සාමාන්‍යයෙන් නව යොවුන් වියේදි හිතේ ඇතිවෙන වේගයන්ට ආතතීන්ට අමතරව සමේ රෝගයකුත් හැදුනොත් ඔයාට මොකක් හිතෙයිද? ටිකක් හිතල බලන්නකො. කොහොම උනත් හදිසියෙම ඔයාගේ මූණේ මතුවෙන කුරුලෑ ඉන්නන් නිසා යහලුවො යෙහෙලියො අතරෙදි වගේම සමාජයේදී ඔයා අනවශ්‍ය අවධානයට ලක් වෙන්න පුලුවන්. එතකොට ඔයාට හිතෙයි ‘අනේ මේවා හැදෙන්නේ මටම විතර ද කියලා. ඒත් ඇත්තටම නං ඒක එහෙම නෙමෙයි. හිරිමල් වියේදී සමේ ඇතිවන මේ වගේ තත්ත්වයන් හරිම සුලබයි. ඒ වුණාට නිසි පෙර සැලකිල්ලකින් ප්‍රතිකාර ගත්තා නම් ඒවා බොහෝ දුරට අඩුකර ගන්න පුලුවන්. නැත්තටම නැතිකරගන්න වුනත් පුලුවන්. ඔය වයසෙදි හැදෙන්න ඉඩ තියෙන සමේ රෝග කිහිපයක් ම තියෙනවා. වැදගත්ම දේ තමයි, ඔයාගෙ සමේ රෝගය මොකක් වුනත් එයින් ඔයාගෙ ජීවන රටාවට හරි ආත්ම ශක්තියට බලපෑමක් වෙන්න ඉඩ දෙන්න නෑ කියන එක අධිෂ්ඨානය.
 

{slider කුරුලෑ}

ඔයාට කුරුලෑ තියෙන්නත් පුලුවන්. නැත්නම් හැදෙන්නත් පුලුවන්. හැබැයි ඒක ඔයාට විතරක් තියෙන, හැදෙන එකක් නෙමෙයි. නව යොවුන් වියේ ඉන්න අයගෙන් 80% කට විතර කිසියම් කුරුලෑ වර්ගයක් යම්කිසි අවස්ථාවක ඇති වෙනවා. ඒ ඔය වයසේ හැටි. ඔයා ගැහැනු ළමයෙක් නම්, හැම ඔසප් චක්‍රයකටම ඉස්සෙල්ලා කුරුලෑ මතුවෙන්න පුලුවන්. කුරුලෑ සුදු හිස් ලෙස (White heads) කළු හිස් ලෙස  (Black heads) වගේම සැරව පිරුණ කුඩා බිබිලි ලෙස මතු වෙන්නත් පුලුවන්. ඒත් ඒ ගැන අනවශ්‍ය ලෙස සිතමින් ආතතියට පත් වෙන්න ඕන නැහැ.

කුරුලෑ සෑදෙන්නේ ඇයි?

මේවා සෑදෙන්නේ නව යොවුන් වියේදි හොර්මෝන වල සිදුවෙන යම් යම් වෙනස්කම් නිසයි. සමේ මතු වන තෙල් සහිත ස්‍රාවයන් මැරුණ සෛල හා එක්වෙලා රෝම කූප ආරම්භ වෙන තැන්වල ඉඳලා සම මතු පිටට එන සියුම් නාල අවහිර කරනවා. ඉතිං ඒවා මත සමේ තියෙන බැක්ටීරියා වර්ධනය වෙලා ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඒ අවට සැරව පිරුණ කුඩා බිබිලි හට ගන්නවා. ඒවට අපි කුරුලෑ කියලා කියනවා.

කුරුලෑ සදහා ප්‍රතිකාර සහ වැලක්වීම්?කුරුලෑ වලට ක්ෂනික ප්‍රතිකාර ඇත්තෙ නැහැ. ඒ සඳහා දීර්ඝ කාලීන රැක බලා ගැනීමක් ඕනැ වෙනවා. ඒ වුනත් පහත තියෙන පහසු පියවරවල් මගින් ඒකේ තියුනු බව අඩුකර ගන්න පුලුවන්.

■ සම තෙල් සහ දූවිලි බැඳීමෙන් නිදහස් ව තියාගන්න. ඒ සඳහා නිවාගත් උණු වතුර සහ මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න. තද උණුවතුර, ජලවාෂ්ප හෝ තද සීතල ජලය පාවිච්චියෙන් කුරුලෑ තවත් වැඩිවෙන්න පුලුවන්.
■ කුරුලෑ සහිත සම තදින් ඇතිල්ලීමෙන් වලකින්න. මුහුණ සෝදන විට විට සැර සබන් වර්ග, පිරිසිදු කාරක, වගේ දේවල් පාවිච්චි කරන්න එපා. සිනිඳු තුවායක් හරි ඇඟිලි හරි පාවිච්චි කරන්න.
■ බොහෝ වේලාවක් සේදීමෙන් වළකින්න.
■ සම මත සිදුරු වසන රූපලාවන්‍ය ද්‍රව්‍ය යොදන්න එපා. තෙල් රහිත, සමේ සිදුරු නොවසන ද්‍රව්‍යයක් යොදාගන්න.
■ කුරුලෑ මිරිකීමෙන් කැඩීමෙන් වලකින්න. එහෙම කරද්දී බැක්ටීරියා සම ඇතුළට කා වදින්න පුලුවන්. කුරුලෑ කැඩිමේ දී ආසාදන තත්ත්වය තවත් වර්ධනය වෙලා නොමැකෙන කැලැල් ඇති වෙනවා.
■ දන්තාලේප ආලේප කිරීම වැනි ගොඩ වෙදකම් කිරීම සුදුසු වන්නෙ නැහැ.

මේ දේවල් කරාට පස්සෙත් කුරුලෑ අඩු නොවුණොත් සමේ රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවන්න.

තෙල් සහිත සමක් තිබීම එතරම් ලස්සණක් නැති වුනත් එය ඉතා සුලබව දකින්ට තියෙනවා. එය බොහෝ වෙලාවට ලිස්සන සුළු, ඝනැති, අඳුරු පැහැති සමක්. ඒකේ ගොරෝසු සිදුරු හා අනෙකුත් කළු හිස් තියෙන්න පුලුවන්. තෙල් සහිත සමෙහි ස්නෙහස්‍රාවී ග්‍රන්ථි වැඩිපුර ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා තෙල් සහිත ස්‍රාවයන් වැඩිපුර නිතුත් කරනවා. මෙයින් සමට ලිස්සන සුළු දිලිසෙන ගතියක් ඇති වෙනවා. හැබැයි සමේ සිදුරු විශාල වෙනවා, සම ගොරෝසු ගතියක් පෙන්නුම් කරනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් තෙල් සහිත සමේ කුරුලෑ නිතර නිතර හැදෙනවා. ඒත් සමහර අයගේ තෙල් සහිත සමක් තිබුණත් කුරුලෑ හැදෙන්නැති අවස්ථාත් තියෙනවා.

තෙල් සහිත සමක් ඇති වීමට හේතු÷

ප්‍රධාන වශයෙන් ම මෙහෙම සමක් ඇති වෙන්නේ ආරෙන්. ඒ කියන්නේ ජානමය වශයෙන් ම              ස්නෙහස්‍රාවී ග්‍රන්ථි වැඩිපුර ක්‍රියාකාරී වෙනවා. ඊට  අමතර ව හෝර්මෝන වල වෙනස්කම් නිසා ද තෙල් සහිත සමක් ඇතිවෙන්න පුළුවන්.

ප්‍රතිකාර සහ වැලැක්වීම÷

ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම් සේදීමේ දී වැඩිපුර අතුල්ලන්න එපා. සැර පිරිසුදු කාරක, සැර සබන් වර්ග පාවිච්චි කරන්නත් එපා. ඒවා පාවිච්චි කළොත් ආසාදන ඇතිවෙලා තත්වය තවත් නරක් වෙන්න පුලුවන්. සෝදන වෙලාවෙදි මෘදු  පිරිසිදුකාරක වගේ තෙල් රහිත මොයිස්චරයිසර්ස් පමණක් පාවිච්චි කරන්න. තෙල් රහිත, ජලය පදනම් කර ගත් රූපලාවන්‍ය ආලේපන භාවිතා කරන්න.

 

සිරුරෙන් දුඟඳ හමන කිසිම කෙනෙක් ඇසුරු කරන්න කවුරුත් ප්‍රියවෙන්නෙ නෑ. ඔයා නව යොවුන් වියේ ඉන්න එක්කෙනෙක් නම් මෙය වඩාත් දැනෙන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. හැබැයි මේක බොහෝ අය ලොකු ප්‍රශ්නයක් විදිය සැලකුවත් ඒක එහෙමනෙමේ. මේක පහසුවෙන් ම ප්‍රතිකාර කරන්න පුලුවන් තත්වයක්.

දුඟඳ හැමීමට හේතුව÷

මෙහෙම දුඟඳ හමන්න හේතුව වෙන්නේ සම මත තියෙන බැක්ටීරියා විසින් දහඩිය වල ඇති ප්‍රෝටීන වර්ග මත ක්‍රියා කර අම්ල බවට හැරවීමයි. මේක විශේෂයෙන්ම දකින්නට තියෙන්නේ දහඩිය ග්‍රන්ථි වැඩිපුර තියෙන කිහිලි වල සහ ඉකිලි වලයි.

ප්‍රතිකාර සහ වැලැක්වීම÷
■ දිනපතා ස්නානය
■ සේදූ පිරිසිදු ඇඳුම් ඇඳීම
■ කිහිලි වලට ඩියෝඩරන්ට්ස් (deodorants) පාවිච්චි කිරීම. එයින් එම ස්ථානය තවත් ආම්ලික වෙලා බැක්ටීරියා වලට වාසය කරන්න බැරි පරිසරයක් හදනවා. ඩියෝඩරන්ට්ස් (deodorants)වලින් පිළිකා හැදෙන්නෙ නෑ.
■ දහඩිය ඇතිවීම වලක්වන ඖෂධ වර්ග වලින් සම සහ දහඩිය නාල අතර අවහිර කරනවා. එයින් දහඩිය පිට වීම අඩු කරනවා.

සමෙහි නම ලිවීමට හැකි තරම් වියලි සමක් ඔයාට තියෙනවද? සම වියලෙන්නේ සමෙහි ඇති තෙතමනය අඩු වීම නිසයි. එවිට සම රළු වී, පැලී, වියලී, පොතු ගැලවෙන තත්වයට පත් වෙන්න පුලුවන්.

සම වියලීමට හේතු÷ 

පහත සඳහන් හේතු නිසා සම වියලීම ඇති වෙනවා.

■ විවිධ වෛද්‍යමය හේතු
■ වැඩිපුර රූපලාවන්‍ය ආලේපන භාවිතය
■ සුවඳ විලවුන් සහ සැර සබන් වර්ග භාවිතය
■ විජලනය
■ වැඩිපුර හිරු රැසට නිරාවරණය
■ රසායන ද්‍රව්‍ය වලට නිරාවරණය
■ පාරිසරික හේතු
■ වුවමනාවට වඩා නිතර සේදීම

ප්‍රතිකාර සහ වැලැක්වීම÷

■ සුවඳ රහිත මූලික මොයිස්චරයිසරයක් පාවිච්චි කිරීම.
■ හිරු එළියට නිරාවරණය නොවී සිටීම.
■ දිනකට ලීටර් දෙකකට වඩා හොඳින් ජලය පානය කිරීම..

මෙම පියවර ගැනීමෙන් බොහෝ අයට සමෙහි වියලි ගතිය මග හරවා ගන්න පුලුවන්.
 
 
සාමාන්‍යයෙන් නව යොවුන් වියේ තට්ටය පෑදීම දක්නට ලැබෙන්නේ අඩුවෙන් නිසා ඒ ගැන ඔබ කලබල වෙන්න ඕන නැහැ. දිනකට කෙස් ගස් 50-100 දක්වා ගැල වී යාම සාමාන්‍යයි. එහෙත් මීට වඩා වැඩි ප්‍රමාණයක් යනවා නම් ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන.
කෙස් හැලීමට හේතු÷
නව යොවුන් වියේදීම කෙස් හැලීම සිදු වීමට හේතුව ඔබ අසනීප තත්වයකින් පසු වීම හෝ නිසි ලෙස ආහාර නොගැනීම වෙන්න පුලුවන්. පිළිකා රෝග වලට ඖෂධ ප්‍රතිකාර ගන්නා අයට ද කෙස් හැලීම සිදු වෙනවා.
හවරි දීර්ඝකාලීනව පාවිච්චි කිරීමෙන් නිතර කෙස් ඇදීම නිසා ද, කෙස් හැලීම සිදු වෙන්න පුලුවන්. බොහෝ විට යොවුන් වියේ කෙස් හැලීම තාවකාලිකයි.
ප්‍රතිකාර÷
ඔයාට  කෙස් හැළීම තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. එහි දී නිසි රෝග පරීක්ෂාවක් කර හේතුව සොයා ප්‍රතිකාර ගත්තාම මෙය හොඳ කර ගන්න පුලුවන්.
 

පිරිමි ළමයෙකුට නම් මෙය එතරම් ප්‍රශ්නයක් වන්නෙ නෑ. එහෙත් ගැහැනු ළමයෙකුට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. බොහෝ විට  තොල් මත නිකට පපුව ආදී ස්ථාන වල තුනී රෝම වැඩීම සිදුවෙන්න පුලුවන්. ඝන  තද පැහැති ගොරෝසු රෝම වැඩීම හර්සියුටිසම් නමින් හැඳින්වෙනවා.

හර්සියුටිසම්(Hersiutism)¦

මෙය පොලිසිස්ටික් ඩිසීස් ඔෆ් ඕවරීස් (polycystic ovarian syndrome) එනම් ඩිම්බ කෝෂ වල ඇතිවෙන දියර පිරි ගෙඩි සමූහයක් ඇති අයට දක්නට ලැබෙන තත්වයක්. රෝම වර්ධනයට අමතර ව ඔවුන්ට දියවැඩියාව, බර අඩු වීම,  ඔසප් චක්‍රයේ  වෙනස් වීම්, කුරුලෑ ආදිය තියෙන්න පුලුවන්.

අනවශ්‍ය රෝම වලට ප්‍රතිකාර :

    • ■ බූ ගෑම -  මෙය පහසු අතුරු ආබාධ නැති ක්‍රමයකි. රෝම ඉවත් කළ ස්ථානයේ  තාවකාලික සුළු දැවිල්ලක් ඇති වෙන්න පුලුවන්.
      ■ බ්ලීචින් (bleaching) - රෝම ලා පැහැයට හැරවීම තාවකාලික ප්‍රතිකර්මයක්. මෙය සැමට සුදුසු වන්නෙ නෑ.
      ■ ඉටි යෙදීම -  රෝම ගැලවීම වේදනාකාරී වෙන්න පුලුවන්. රෝම කූප සෛල වලට හානි සිදුවෙන්න පුලුවන්. කැලැල් ඇති වෙන්න ඉඩ තියෙනවා.
      ■ ඉලෙක්ට්‍රෙයිසිස්: (electrolysis) - විදුලිය යොදා රෝමකූප සෛල ස්ථිර ව  ඉවත් කිරීම. මෙය වේදනාකාරී වෙනවා වගේම කාලයක් ගත වෙනවා.  කැලැල් ඇති වීම සම අවපැහැ ගැනීම සිදුවෙන්න පුලුවන්.
      ■ ලේසර් ප්‍රතිකාරය - ලේසර් කිරණ ධාරාවක් මගින් රෝම ඉවත් කරනු ලබනවා. මාස කීපයකට සාර්ථක වෙනවා. සුදු සම ඇති තද පැහැ රෝම ඇති අයට සිදු කරන්න පුලුවන්.
  • ඔයාගෙ වයසේ සිටින අය පච්ච වලට ප්‍රියතාවයක් දක්වනවා. එය පුද්ගලයකුගේ අනන්‍යතාවය හඟවන ලකුණක් කියලනෙ කියන්නෙ. එහෙත් පච්චය කියන්නෙ කෙටුවයින් පස්සෙ ස්ථිරවම තියෙන දෙයක් හින්දා එය කොටා ගැනීමට පෙර හොඳින් සිතා මතා තීරණය කරන්න. නැත්නම් පසු ව පසු තැවීමට සිදු වෙන්න පුලුවන්. මොනවා වුනත් පච්චයක් නිසා ඔයාගෙ නිරෝගීබවට ඇතිවන බලපෑම  වගේම   අතුරු ආබාධ ගැන දැනගෙන ඉන්න එක වැදගත්ත.

    ■ විෂබීජහරණය නොකළ ඉඳිකටු හා උපකරණ පාවිච්චිය තුළින් හෙපටයිටිස්, ඒඞ්ස් වැනි රුධිරය මගින් බෝ වන රෝග වැළඳීමට ඉඩ තියෙනවා.
    ■ ඉවත් කිරීමේ දුෂ්කරතා
    ■ අසාත්මිකතා ඇති වීම
    ■ ග්‍රැනුලොමටා සෑදීම - පච්ච සඳහා පාවිච්චි කරන වර්ණක ශරීරය විසින් බාහිර දෙයක් ලෙස හඳුනාගන්නවා ඒ නිසා  එයට විරුද්ධව ඒ වටා ඇති වන ක්‍රියාකාරිත්වය නිසා ගැටයක් වගේ දෙයක් හැදෙනවා.
    ■ කීලොයිඞ් සෑදීම - සාමාන්‍ය කැලැල් සීමාව ඉක්මවා ඇති වෙන කැලැල් මේ නමින් හැඳින්වෙනවා
    ■ රූපලාවන්‍ය ද්‍රව්‍ය වලට අසාත්මිකතා ඇති වීම.

    යොවුන් වියේ පසු වන අය බොහෝ රූපලාවන්‍යද්‍රව්‍ය භාවිතා කිරීමට පුරුදු වීම අද සමාජයේ දක්නට ලැබෙන ප්‍රවණතාවයක්. එය බහුල ව භාවිතය සෞඛ්‍යට හිතකර නැහැ. ඔයා මතක තබා ගන්න ඕන කාරණය තමයි හැමවෙලාවෙම තමාගේ සමේ වර්ණයට ගැලපෙන නිෂ්පාදනයක් තෝරා ගැනීම අවශ්යයි කියනඑක.
     
    බාහිර පරිසරයට නිරාවරණය වන විට සම මත බැඳෙන ග්‍රීස් තෙල් සහ මේක් අප් භාවිතයෙන් පසු  ඉවත් කිරීමට ද  සිදුවෙනවා. සම පිරිසිදු කරන විට ඇල්කොහොල් රහිත, ජල පදනමක් සහිත පිරිසිදු කාරකයක් භාවිතා කරන්න. තදින් ඇතිල්ලීමෙන් වැළකී අළුත් සිනිඳු තුවායක් භාවිතා කරන්න. බොහෝ අය කරන වැරැද්දක් නම් පිරිසිදු කරද්දී සම  මත ඇති දෑ සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමයි. අපේ  සම මත ස්වාභාවිකව සම ආරක්ෂාවට පවතින දේවල් තදින් ඉවත් කිරීම සමට හොඳ නැහැ. ඒ නිසා හැමවෙලාවෙ මෘදු ලෙස කිරීමට මතක තබා ගන්න. ඒ වාගේ ම පිටත යන වෙලාව හිරු එළියෙන් ආරක්ෂා වෙන්න සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා.

    වියළි සම

    වියළි සම ප්‍රමාණවත් තරම් sebum (තෙල්) නිර්මාණය කළ නොහැකි විට හෝ තෙල් ග්‍රන්ථි අක්‍රිය නිසා ඇතිවේ. වියළි සමට බොහෝ විට, වියළි බිබිලි සහිත, රතු, හා කසනසුලු විය හැක.

    තෙල් සහිත සම

    සම ඕනෑවට වඩා sebum නිෂ්පාදනය කරන විට ඇතිවේ. සමහර විට දිලිසෙන, හෝ ස්පර්ශ කිරීමට ලිස්සන සුළු හෝ සිදුරු ඇති පෙනුමක් ගනියි. කුරුලෑ ඇතිවීමටද වැඩි නැඹුරුවක් දක්වයි.

    සංවේදී සම

    සංවේදී සම, තෙල් සහිත, සාමාන්‍ය, හෝ වියළි සමක් විය හැකි අතර, එය පාරිසරික තත්වයන්ට සංවේදී වේ. මද්‍යසාර අඩංගු රූපලාවන ද්‍රව්‍ය, සුවඳ තෙල්, හා කෘත්‍රිම වර්ණකයන්ට අහිතකර ප්‍රතික්‍රියා දක්වයි.

    සාමාන්‍ය සම

    සාමාන්‍ය සම මධ්‍යස්ථ ප්‍රමාණයකින් sebum නිෂ්පාදනය කරයි. ඉතා වියලි නොවේ. වැඩිපුර තෙල් සහිත නොවේ. ඉතා සමබර තත්වයේ පවතී. සාමාන්‍ය සම නිරතුරුවම සෞඛ්‍යය සම්පන්න සහ හොඳ පෙනුමක් ගනියි. නමුත් තවමත් අනෙකුත් සම වර්ග වඩා නොඅඩු අවධානයක් අවශ්‍ය වේ.

    සම් වර්ග එකතුවක්

    සම් වර්ග සංකලනයක් වන අතර, බොහෝ මිනිසුන්ට ඕනෑම අවස්ථාවක සම්වර්ග දෙකක් පැවතීම, වඩාත් පොදුයි. නිතර නිතර නළල, නාසය හා නිකට ආවරණය තෙල් සහිත "T-Zone" ප්‍රදේශයක් පවතී. කම්මුල්වල, අක්ෂි ප්‍රදේශයේ, සහ කට වටා සම සාමාන්‍ය හෝ වියලි වේ.

    • බැක්ටීරියා සහ මේකප් ඉවත්කිරීමට alchol නැති face wash දියර සුදුසුය.
    • විශේෂයෙන්ම blackheads වැළැක්වීමට එක් එක් උදෑසන පිරිසිදු face towel එකක් (රෙදි කඩක්) භාවිත කරන්න.
    • Moisturiser සරල තෙල්-රහිත වියයුතුයි.
    • ස්ක්‍රබ් මෘදු විය යුතුයි.
    • වඩාත් පොදු ඔබ කරන වරදනම් තෙල් සියල්ල ඉවත් කිරීමයි.
    • sun screen-ඔබ නොවරදවා හිරුඑළියට යාමට පෙර බාවිතා කල යුතුයි.