යෞවනියන්ගේ වැඩිවිය පැමිණීම තේරුම්ගන්න....

වැඩිවිය පැමිණි එකම ගැහැනු ළමයා ඔයා තමයි කියා ඔබට දැනෙනවා නම්, ඔබ මතක තබාගත යුතු පළමු කරුණ වන්නේ, මෙය ඔබට පමණක් නොව මේ ලෝකෙ ඉන්න හැම නව යොවුන් තරුණියකටම ඒක පොදු බවයි. ඉතිං ඔබ තනිවෙලා නෑ. එපමණක් නොවෙයි. තරුණියක් මෙලෙස වර්ධනයවීම, "වැඩිවිය පැමිණීම" සැලකිය යුතු සුවිශේෂී අවස්ථාවක් ලෙස මුලු ලොවම පිළිගන්නවා. ඔබ යෞවනියක් ලෙස වැඩෙන්නට පටන්ගත්තා කියන එක සනාථ කරන පළමු සාක්ෂිය මෙයයි. ඒ නිසා තමයි ඔබේ දෙමව්පියන්, ඔබට පළමු මාස්ශුද්ධිය සිදුවීමත් සමගම, එය සුවිශේෂ අවස්ථාවක් කරගෙන, ඔබට ආදරය කරන සියලුදෙනාම සමග එක්වී උත්සවයක් පවත්වන්නෙ. අපට තේරෙනවා, පළමු මාස්ශුද්ධියත් සමග විශේෂයෙන්ම, ශාරීරිකව සහ මානසිකව සිදුවන සියලු වෙනස්කම්, ඔබට හොඳින් තේරුම්ගන්න බැරි නිසා, සමහර විට මෙය තරමක් දරාගන්න බැරි, අපහසුදායක අවස්ථාවක් වෙනවා කියලා.

අපට ඉඩදෙන්න ඔබට උදව් කරන්න. ඉතාම රසවත් අත්දැකීමක් වුණත්, තරමක් අපැහැදිලි අවුල් සහගත තත්ත්වයක් වගේ පෙනෙන මෙම වෙනස්කම් සිද්ධවෙන්නෙ ඇයි ? ඔබ තවමත් "වැඩිවිය" පැමිණිලා නැතුව ඇති. නැත්නම් ඒ වගේ වෙනස්කම් සිද්ධවෙන්න පටන් අරන් ඇති. ඉදිරි මාසවල, අවුරුදුවල, සිදුවේයැයි ඔබ බලාපොරොත්තුවෙන් සිටින මේ දේවල් පිළිබඳව හොඳ දැනුමක්, අවබෝධයක් ලබාදෙන්න අපට පුලුවන්.

ඔබ විසින් පළමුවෙන්ම මතක තබාගත යුතු දේ නම්, වැඩිවිය පැමිණීමේදී සිදුවන සියලු වෙනස්කම් ඔබේ සිරුර තුළ ඇති හෝමෝනවල ක්‍රියාකාරිත්වය නිසාම සිදුවන බවයි. මොහොතක් සිතාබලන්න. ළදරුවෙකු වූ ඔබ වයසින් මුහුකුරා වැඩෙනකොට, ඔබේ මොළයෙන් මුදාහරින ජී.එන්.ආර්.එච්. GnRH හෝමෝනය නිසා වැඩිවිය පත්වීම ආරම්භ වෙනවා. මේ ආරම්භයත් සමගම, ඔබේ ශරීරයේ පිටතින් හා ඇතුළතින් වෙනස්කම් රැසක් සිදුවෙන්නට පටන්ගන්නවා. පිටතින් ඔබේ පියයුරු විශාල වෙනවා. යෝනි ප්‍රදේශයේ උකුල හා කිහිළිවල කෙස්, මවිල්, වැඩෙන්නට පටන් ගන්නවා. ඇතුළතින් ඔබේ ප්‍රජනන පද්ධතියේ අවයව වන ගර්භාෂය, යෝනි මාර්ගය, ඩිම්බකෝෂ විශාලවන්නට පටන්ගන්නවා. මේ හැම වෙනස්කමක් තුළින්ම ඔබව යොමුකරන්නේ ඔබේ ශරීරයෙන් ලේ - රුධිරය ඉවතට යන පළමු මාස්ශුද්ධිය කරාය. මෙය දළ වශයෙන් දින 3ක් හෝ 4ක සිට සතියක කාලයක් දක්වා පැවතිය හැකියි. මෙම දින ගණන - කාලය තරුණියකගෙන් තරුණියකට වෙනස්වන්න පුලුවන්.

නව යොවුන් තරුණියකගේ ඕනෑම වයස් මට්ටමකදී "වැඩිවිය පැමිණීම" සිදුවිය හැකියි. එය තීරණය කෙරෙන විවිධ හේතු සාධක බොහෝ තිබෙනවා. එකම වයසකදි හැමෝටම මේ "මාස්ශුද්ධිය" සිද්ධවෙන්නෙ නැහැ.

ඔබට උපතින්ම ලැබෙන ජානමය ලක්ෂණ සහ මූලිකාංග, ඔබේ ආහාර වේල, ඔබ ජීවත්වන පසුබිම, බර (මහත - මේදය) සහ දිනපතාම කරන ශාරීරික ව්‍යායාම මට්ටම ආදිය මෙම වෙනස්වීමට බලපාන විවිධ හේතූන්ය. අප හිතමු ඔබ බරින් අඩු කෙනෙක් කියලා. එහෙනම් "වැඩිවියට පත්වීම" ප්‍රමාදවන අවදානම වැඩිවෙන්න පුලුවන්.

කරුණාකර, වැඩිවියට පත්වන විවිධ අවස්ථා තේරුම් ගැනීමට හා මේ කාලයේ ඊට ඇති බාධක ජයගැනීමට මෙන්ම ඔබේ ශරීරය සහ සිතුම් පැතුම් තේරුම් ගැනීමට, දිගටම මේ ලිපිය කියවන්න.

  • වැඩිවිය පැමිණෙන පියවර(අදියර) සතර (4)
    යෞවනියක් වැඩිවිය පැමිණීම සාමාන්‍යයෙන් සිදුවන්නේ පියවර - අදියර- 4කින්. ඒවා මෙසේයි.

  • පියවර 1: ඒඩ්‍රිඅන්ආචේ - Adrenarche
    මෙම වැඩිවියට පැමිණීමේ ආරම්භක පියවර "ඒඩ්‍රිඅන්ආචේ - adrenarche" නමින් හඳුන්වනවා. වයස අවුරුදු 8 - 11 අතර යෞවනියන්ගේ ලිංගේන්ද්‍රියන් වර්ධනයවීමේ මුල් අවස්ථාව මෙයයි. ඔබගේ වකුගඩු දෙකට ඉහළින් පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථි (කුඩා පිරමිඩ හැඩැති ග්‍රන්ථි දෙකකි) මගින්, ඇන්ඩ්‍රොජන්ස් androgens නැමති හෝමෝනය නිපදවීම ආරම්භ කරයි. මෙම ඇන්ඩ්‍රොජන්ස් පසුව ඇස්ට්‍රජන් estrogen බවට වෙනස් වෙයි. ඇන්ඩ්‍රොජන්ස් හෝමෝනය, ඔබ දැන් ගතකරන්නේ වැඩිවියට පැමිණීමේ යහපත් වර්ධනීය අවස්ථාවක් බව පෙන්වන හොඳ ලක්ෂණයක්.

    2: වන අදියර - තෙල්ආචී - Thelarche
    මෙම පියවරේ දී ඔබේ පියයුරු කැපීපෙනෙන ලෙස වර්ධනය වෙනවා ඔබට දකින්න පුලුවන්. එය ගැහැනු ළමයින් බොහෝ දෙනෙකුගේ, වැඩිවිය පැමිණීමේ ආරම්භය බාහිරින් අපට පෙනෙන වෙනසයි. පියයුරු පුඩු(තන පුඩු) උස්ව පැමිණීම, පියවුරු පිහිටන තැන සමේ වර්ණය තද පැහැගන්ම සහ පියයුරු විශාල වීම ආරම්භ වන මේ අවධිය නැත්නම් අදියර - " තෙල්ආචී - thelarche" ලෙස ද හඳුන්වනු ලබනවා.

    3: වන අදියර - පියුබාච් - Pubarche
    උකුල ප්‍රදේශයේ සහ උරහිස් කිහිළිවල කෙස් වර්ධනය වන, වැඩිවියට පත්වීම කියාපාන තුන්වැනි පියවරටයි පියුබාච් - Pubarche කියන්නේ.

  • Menarche
    පළමු ඔසප්වීම නැත්නම් මාස්ශුද්ධිය ''මෙනර්ච් - menarche'' ලෙස හැඳුන්වනවා. ඔසප්වීම ඔබේ සිරුරේ සිදුවන බොහෝ විවිධ හෝමෝනවල, විශේෂයෙන්ම ඇස්ට්‍රජන් - Oestrogen හෝමෝනයේ ප්‍රතිඵලයක්. මුල්ම ඔසප්වීමේදී ලේ -රුධිර- වහනය බොහෝ විට, ඉතා ස්වල්පයක් හෝ අධික ලෙස වහනයවීම සිදුවෙයි. නියමාකාරයෙන් සිදුනොවන මෙය, ඔසප්වීම සෑදී වසරක් හෝ ඊට වැඩි කාලයක් නොකඩවා පැවතිය හැකියි. එසේවීමට බලපාන්නේ ඔබේ ශරීරය තුළ හෝමෝන වෙනස්කම්  සිදුවන ක්‍රියාවලියේ ආරම්භය වන නිසාය... 
  •  

 දැනගන්න යෞවනියන්ගේ ගර්භාෂය සහ ප්‍රජනන පද්ධතිය ගැන

ගර්භාෂය කියන්නේ, ඩිම්බ කෝෂ (බිත්තර) නිෂ්පාදනය කරන, ශුක්රාණු පිළිගැනීම සඳහා පාත්තරයක් ලෙස ක්‍රියාකරන, යෝනි මාර්ගය සමග පැලෝපීය නාල සම්බන්ධ කරන, ගැබ්ගෙල තුළින් පැමිණෙන ඩිම්බ කෝෂ හා පුරුෂ ශුක්රාණු එක්කර සංසේචනය කරන, දරු උපතකට මාර්ගය සලසන, යොවුන් ඔබේ ප්‍රජනන පද්ධතිය තුළ ඇති ප්‍රධානම අභ්‍යන්තර ඉන්ද්‍රියයි.
 
අභ්‍යන්තර අවයව - ඉන්ද්‍රියන් - THE INTERNAL ORGANS
බාහිර හා අභ්‍යන්තර වශයෙන් තරුණියන්ගේ ප්‍රජනන පද්ධතිය (අවයව - ඉන්ද්‍රියන්) සෑදී තිබෙනවා. ඒවා නම්, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල දෙක එක්වන ගර්භාෂය සහ යෝනි මාර්ගයයි.
 

1 රූපය - ස්ත්‍රී අභ්‍යන්තර ප්‍රජනක පද්ධතිය

ර්භාෂය Uterus

තරුණියන්ගේ දරුබොක්ක හෝ ගර්භාෂය කියන්නේ මිනිස් උපතක් සිදුවන ප්‍රධාන ඉන්ද්‍රියයි. එය පෙයාර්ස් ගෙඩියක හැඩයට සමාන, දරුවෙක් පිළිසිඳගත්විට, ක්‍රමයෙන් පුලුල්වන, මහත්වන, ඉන්ද්‍රියකි. ගර්භාෂයෙන් දරුවා මෙලොවට බිහිවන තෙක්ම ඉන් ආරක්ෂාවක් සහ අනගි සහයක් ලබාදෙයි. පැලෝපීය නාල දෙක ඉහළින් සහ දෙපැත්තකින් ගර්භාෂයට සම්බන්ධ වෙයි. ගර්භාෂයේ අභ්‍යන්තර තත්ත්වය හා ස්වභාවය ඔබගේ ඔසප්වීමේ චක්‍රය සඳහා ද බලපායි. වගකිව යුතු වෙයි. ගර්භාෂයේ ද මයොමීට්‍රියම් myometrium නමින් ඝන මාංශ පේශි (මස්පිඬු) බිත්තියක් ඇත. ගර්භාෂය තුළ පිරිමි ශුක්රාණු සමග සාරවත් ඩිම්බ කෝෂ, එක් එක් මාසයේ තැන්පත් නොවුනහොත්, එය ලේ සමග මිශ්‍රණය වී ඔසප්වීම නැත්නම් මාස්ශුද්ධිය සිදුවිය හැකියි. 
 
ඩිම්බ කෝෂ - Ovaries
ගර්භාෂය තුළ ආමන්ඩ් කජු ඇටයක හැඩය ඇති ඩිම්බ කෝෂ  දැකිය හැකිය. ගබඩා වී ඇති එම ඩිම්බ කෝෂ පසුව මෝචනය වී -සක්‍රීය වී- ගර්භාෂය වෙත නිදහස් වී පැමිණෙයි. එම ඩිම්බ කෝෂ ඔබේ ශරීරය තුළ ඇස්ට්‍රජන් - Oestrogen - සහ ප්‍රොජෙස්ටරොන් - Progesterone - හෝමෝන නිෂ්පාදනය කිරීමේ කාර්යය කරයි.
 
පැලෝපීය  නාල - Fallopian Tubes
ගර්භාෂයට ඉහළින් පිහිටා, ගර්භාෂය හා සම්බන්ධවන නාල පැලෝපීය නාල නම්න් හැඳින්වෙයි. මෙම පැලෝපීය නාල ගර්භාෂයේ දී එකක් විවෘතවන අතර අනික වැසෙයි. විවෘතවන අවසන් කොටසේ ඇඟිල්ලක් දිගුකර දැලක් සේ පෙනෙන ෆිම්බ්‍රී -fimbriae - කෝෂයක් දැකිය හැකියි. එයින් මෝචනය වන, නිදහස් වන ඩිම්බ කෝෂය අල්ලාගෙන, පැලෝපීය නාලය තුළට ඇතුල් කර, පසුව එය පැලෝපීය නාලය දිගේ ගර්භාෂය වෙත ගෙන එයි.
 
සටහන - ස්ත්‍රී ඩිම්බ කෝෂ (බිත්තර) පිරිමි ශුක්රාණු සමග සාර්ථකව සංසේචනය වීම, එකතු වීම, පැලෝපීය නාලය තුළ දී සිදුවෙයි. සාරවත්ව සංසේචනය වූ, එකතු වූ ඩිම්බකෝෂ (බිත්තර)  වර්ධනය වී, දරුවෙක් බවට පත්වෙන ගර්භාෂය තුළට ගෙන එනු ලබයි.
 
යෝනි මාර්ගය - Vagina
යෝනි මාර්ගය කියන්නේ ශරීරයට පිටින් පටන්ගෙන,  ගැබ්ගෙල ඔස්සේ ගොස් ගර්භාෂයට ඇතුල්වන මඟ පාදන ''මාංශමය කෙඳි fibro-muscular'' වලින් සෑදුන ධමනියක් වැනි මාංශ පේශි නාලයකි. යෝනි මාර්ගය දරු උපතක් සිදුවන, බිහිවන "ඇල මාර්ගය" ලෙස පොදුවේ සාමාන්‍යයෙන් කියනවා. ලිංගික සංසර්ගයක් තුළින් මුදාහරින ශුක්රාණු යෝනි මාර්ගය තුළ තැන්පත් වෙනවා.
 
ගැබ්ගෙල - Cervix 
ගැබ්ගෙල හෝ ගර්භාෂ දොර කියන්නෙ, යෝනි මාර්ගය තුළට ඇතුලුවන තුන්හුලස් (ත්‍රිකෝන)  හැඩයකින් යුත් කොටසටය. පුරුෂ ලිංගයෙන් නිකුත් වූ දියර වශයෙන් ඇති ශුක්රාණු ගර්භාෂයට නැත්නම් කුසට ඇතුල්වීමට ගැබ් ගෙල හරහා ගමන් කළ යුතුය.
 

 කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ බාහිරව පිහිටා ඇති මෙම යෝනි විවරය, පහත සඳහන් අංගයන් ගෙන් සමන්විත වෙනවා :

2 රූපය - බාහිර ස්ත්‍රී ප්‍රජනක අවයව

 යෝනියේ පිටත ඇති තොල් සඟල - Labia Majora

යෝනියේ පිටට මෙන්ම ඇතුළටද හැකුලුනු තොල් සඟලක් දැකිය හැකියි. පිටට ඇති තොල් සඟල ඇදිය හැකි ඝන සමකින් සහ තද පැහැයෙන් යුක්තය. ශක්තිමත් ලෙස වැවුණු කෙස් දැකිය හැකියි. නමුත් ඇතුළට හැකිලී ඇති තොල් සඟල ඉතාම සිනිඳුය. 
 
යෝනියේ ඇතුළත ඇති තොල් සඟල - Labia Minora 
විශාල තොල් සඟලට ඇතුළතින් හැකිලී පිහිටා ඇති කුඩා සිනිඳු තොල් සඟලකි. එමගින් ගර්භාෂයට පිවිසෙන දොරටුව සහ මූත්‍රා මාර්ගයට පිවිසෙන දොරටු ආරක්ෂා කරයි. 
 
මූත්‍රා පිටවන විවරය - Urethral Opening
මෙය යොනි මාර්ගයේ ඉහළින්, කුඩා භගමණියට පහළින් පිහිටා ඇති මූත්‍රා පිටවන ස්ථානයයි. එය මුත්‍රාශය හා සම්බන්ධ වන අතර මූත්‍රා කිරීමේ පහසුව අපට සලසයි. 
 
යෝනියට ඇතුලුවන දොරටුව - Vaginal Opening
මෙම යෝනි දොර පිටත සිට දැකිය හැකියි. ඝන තොල් දෙකකින් ආරක්ෂා වී ඇත. යෝනි මාර්ගය [දරුවෙක් මෙලොවට බිහිවන මාර්ගය] බාහිර ලෝකයට හා ගර්භාෂයට සම්බන්ධ වෙනවා. මෙම යෝනි මාර්ගයේ දොරටුව "කන්‍යා සිවිය" නමින් හඳුන්වන තුනී පටලයක් මගින් ආවරණය වන අතර ඔබ පළමු වතාවට ලිංගික සංසර්ගයේ යෙදෙනවිට පළුදුවෙයි. විනාශ වෙයි. එය සමහර විට වේදනාවක් ගෙනදෙන මෙන්ම රුධිර වහනයක් දක්වා පැතිර යා හැකි සිදුවීමක්.
 
භගමණිය - Clitoris.
භගමණිය -clitoris- ලෙස හඳුන්වන මෙ ඉන්ද්‍රීය කොටස කාන්තාවන් තුළ ලිංගික උත්තේජනයක් ඇති කිරීමට සමත් අතිශයින් සංවේදී අංගයකි.
 

 ඔසප් සිදුවීමේ චක්‍රය කියන්නේ, මාසයක් පාසා ඔබේ ශරීරයේ සිදුවන වෙනස්කම් ගැබ්ගැනීමක් සිදුවිය හැකි පරිදි සූදානම් කිරීමයි. සෑම මාසයකම ඔසප් සිදුවීමෙන් පසුව ''මෝචනය'' යැයි හඳුන්වනු ලබන, එක් ඩිම්බ කෝෂයක් (සාමාන්‍යයෙන් එක බිත්තරයක් ) නිදහස් වෙයි. 

 එම අවස්ථාවේදීම ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්වීම්, ගැබ්ගැනීමක් සඳහා ගර්භාෂය සුදානම් කිරීමට හේතුවක් වෙනවා. ඩිම්බ මෝචනය සිදුවීමෙන් පසු එකී ඩිම්බය ශුක්රාණු සමග මැනවින් එක්වී, සංසේචනය වී නැත්නම්, එය ඊලඟ ඔසප්වාරයට මග සලසයි. එහෙත් ඩිම්බ කෝෂය මැනවින් ශුක්රාණු සමග එක්වී සංසේචනය වී ඇත්නම්, බිළිඳාගේ වැඩීමට ගර්භාෂයේ අභ්‍යන්තර ක්‍රියාවලියෙන් සියලුම පෝෂ්‍ය පදාර්ථ සපයනු ලැබෙයි. 
 
ගැහැනු දරුවෙක් ඉපදෙන්නෙ, ශරීරය කෙදිනක හෝ භාවිතා කරනු ලැබූ සියලු ඩිම්බ කෝෂ (බිත්තර) නිසාය. ෆොසිල නමින් හඳුන්වනු ලබන‍, අභ්‍යන්තරයේ වෙන වෙනම ඇති කුටි තුළ, ඩිම්බ කෝෂ (බිත්තර) රැස් වී තිබෙනවා. දැරිය පරිණත භාවයට හා වැඩිවියට පත්වූ විට, විවිධ හෝමෝන වෙනස්කම් සිදුවෙනවා. මෙම හෝමෝන වෙනස්කම් නිසා බිත්තර හෝ ෆොසිල මෝරා වැ‍ඬෙනවා. පරිණත වෙනවා.
 
ඔබේ සිරුරේ නිපදවන ඇස්ට්‍රජන් - Oestrogen -  හෝමෝනය වැඩිවිය පැමිණෙන ගැහැනු දරුවන්ගේ ශරීරය තුළ සිදුවන වෙනස්කම් හා වර්ධනය වීම් සඳහා දායකවන ප්‍රධානම හේතු සාධකය වෙයි. එමෙන්ම ඇස්ට්‍රජන් Oestrogen ද ගර්භාෂ අභ්‍යන්තරයේ ඇති ගැබ්ගෙල තරල, පටක ඝන කිරීමට, ශක්තිමත් කිරීමට, දායක වෙයි. මෙම ෆොසයිල්ස් තව තවත් මෝරන විට පරිණත වන විට, ඇස්ට්‍රජන් හෝමෝනය වැඩි වශයෙන් නිපදවෙනවා. 
 
ඔබේ රුධිරයේ ඉහළ ප්‍රමාණයක් ඇස්ට්‍රජන් -Oestrogen- ඇති විටක, "LH රැල්ල" නමින් අප විසින් පොදුවේ හඳුන්වනු ලබන, ''ලුතියනයිසිං -Luteinizing- '' හෝර්මෝන විශාල ප්‍රමාණයක් හදිසියේම නිදහස් විය හැකියි.  මෙම "LH රැල්ල"  මගින් ගර්භාෂයේ ඇති ඩිම්බකෝෂ (බිත්තර) පිපිරී නිදහසේ මෝචනය වීමට, හොඳින් වැඩුනු ෆොසිලයන් උත්තේජනය කරනවා. මෙය "ඩිම්බ මෝචනය" නමින් හඳුන්වනු ලබන අතර, සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ මැද භාගයේදී හෝ ඔසප්වීම සිදුවී 12-14වන දින ආසන්නයේදී සිදුවිය හැකියි. 
 
සටහන - මුල් අවුරුදු වලදී, ගැහැනු දරුවෙක් වැඩිවියට පැමිණි විගසින් අහම්ඹෙන් මෙන් ඩිම්බ මෝචනය සිදුවෙන නමුත් සමහරවිට කිසිදු ඩිම්බ මොචනයක් සිදු නොවීමටද පුලුවන.  මෙය සිදුවන්නේ ඔසප්වීමේ චක්‍රයේ සිදුවන අක්‍රමිකතා නිසාය. ඔබට අපගේ ඔසප් අක්රමිකතා පිළිබඳ සුවිශේෂිත ලිපියෙන් මේ ගැන තව තවත් කියවන්න, දැනුවත් වෙන්න පුලුවන්.          (කරුණාකර එම සබැඳියට මෙතනින් පිවිසෙන්න)
 
සමහරවිට, වේදනාකාරී විය හැකි "මිට්ල්ස්මියර්ස් - Mittelschmerz " වේදනා කියන්නෙ, ඩිම්බ කෝෂ මෝචනය වී බිත්තර නිදහස් වනවිට දැනෙන යටි බඩේ රුදාව, වේදනාව හෝ ඔසප් චක්‍රයේ මැදදී සිදුවන වේදනාව ලෙස හඳුන්වනු ලබන වේදනාවයි. 
 
මෝචනය වී නිදහස් වූ බිත්තරයක් පැලෝපීය නාලයක් තුළට ගමන් කරයි. මෙම බිත්තරය පැලෝපීය නාල අභ්‍යන්තරයේ ඉතා සිහින්ව පිහිටා ඇති "මාංශමය කෙස් " අතරින් ඩිම්බකෝෂ ගර්භාෂය දෙසට ගමන් කරවයි. ඩිම්බ කෝෂ (බිත්තර) ගර්භාෂයට පැමිණි පසු ශුක්රාණු ඇතුලු වී ඇත්නම්, ඩිම්බය හා එක්වී සංසේචනය වෙයි.
 
සටහන - බිත්තර ගර්භාෂයට ලඟා වීමට පෙර පැලෝපීය නාලය තුළදී එක්වී සංසේචනය වුවහොත්, එය පැලෝපීය නාලය ඇතුළත තැන්පත් වී ගැබ්ගැනීමක් සිදුවෙන්න පුලුවන්. ගර්භාෂයෙන් පිටතදී සිදුවන ඕනෑම ගැබ්ගැනීමක් "අනියම් ගර්භනී අවස්ථාවක් '' (ectopic pregnancy) ලෙස හැඳින්වෙන අතර එය ගැබිනි කාන්තාවන්ගේ ජීවිතයට විශාල තර්ජනයක් ද වෙනවා.
 
ඩිම්බ මෝචනය සිදුවූ පසු, බිත්තර පුපුරා ගිය මෙම ෆොසිලය නිෂ්ක්‍රීය -Corpus Luteum- තත්ත්වයට පත්වෙයි. නිෂ්ක්‍රීය වුවද, එයින්, ගර්භාෂය තුළ ඇස්ට්‍රජන් -Estrogen- සහ ප්‍රොජෙස්ට්රෝන් -Progesterone- හෝමෝන විශාල ප්‍රමාණයක්  නිෂ්පාදනය කරයි. ගර්භනී භාවයේ ප්‍රධාන හෝමෝනය ප්‍රොජෙස්ට්රෝන් හෝමෝනයයි.  ප්‍රොජෙස්ට්රෝන් හෝමෝනය ගර්භාෂයේ අභ්‍යන්තරය ශක්තිමත් කරයි. Progesterone ගර්භාෂය අභ්‍යන්තරයේ (ගර්භයේ ඇතුළත) මෙන්ම ශරීරය තුළ ඇති, අන්තරාසර්ග ග්‍රන්ථිය, කේතුක ග්‍රන්ථිය, පිටියුටරි ග්‍රන්ථිය, අග්ඥාසය - ඇල දිව, තයිරොයිඩ් ග්‍රන්ථිය, පැරතයිරොයිඩ් ග්‍රන්ථි, හයිපොතැලමස්, අධිවෘක්ක ග්‍රන්ථිය ආදී බෙහෝ ග්‍රන්ථි ආවරණය කර ආරක්ෂා කරයි. 
 

සමහර දරුවන් වැඩිවියට පැමිණීම වයස අවුරුදු 14 තෙක් සිදු නොවුනත් ඇයගේ ද්ව්තීක ලිංගික ලක්ෂණ තිබේ නම් ප්‍රතිකාර සදහා යොමුකිරීම අවුරුදු 16 තෙක් ප්‍රමාද කළ හැක. නමුත් අවුරුදු 14 වන විටත් ද්ව්තීක ලිංගික ලක්ෂණ පහල වී නොමැතිනම් ප්‍රතිකාර සදහා යොමු කළ යුතුය.

FaLang translation system by Faboba