබේ දන්ත වෛද්‍යවරයා විසින් ඔබ සඳහාම සාදන ලද එකකි. කෙසේ වෙතත්, ඔබටම කියා මුඛ ආරක්ෂණ ආවරණයක් සාදා ගැනීමට මුදල් නැත්නම්, පොදුවේ කාටත් සාදා ඇති ආවරණ හෝ  දත් ඇඳි දෙපළට සරිලන ලෙස අර්ධ වළලු ආකාරයෙන් සාදා ඇති මුඛ ආරක්ෂණයක් පැළඳීය යුතුමය. ඔබ ඔබේ පහළ හකු මත වානේ හො වෙනත් දෙයකින් සාදන ලද බ්‍රේසර් වළලු පළඳා සිටී නම්, ඔබේ දන්ත වෛද්‍යවරයා විසින් එලෙසම සෑදූ දත් ආරක්ෂණ බ්‍රේසර් වළල්ලක් පැළඳීමට යෝජනා කරන්න පුලුවන්. මනා ලෙස නිමවූ මුඛ ආරක්ෂණ වළලු සහ දත් ඇඳි දෙකේ බ්‍රෙසර් වළලු පළඳා සිටින අයටත්, කෘත්‍රීම දත්ඇඳි ස්ථාවරව දමාගෙන සිටින අයටත් සමහරවිට විශේෂයෙන්ම වැදගත් විය හැකියි. මෙවැනි මුඛ ආරක්ෂණ බ්‍රේසර් වළලු සාමාන්‍යයෙන් ආවරණය කරන්නේ උඩු ඇන්‍ඳේ දත් පමණක් වුවත්, දන්ත වෛද්‍යවරයා හෝ දන්ත චිකිත්සක විසින්, ඔබේ පහළ දත්ඇන්ඳ මත ද බ්‍රේසර් දත්වළල්ලක් පැළඳීමට යෝජනා කළ හැකියි. ඔබ ප්ලාස්ටික් සහ වානේ කම්බි වලින් සෑදු කුඩා වළලු හෝ වෙනත් ඉවත් කළ හැකි දුව්‍ය වලින් සෑදූ උපකරණ භාවිතා කරන්නේ නම් ක්‍රීඩා කරන විට ඒවා ඉවත් කරන්න.  
 
මුඛ ආරක්ෂණවල පරිස්සමට ඉඟි කීපයක්  
 
●පාවිච්චි කිරීමට පෙර හා පාවිච්චි කිරීමෙන් පසු හැමවිටම දත් බෙහෙත් යොදාගෙන දත් බුරුසුවකින් මදින්න.
 
●ඉඳහිට මුඛ ආරක්ෂකය, සබන් මිශ්‍රිත සීතල අයිස් වතුරෙ පොඟවා, මැනවින් සෝදා පිරිසිදු කරන්න.
 
●මුඛ ආරක්ෂකය එහෙමෙහෙ ගෙනයාමේදී ශක්තිමත්, සුළං කවුලු ඇති, අසුරණයක බහා ගෙනයන්න.
 
●මුඛ ආරක්ෂකය හිරුඑළියේ හෝ උනුවතුරේ තබන්න එපා. 
 
●ස්වාභාවිකව හෝ නොදැනුවත්වම සිදුව ඇති හානි වලින් අලුත් වැඩියාවක් හෝ මාරුකිරීමක් කළ යුතුද           යන්න පරික්ෂා කර බලන්න.
   
දුර්වර්ණ වූ දත්
දුර්වර්ණ දත් ඔබේ මුව මඬලේ දිදුලන සිනාවට ඉතා දරුණු අන්දමින් බලපායි. මෙය නව යොවුන් වියේදී බැබලෙන සමාජයීය ජීවිතයක් ගතකිරීමට ඉමහත් බාධාවක් වෙයි. දත් දුර්වර්ණ වීමට කොතෙකුත් හේතු තිබුණත්, ප්‍රධාන දුෂ්ටයෝ වන්නේ වර්ණවත් ආහාර සහ බීම වර්ග, දුම්පානය කිරීම, බුලත්විට කෑම, ඖෂධ වර්ග, රෝග ආසාදන, පරිසරය හා දන්ත සෞඛ්‍යය පිළිබඳව ඇති මද දැනුමයි.
 
ජීවන ක්‍රමයේ ඇවතුම් පැවතුම්වල ඉතා සරල වෙනස්කම් කීපයක් ඔබට සිදුකළ හැකිනම්, දත් දුර්වර්ණ වීම වළක්වාගත හැකියි. නිදසුනක් හැටියට ඔබ කෝපි හා/හෝ  දුම්බොන කෙනෙක් නම්, එය අඩුකරන්න නැත්නම් දෙකම නවතා දමන්න. ඒ සමගම, ඔබේ දන්ත සෞඛ්‍යය වර්ධනය කරගන්න. හොදින් මදින්න, නූලක් දමා හෝ හොඳට හෝදන්න. දිනපතාම මුඛ ශෝධනයක් භාවිතා කරන්න. 6 මසකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වා පිරිසුදු කරවාගන්න.
 
කිසිම හේතු පැහැදිලි කිරිමක් කළ නොහැකි ලෙස, අසාමාන්‍ය අන්දමින් ඔබේ දත් දුර්වර්ණ වී ඇත්නම් සහ අනෙකුත් රොග ලක්ෂණ ද පහළ වී ඇත්නම්, වහාම ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවන්න.
 
එසේවුවත්, දත් සුදු කිරීමේ විවිධ පියවරවල් කීපයක් තිබෙනවා. නිවසේ, බෙහෙත් කඩවල සහ සම්භාහන ආයතනවල දත් සුදුකරන බෙහෙත් කට්ටල තිබෙන්න පුලුවන්. නමුත් අප දෙන හොඳම අවවාදය නම්, මේ කිසිම දන්ත කට්ටලයක් භාවිතා කිරීමට කලින් පළමුව දන්ත වෛද්‍යවරයෙකු හමුවන ලෙසයි. නියම මඟපෙන්වීමකින් තොරව දත් සුදුකරන කට්ටල වැරදි ලෙස හා නුසුදුසු අයුරින් පාවිච්චි කරන්නට යාමෙන් ඉතා දරුණු අන්දමින් දත්වලට හානි සිදුවිය හැකියි.
 
ඔබේ දන්ත වෛද්‍යවරයා ඔබේ මුඛය ගැන හොඳින් දනියි. ඔහු ඔබගේ දත් සුදුකරන්නට සිටින සුදුසුම, හොඳම පුද්ගලයාය. මේ දැනුම හා අවබෝධය මත, ඔබේ දන්ත වෛද්‍යවරයාට දත් සුදුකිරීමේ සිට ඔබ බල‍ාපොරොත්තුවන ප්‍රතිඵලය ළඟා කරගන්නට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් කළ හැකිවෙයි.
 
අසාමාන්‍ය පිහිටීම් ඇති විකෘති දත්
නැමී ඇදවී, තැන් තැන්වල විසිරී,  විකෘති වී දත් පිහිටීම, යොවුන් වියේ සිටින බොහෝ දෙනෙකුට තිබෙන පොදු ප්‍රශ්නයකි. මේ නිසා කතා කිරීමේදී හා සිනාසීමේදී ඔබ තුළ සියුම් සබකෝළයක් ඇතිවෙයි  ක්‍රමානුකූලව නොපිහිටි දත් (Crooked teeth) හා එකගොඩේ පිහිටි දත් (crowded teeth ) පිරිසිදු කිරීම හා පවත්වාගෙන යාම ඉතා අපහසු කාර්යයක්.   මෙම තත්ත්වය දත් දිරායාම, විදුරුමස් රෝග සහ නොදැනීම දත් ගැලවීයාම ආදියට උදව් දෙයි.
 
ගැටළු කීපයක් නිරාකරණය කිරීමට සහ මනා මුඛ සෞඛ්‍යයක් තහවුරු කිරීමටත්, දත්වල අනාගත පැවැත්ම උදෙසාත් භෞතචිකිත්සාවක් කිරීම අවශ්‍ය වෙයි. ඔබට මුඛ ආරක්ෂක බ්‍රේසර් වළලු වර්ග කීපයක්ම  භාවිතා කිරීමට සිදුවනු ඇත. 
 
වාසනාවකට වගේ, බ්‍රේසර්ස් වළලු දැන් ඉතාම සුවදායකයි. විවිධ වර්ණ වලින් ලබාගත හැකියි. දත්වලට ඇතුළතින් සවිකරන්නත් පුලුවන්. ප්‍රතිකාර කිරීමේ තවත් අවස්ථාවන්ද භෞතචිකීත්සකට ලැබෙනවා.  ඉතිං තවත් මොනවා කියනවද? දත් ආරක්ෂාව සඳහා, යම් යම් අවස්ථාවල දී, බ්‍රේසරයක් දැම්මාම වගේ අන් අයගේ ඇහැට නොපෙනෙන, දත් පැහැදිලිව විනිවිද පෙනෙන සහ භාවිතයෙන් පසු ඉවත් කළ හැකි පැහැදිලි ප්ලාස්ටික් එලයිනර්ස් (aligners) භාවිතය ලබාගන්න පුලුවන්.
 
වැඩිදුරටත්, ඉතාම සුවිශේෂ වැදගත් භෞතචිකිත්සා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සුදුසුකම් ලත් විශේෂඥ භෞතචිකිත්සකයෙකු කරා ඔබ යා යුතුමයි..
සිරගත වූ නැණවත්  දත
මුඛයේ - හක්කේ අග, කෙළවරේම ඇති දත් -"චාර්වක - Wisdom Teeth " වශයෙන් හැඳින්වෙයි. මුඛය ඇතුලේ සිරගතවූ ''නැණවත්'' දත් නැත්නම් විස්ඩම් -wisdom teeth- ටීත්, ඕනෙම වයසක පසුවන කාට කාටත් ටිකක් කරදර කරන දතක්. විස්ඩම් දත අපේ හක්කේ කෙළවර ඇති තුන්වන ''ඇඹරුම් දත''. එළියට පේන්නෙ නෑ. හැදෙන්න වැඩෙන්න වැඩි ඉඩකඩකුත් නෑ. 
 
චාර්වක දත් වැඩිහිටි අපේ මුඛයේ එන අන්තිම දතයි. මූලිකවම මේ දත එන්නෙ වයස අවුරුදු 17 - 19 අතර කාලයේය. බොහෝ අයට චාර්වක දත් 4ක් එනවා. හක්කේ උඩු ඇන්දෙ 2යි. යටි අන්දෙ 2යි වශයෙන්. 
 
චාර්වක -විස්ඩම්- දත වේදනා හා හාණි කරමින් දන්ත ප්‍රශ්න ඇති කරනවා අනික් දත්වලට. සමහර අවස්ථාවල ප්‍රශ්නයක් හැටියට පැහැදිලිව කියන්නත්  බෑ. ඉක්මණින් විසඳුමක් පේන්නෙත් නැහැ. මේ දත් පිරිසිදු කිරීමට අපහසුයි. ඒ නිසාම අනෙක් දත්වලට වඩා දත් දිරායාමේ සහ විදුරුමස් රෝග වැළඳීමේ වැඩි අවදානමක් තිබෙනවා.
 
චාර්වක - විස්ඩම් - දත්වලට රෝගයක් හැදුනොත්, අනික් දත්වලට හාණි හෝ වෙනත් දන්ත ප්‍රශ්න ඇති කරනවා. ඔබට පහත දැක්වෙන ලකුණු හෝ රෝග ලක්ෂණ අත්දකින්න පුලුවන් වේවි. 
 
රතු හෝ ඉදිමුණු විදුරුමස්
●විදුරුමස රිදීම හෝ ලේ ගැලීම 
●හක්කේ වේදනාව
●හකුඇටය වටා ඉදිමීම
●මුඛයෙන් දුගඳක් දැනීම
●මුඛයේ, දිවේ අප්‍රසන්න රසය
●මුඛය විවෘත කිරීමේ අපහසුව
 
ඉහත දැක්වෙන රෝග ලක්ෂණ දැනේ නම් වහාම දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න. ඔබේ හක්කේ ඇති අනික් අඹරුම් දත් මෙම චාර්වක දතක බලපෑමට ලක්වී තිබෙනවා වෙන්න පුලුවන්. මෙලෙස වේදනා සහ වෙනත් දන්ත රොග ඇතිකරන චාර්වක දත් සාමාන්‍යයෙන් ගලවා ඉවත් කරනු ලැබේ. 
මුඛයෙන් හෙළන දුර්ගන්ධ ප්‍රශ්වාස
"හාලිටොසිස් " Halitosisis යනු මුඛයෙන් එන දුඟදවාතයට කියන තාක්ෂණික වචනයයි. හුදෙක් කටින් පිටකරන "ගඳ ගහන" හුස්ම. අප සියලු දෙනාම අත්දැකලා තියෙනවා, එක් පුද්ගලයෙක් ඉන්නවා.  ඔහු හෝ ඇය ''කට ඇරියොත් ගමම ඉවරයි'' මේක නෙවෙයිනෙ නව යොවුන් පරපුරේ ඔබලා සිද්ධවෙනවා දකින්න කැමති. එහෙම නේද ?  හැමෝම තුළ,  මේ දුඟද හුස්ම සහ මුඛ සෞඛ්‍යය ගැන ඇති ඉතා අල්ප දැනුම තමයි මේකට පොදු හේතුව. 
 
ඔබ දිනපතා දත් මැදීමෙන් හෝ නූලකින් රැඳුනු දේවල් ඉවත්කර මනාව හේදුවේ නැත්නම් ආහාරවල කොටස් මුඛයේ රැ‍ඳෙනවා. එයින් විදුරුමසේ සහ දිවේ බැක්ටීරියා වර්ධනය වෙනවා. එයින් අප්‍රසන්න දුගඳක් එනවා. මේ ප්‍රශ්නයට ඉතාම පහසුවෙන් විසඳුමක් ලබාගන්න පුලුවන් දත් මැදීමෙන් හා නූලකින් රැඳුනු දේවල් ඉවත්කර, මුඛය සෝදා පිරිසිදු කිරීමෙන්. 
 
කෙසේ වෙතත්, ඔබගේ දත් මතුපිට ඝන තට්ටුවක් බැඳී ඇත්නම්, දත් මැදීමෙන් පමණක් එය කළ නොහැකියි. ඔබ දන්ත වෛද්‍යවරයෙකු හමුවී එය හූරා ඉවත්කර ගත යුතුයි. ඒ සමගම දන්ත වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි බැක්ටීරියා නාශක මුඛ සෝදනයක් කෙටි කාලයක් සඳහා පාවිච්චි කරන්නත් පුලුවන්.   
 
දුම්පානය නිසාද, රසායනික ද්‍රව්‍ය මුඛය තුළ රැඳීමෙන් හුස්ම පිටකරන විට දුගඳක් එනවා. සමහර අවස්ථාවලදී දුගඳ හමන වාතය දිගටම ආශ්වාස, ප්‍රශ්වාස කළාම ආමාශයේ ''ගැස්ට්‍රික් '' ගැටළු හා පෙනහලු රෝග ඇති වෙන්න පුලුවන්.
 
කරුණාකරලා ඔබේ දත් මදින්න !
 
දත් මැදීම, ඔබේ දත් ආරක්ෂා කර ගැනීමට ඇති ඉතාම වැදගත් ක්‍රියාවලියක්. ඔබ අඩුම තරමින්, දවසකට දෙපාරක්, උදේ සහ රෑ නින්දට යනවිට දත් මැදිය යුතුමයි.
ඒ සඳහා ෆ්ලොරයිඩ් අඩංගු දන්තාලේපයක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. රාත්‍රියේ නිදාගන්න යනවිට නූලකින් දත් අතර පිරිසිදු කළ හැකි නමුත් එය මැනවින් කරන්නේ කෙසේද කියා ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුයි.    
 
දත් දිරායාම
දත්වල මතුපිට ඝන කොටසේ ඇතිවන සිදුරු, කුහර, දත් දිරායාම ලෙස හඳුන්වනවා. අපි දත් දිරායාම ගැන සැලකිල්ලක් ‍නොදැක් වුවහොත්, නොදැක්කා සේ හිටියොත්, දත්වල ඇති සිදුරු, කුහර, විවර, අපට ඉතාම අපහසුදායක වේදනාකාරී තත්ත්වයක් ඇති කරනවා. මේවා ස්ථීරවම ඔබේ දත්වල මතුපිට ඇති ඝන වූ තට්ටුව දිරා ගොස් කුඩා පැලුම්, විවර හා සිදුරු ලෙසිනුයි ඇතිවෙන්නෙ, වර්ධනය වෙන්නෙ. මෙවැනි සිදුරු, කුහර ඇතිවීමට, ඔබේ මුඛයේ තිබෙන බැක්ටීරියා, නිරතුරුවම ආහාරයට ගන්නා "ශෝටීස්ට්" Short eats - Snacks -, සීනි අඩංගු පැණිබීම වගේම මුඛ සෞඛ්‍යය ගැන ඔබ තුළ තිබෙන මද දැනුම වැනි කරුණු කීපයක් ප්‍රබලව හේතුවෙනවා.  
 
දත්කුහර සෑදීම සහ දත් දිරායාම:
විශේෂයෙන්ම ළමයින්, නව යොවුන්වියේ පසුවන තරුණ තරුණියන් සහ වයස්ගත වැඩිහිටියන් අතර බහුලවම ඇති, ලෝකෙටම පොදු - ප්‍රධාන සෞඛ්‍ය ගැටළු අතරින් එකක්. එමෙන්ම ළදරුවන්ගේ ඇතුලු දත් ඇති ඕනෑම කෙනෙකුගේ දත්වල මෙම සිදුරු, කුහර ඇතිවිය හැකියි. 
 
කුහරයේ ප්‍රමාණය හා ස්ථානය මත දත් දිරායාමේ රෝග ලක්ෂණ වෙනස් වෙනවා. කුහරයක් යන්තම් පටන්ගන්නා විට, කිසිම රෝග ලක්ෂණයක් නොදැනිය හැකියි. එහෙත් දිරායාම ටික ටික වර්ධනයවන විට, පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇතිවෙන්න පුලුවන් :
 
●දත් කැක්කුම
●දතේ සංවේදිතාවය
●පැණිරස, උණුසුම් හෝ ශීතල දෙයක් ආහාරයට ගන්නා විට හෝ පානය කරන විට, සියුම් හෝ තියුණු වේදනාවක් දැනීම 
●දත්වල ඇතිවන සිදුරු කුහර පෙනෙයි
●දත මතුපිට දුඹුරු , කළු හෝ සුදු පැහැති කහට පැල්ලම් ඇතිවීම
●යමක් හපන විට වේදනාවක් දැනීම
 
දත්කුහර හා සිදුරුවලට ප්‍රතිකාර නොකළහොත් එය දත්වල ගැඹුරටම යා හැකියි. අන්තිමට දරුණුම කැක්කුම්, රෝග ආසාදනයන් හැදිලා දත ගලවන්නම සිදුවෙනවා. එම නිසා, නිතිපතාම දන්ත චිකිත්සාගාරයකට යෑම, දත් මැදීම හෝ නූලක් දමා දත් හොඳින් පිරිසිදු කිරීමේ පුරුද්ද, දත් දිරායාම හා දත්කුහර සෑදීමෙන් වළකා ඔබට ආරක්ෂාව සලසයි.
 
නූතන දන්ත වෛද්‍ය ක්‍රියාකාරකම්
 
දිරාපත්ව හෝ කැඩුණු දත්වල ඇති ආබාධය, දතට සීමාවී ඉන් එහාට විසිරී පැතිරී නැත්නම් පමණක්, නැවත පිරවිය හැකි ද්‍රව්‍ය යොදා පිළිසකර කළ හැකිය. මෙයට සරල අලුත්වැඩියාවක් යැයි කියනු ලැබේ. දිරාපත් තැන හෝ කැඩුණු කොටස දතේ අභ්‍යන්තර කොටසට (ලොඳ සහිත කුහරයට) ගොස් ඇත්නම්, එය නැවත සෑදිය නොහැකියි. එහිදී දතේ ස්නායු ඉවත්කර පිරවීමක් කළ යුතුයි. එය "රූට් කැනල් ප්‍රතිකාරය" ලෙස හඳුන්වයි. මෙහිදී දතේ ස්නායු හා කුහරයේ පල්ප්(ලොඳ) ඉවත් කර, විෂබීජ නසා පිරිසිදුකර, දත තුළට විශේෂ ද්‍රව්‍ය යොදා පුරවා සීල් කරනු ලැබේ. 
 
එම රූට් කැනල් ස්නායු පිරවීමෙ ප්‍රතිකාරයෙන් පසු, කොරෝනල් කොටසක් ලෙස coronal part හඳුන්වන, දතේ මුදුනේ මතුවී ඇති කොටස පිරවිය යුතුය. මෙය සුලු පිරවීමකින් කළ හැකිය. එහෙත් අධික වියදමක් දරා ඔටුන්නක් -crown- වැනි වැස්මක්-තොප්පියක් යොදා ද මෙම පිරවීම කළ හැකියි. මෙම ඔටුන්න -crown- දතේ හැඩයට, ප්‍රමාණයට ගැලපෙන, උඩින් වැසූවිට දත ආවරණය වෙන, දතේ ශක්තිය, පෙනුම වැඩිකරන "කැප්" තොප්පියක් වැනිය. මෙම ඔටුනු කැප් එක සිමෙන්ති දමා සවිකළ විට, දතේ පෙනෙන කොටස වසාගෙන විදුරුමස දක්වා ආවරණය කරයි.
 
ගැලවූ දත් වෙනුවට දත් නැවත දැමීම/සවිකිරීම තවත් වැදගත් කාර්යයකි. මේ සඳහා ක්‍රම සහ විධි ගණනාවක් තිබේ. දත් කුට්ටමක් දැමීම denture, වඩාත් පොදු, සරල සහ වඩාත් මිල අඩුම ක්‍රමයයි.
 
දත් පාලම් - ගැලවූ දත් එකක් හෝ ඊට වැඩි ගණනක් වෙනුවට මෙය භාවිතා කරනු ලැබේ. දත් පාලම් සවිකිරීම යනු ගැලවූ දතට යාබදව තිබෙන හොඳ ස්ථාවර දත් සමග කෘත්‍රිම දතක් හෝ කීපයක් එල්ලනු ලැබීමට කියන වචනයකි. සම්පූර්ණ කෘත්‍රිම දත්ඇන්දකටත් දත්පාලම  යනුවෙන් කියනු ලැබේ. 
 
දත් අලුතෙන්ම සිටුවීම - මෙය දත් අහිමිවීම වෙනුවෙන් ඇති වෙනමම විසඳුමකි. ශල්‍යකර්මයක් මගින් දත් නැවත සිටුවීමකි. දත්ඔටුනු -Crown-, දත්පාලම් -Dental Bridge- හා දත්ඇඳි -Denture- ලෙසින්ම මැනවින් ස්වාභාවිකව පිටට පෙනෙන්නකි. ශල්‍යකර්මයක් මගින් හකුඇටය සිදුරුකර කෘත්‍රිම දත් සිටවනවා. ඒවා හකුඇටය සමග මනා ලෙස සංයෝජනය වීමට, බැඳීමට මාස කීපයක් ඉඩ දී බලාසිටිය යුතුවෙයි. මෙම නැවත සිටුවීම කරන්නේ කලින් දත් තිබුණු ස්ථානයේමය. අලුතෙන් සිටුවන ලද කෘත්‍රිම දත්, දත්පාලමක් සේ දරා සිටියි. ස්වාභාවික දත්වලට ඉතාම සමානය. එය තනිවම කෙළින් දරා සිටියි. හකු ඇටය මත කෘත්‍රිම දත් සිටුවීමේ ක්‍රියාවලිය - ශල්‍යකර්මය "ආසියෝ ඉන්ටග්‍රේශන්" -Osseo integration- නමින් හැඳින් වෙයි. මෙවැනි ශල්‍යකර්මවලදී කෘත්‍රිම දත් සෑදීම සඳහා බොහෝවිට යොදාගන්නේ "ටයිටේනියම්" නැමති අගනා ලෝහයයි. මෙම කෘත්‍රිම දත් පිටස්තර ද්‍රව්‍යයක් ලෙස නොසලකා මැනවින් හකුඇටය සමග සංයෝජනය වෙයි. පෑහෙයි. තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව මෙම දත්සිටුවීමේ කාර්යයෙන් ලැබෙන යහ ප්‍රතිඵලවල ප්‍රගතිය වර්ධනය කිරීමට අගනා මෙහෙයක් ඉටුකරයි. නමුත් දත් සිටුවීමේ ශල්‍යකර්මයේ සාර්ථක හෝ අසාර්ථක භාවය රැඳීඇත්තේ එයට භාජනයවන පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය මත බව කිව යුතුමය. 
 
දත්වල ස්නායු පිරවුම් වැනි උසස් දන්ත ප්‍රතිකාර, විශේෂයෙන් පිහිටුවන ලද දන්ත චිකිත්සාගාර ඇති ශික්ෂණ රෝහල්වල සහ කොළඹ, පේරාදෙණිය, මහරගම පිහිටුවා ඇති සුවිශේෂ දන්ත චිකිත්සාගාරවල සහ රෝහල්වලදී සිදුකරනු ලැබේ. කෙසේ වෙතත්, දත්සිටුවීමේ ප්‍රතිකාරය තවමත් රජ්‍ය අංශයේ රෝහල්වල සිදු නොකෙරෙයි. 
 
 
 
 
 
 
 
 
 
 
FaLang translation system by Faboba