- ඔයා බස් එකක තනියෙන් ගමනක් යද්දි, ඔයාට හිරිහැර වෙන අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් කියලා ඒ ගැන පැමිණිලි කරන්න පහසු වෙන විදිහට රියදුරු අසුන ළඟ අසුනක වාඩි වෙන්න.
 
- ඇවිදින්න තියෙනවා නම් පුළුවන් හැම වෙලාවකම හොඳට එළිය වැටුනු තැන්වල, ජනතාව ඉන්න ප්‍රදේශවල ඇවිදින්න. පටු පාරවල්, පඳුරු, යොමු මං, කෙටි පාරවල්, මග හරින්න.
 
- ඔයා කුලී රියකට හරි ත්‍රීවීලරයකට හරි නගින්න කලින්, ඒක කුලී රථයක්මද කියලා සහතික කර ගන්න.
 
- යන ගමනට යන වියදම කලින් අහගන්න. ඒ ගමනට ඇති වෙන්න මුදල් ඔයා ලඟ තියෙනවාද කියලා සැක හැර දැන ගන්න. ඔයා ළඟ ගමනට ඕනෙ තරම් මුදල් නැත්නම් ඔයාව ගෙදරට ගිහින් බස්සවන්න  කියලා එයාලට කියන්න. එතකොට ගෙදරින් ඒ මුදල් ඉල්ලලා දෙන්න ඔයාට පුළුවන්.
 
- හැම වෙලාවෙම ගෙදර යන්න ඕනැ කරන මුදල් ඔයා ළඟ තියෙන වද කියලා සහතික කර ගන්න.
 
- මත්පැන් බීලා ඉන්න කෙනෙකුගේ වාහනයක නැඟලා ගමන් පහසුව සළසා ගන්න කිසිම වෙලාවක උත්සාහ කරන්න එපා.
 
- ඒ වගේම ඔයා හොඳින් දන්නෙ නැති කෙනෙකුගේ වාහනයකින් ගමන් පහසුව සලසා ගන්න හදන්නත් එපා.
 
- ඔයා තනියෙන් යන වෙලාවක දී හරි, අතරමං වුණොත් හරි, ආත්ම විශ්වාසයෙන් යුතුව ස්ථිර වේගයකින් ඇවිදින්න. පාරේ වාහන ඔයා ඉදිරියට එන විදිහටයි ඇවිදින්න ඕනෙ. ගෙදර එනකොට රෑ තනියම පාරේ ඇවිදගෙන එන්නත් එපා.
 
- ඔයාගේ ගෙදරට යන පාර වැරදුණොත් ඉක්මනින් පොලීසියට කෝල් එකක් දෙන්න.                        ඒ ගොල්ලො ඔයාට උදව් කරයි.
 
- කවුරු හරි ඔයාගේ පිටිපස්සෙන් එනවා කියලා දැනුනොත් ළඟම තියෙන එළිය ඇති තැනකට හරි, මිනිස්සු ඉන්න තැනකට හරි, ඉක්මනින්ම යන්න. ඔයා ආපසු හැරිලා විරුද්ධ පැත්තට යන්න ගියොත් ඔයාට හරියටම දැනගන්න පුලුවන් ඒ පුද්ගලයා ඔයාව ලුහුබඳිනවද කියලා.
 
- වාහනයක් නවත්තලා යම් තැනකට යන විදිය ගැන ඔයාගෙන් ඇහුවොත් කිසි වෙලාවක පිළිතුරු දෙන්න රථය ළඟට යන්න එපා. පිළිතුරු දෙනවා නම් ඔයාව රථයට ඇද ගැනීම වලක්වන්න පුළුවන් ප්‍රමාණවත් දුරකින් ඉන්න.
 
- නිතරම අවධානයෙන් ඉන්න. ඔයාගේ සහජ ඥාණය ගැන විශ්වාස කරන්න. ඔයාට අමුත්තක් දැනුනොත් හරි ඇසුනොත් හරි හැකි ඉක්මනින් ආරක්ෂාවෙන්න පියවර ගන්න.
 
 

- විදේශයන්හි දී මත්ද්‍රව්‍ය සමඟ කිසිසේත් සම්බන්ධ වෙන්න එපා. ඔයාව ඒ වගේ දේකට අහුවුණොත් විශාල දඩ මුදලක් ගෙවන්න සිදු වෙයි. ඒ නැතත් දීර්ඝ කාලීන සිරදඬුවම් වලට, සමහර විට මරණ දඬුවමට පවා ගොදුරු වෙන්න වෙනවා.
 
- තවත් කෙනෙක් වෙනුවෙන් කිසිම දෙයක් රේගුව හරහා ගෙනියන්න, ගේන්න එකඟ වෙන්න එපා. ඒකෙන් ඔයාව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමකට හසුවෙන්න පුළුවන්.
 
- ඔයා සංචාරය කරන රටේ දේශීය නීති ගැන දැනුවත් වෙන්න. සමහර රටවල මත්පැන් පානය නීති විරෝධීයි. ඒ වගේ දේවල් අපි කලින්ම දැන ගෙන ඉන්න ඕනෙ.
 
- දේශීය චාරිත්‍රයන්ට ගරු කිරීමක් විදිහට ඒ රටට ගැලපෙන ඇඳුම් ඇඳීමට ඔයා නිතරම උත්සාහ කරන්න.
 
- මුදල් හා සංචාරක චෙක්පත් බලයලත් කාර්යාල හෝ බැංකුවලින් විතරක් මාරු කරන්න.
 
- දුම්රිය ස්ථාන හා බස් නැවතුම් පොළවල් වලදී ඔයාගේ බඩු බාහිරාදිය ගැන හොඳ අවධානයෙන් ඉන්න.
 
- ඔයාගේ  දේපල  මොනව හරි සොරකම් කලොත් ඒ ගැන වහාම ඒ රටේ පොලීසියට පැමිණිලි කරන්න. 
 
- ඔයා නැවතිලා ඉන්න තැන්වල, යන තැන්වල, වෙනසක් වෙනවා නම් හැමවිටම දුරකථනයෙන් හරි විද්‍යුත් මේල් මගින් හරි ඒක ගෙදරට දන්වලා තියන්න.
 
- අලුත් රටකට රාත්‍රී කාලයේ දී යන්න වුනොත්, ශ්‍රී ලංකාවෙන් පිට වෙන්න කළින් නවාතැන් හා ගුවන් තොටුපොලේ සිට ප්‍රවාහන පහසුකම කළින්ම වෙන්කරවා  ගන්න. 
 
- අතරමංවීමකදී ඔයා යන තැන දන්න විදියට ගමන් කරන්න. වෙළෙඳ සැලකට හරි නිවසකට හරි ගිහින් ගමන් සිතියමක් ඉල්ලගෙන බලන්න. 
 
- වෙන්න පුලුවන් අනතුරු ගැන අවධානයෙන් ඉන්න. හැම වෙලාවෙම අවශ්‍ය තරමට විතරක් මුදල් අරගෙන යන්න.
සංචාරයේ දී ඇති වෙන්න පුලුවන් සෞඛ්‍යය ගැටලු, රෝග පිළිබඳ වැඩි විස්තර දැන ගන්න ශ්‍රී ලංකා වසංගත රෝග ඒකකයේ වෙබ් අඩවියට පිවිසෙන්න.
 
http://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=146&Itemid=459&lang=en
FaLang translation system by Faboba