ඔබේ හදවත පේශී පොම්පයක්.

ඔයාගෙ හදවතේ කුටීර 4ක් තියෙනවා කියලා දන්නවනේ. ඒවයින් දෙකක් හෘදයේ දකූණු පැත්තෙ තියෙනවා. අනික් දෙක තියෙන්නෙ වම් පැත්තේ. දකුණු පැත්තේ කුටීර වලින් පෙනහලුවලින් එන ඔක්සිජන් තියෙන රුධිරය ලබාගන්නවා. වම් පැත්තේ කුටීරවලින් මුළු සිරුරේ ම තියෙන ඔක්සිජන් නැති රුධිරය ලබා ගන්නවා.

ඔයාගේ හදවත හැම මිනිත්තුවකට වාර 60-100 දක්වා ස්පන්දනය වෙනවා. අවශ්‍ය වුනොත් ඒ වේගය තව ගොඩක් වැඩි කරන්න හදවතට පුළුවන්. ඔයාගේ සිරුරේ තියෙන වැදගත්ම අවයවයක් වන හෘදය වස්තුව දවසකට 100,000 වාරයක් විතර ගැහෙනවා. ස්පන්දනය වෙනවා. එය වසරකට බැලුවොත් මිලියන 30කටත් වඩා වැඩියි. ඔයාගේ මුළු ජීවිත කාලය තුළ ඔයාගේ හදවතේ ස්පන්දනය බිලියන 2.5කටත් වඩා වැඩියි. ලේසි පහසු නෑ. බලන්න එක පේෂියක් වන හදවත අපිට හිතාගන්නත් බැරි තරම් අති විශාල වාර ගාණනක් වැඩකරන හැටි. අප හැමෝම හැම විටම හෘදය වස්තුව නිරෝගීව තබා ගන්න ඕනෑ අන්න ඒ නිසයි.

අවශ්‍ය වෙලාවෙදි සිරුරේ අවශ්‍යතාවයට අනුව වැඩියෙන් හෝ අඩුවෙන් රුධිරය පොම්ප කිරීම සඳහා සිරුරෙන් පණිවුඩ ලබාගන්නවා. උදාහරණයක් විදියට නින්දෙදි හෘදය පොම්ප කරන්නේ ඒ මොහෙතේ දි සිරුර විවේකයෙන් තියන්න ඕනැ කරන ඔක්සිජන් ප්‍රමාණය තියෙන රුධිරය විතරයි. ඒ වුනත් ව්‍යායාම් කරද්දි හරි බියකට පත්වෙන මොහොතක දි හරි ඔයාගේ හෘදය වස්තුව සිරුරට අවශ්‍ය වැඩි ඔක්සිජන් ලබා දෙන්න රුධිරය වේගයෙන් පොම්ප කරනවා.



  • ත්‍රිතුණ්ඩ කපාටය

  • පුප්ඵුශීය කපාටය

  • දකුණු කර්ණිකාව

  • පුප්ඵුශීය ධමණිය

  • පුප්ඵුශීය ශිරාව

  • මහා ශිරාව

හදවත හා සම්බන්ධ විවිධ රෝග මෙන්ම ගැටළු පිළිබඳවත් දැන් අපි අවධානය යොමු කරමු.

1. නිදන්ගත අම්ලකර ඌනතා රෝගය/සංකීර්ණ ජන්මගත හදවත් රෝගය.
ඔයා මේ රෝගයෙන් පීඩා විදිනවා නම් ඔයාගේ සිරුර නිල් පැහැ ගැන්වෙනවා. මේ රෝගය බොහෝ වෙලාවට වෙලාසනින් ළමා කාලයේදීම හඳුනා ගැනෙනවා. මේ රෝග තත්ත්වය සනීප කරන්න ශෛල්‍ය කර්මයක් කරන්න වෙන්වා.

2. කපාටමය හෘදය රෝගය.
මේ කපාට හදවත් රෝගයට තියෙන උදාහරණයක් තමයි රූමැටික් උන. ඔයාට උගුරේ වේදනාව නැවත නැවත ඇතිවෙනවා නම් ඒකෙන් ඔයාගේ හදවත් කපාට ඝණවෙන්න හදනවා. ඒවා වැඩකරන්නේ නැතුව අක්‍රිය වෙන එක, ඒවා ඇරීම අපහසු වෙන එක, වගේම ඒවයෙන් කාන්දුවක් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. මෙය හදවතේ කපාට 4ට ම බලපාන්න පුළුවන් වුනත් වැඩි හරියක් දකින්නට ලැබෙන්නේ ද්විතුණ්ඩ කපාට වල. මේ විදියට ද්විතුණ්ඩ කපාට සිහින් වෙන එකටයි, වැහුනු කපාටයෙන් කාන්දුවීමටයි, මිත්‍රල් ස්ටෙනෝසිස් තියලා කියනවා.

3. ජන්මගත කපාටමය හෟදය රෝගය/ද්වි කුණ්ඩ කපාට පිටතට නෙරා ඒමේ තත්වය.
ද්විකුණ්ඩ කපාට පත්‍රිකා දෙකක් තිබෙන අතර මේ රෝග තත්ත්වයේ දී ඒ පත්‍රිකා අසාමාන්‍ය චලනයක් පෙන්වනවා, ඒ චලනයෙන් නැඟෙන හඬ දොස්තර නළාවෙන් හඳුනා ගන්න පුළුවන්. ද්වි කුණ්ඩ පාට වල නෙරායෑමේ තත්වයේ උග්‍රභාවය වෙනස් වීමට අනුව සමහර අවස්ථා වල මේ තත්වය හානියක් නොවෙන්න පුළුවන්.

4. හදවත් සිදුරු රෝගය
මේ රෝගයෙන් පෙළෙන අයගේ හෘදයට කන්දීම මඟින් වෛද්‍යවරයෙකුට එයින් නැගෙන හඬ හඳුනා ගන්න පුළුවන්. ඒ හඬ හදුන්වන්නේ 'මුනුමුනුව' ලෙසින්.

5. හෘද ස්පන්දනයේ අසමතුළිතතාවය හෙවත් ඇරිත්මියා
ඔයාගේ හෘද ස්ඵන්දනයේ අසාමාන්‍යතා ඇතිවෙන්න ඉඩක් තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයට වඩා අඩු වෙන්න හරි වැඩි වෙන්න හරි පුළුවන්. කොහොම වුනත් ඒක අසාමාන්‍ය තත්වයක්. එතනදි හද ගැස්ම සාමාන්‍ය රිද්මයෙන් වෙනස් වෙලා හදවත තමන්ට ගැලපෙන්නේ නැති රිද්මයත් ඇති කරනවා, ඒක විශේෂයෙන් රාත්‍රී නින්දේ දී උගුරේ කැටියක් වගේ ඉදිමීමක් ලෙස දකින්න පුළුවන්. ඔයාලා කෝලා වර්ග හෝ කැෆේන් තියෙන බීම ජාති බොන එක මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න බලපානවා. ඒවගේම තයිරොයිඞ් ගැටළු හා ඇදුම රෝගයට අරගන්න ප්‍රතිකාර නිසා ද මේ තත්වය ඇතිවෙන්න ඉඩ තියෙනවා. එස්වීටී කියලා තවත් තත්වයක් තියෙනවා. හදවකේ ස්පන්දන වාරයක් අතර අතිරේක ස්පන්දන ඇතිවෙන එකට තමයි SVT කියලා කියනනේ. ශාරීරික යෝග්‍යතාවය තියෙන අයගෙත්, මළල ක්‍රිඩකයන්ගෙත් හෘද ස්ඵන්දන වේගය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒවගේ අඩු හෝ වැඩි රිද්මයන් මඟින් හෘදයේ පොම්ප කිරීටම බලපෑම් අති වෙන්න පුළුවන්, එතනදි මොළයට සැපයෙන රුධිරය අඩු වීමෙන් කරකැවිල්ල වගේම ක්ලාන්ත ගතියත් ඇති වෙන්න ඉඩක් තියෙනවා.

6. හදවත් ධමනි රෝගය
හදවතේ ධමනි ඔබගේ හෘදයට රුධිරය සපයන අතර, සිරුරේ මනා ක්‍රියාකාරීත්වය සඳහා අතවශ්‍ය ක්‍රියාවලියක් වෙනවා. ඔයාගේ ධමනි වලට බාධකයක් ඇති වුනොත් තද වේදනාවක් සහිත තත්ත්වයක් ඇති වෙනවා. එම තත්ත්වය ඇන්ජිනා හෙවත් MI (Myocardial Infarction) ලෙසයි හඳුන්වන්නේ. ධමනි අවහිර වෙන්නේ ඒවායේ කොලෙස්ට්‍රරෝල් තැන්පත් වීම නිසයි. දුම්බීම, තෙල් සහිත ආහාර ගැනීම, ව්‍යායාම අඩුකම, මානසික පීඩනය හෝ දියවැඩියාව ද එයට හේතු වෙන්න පුළුවනි. ආතතිය ද, පවුල් හෘද රෝග ඉතිහාසයක් තිබීම ද, කලාතුරකින් හෘද ධමනි වලට බලපාන ජන්මගත ගැටළු නිසා ද, මෙසේ විය හැකියි.

7. හදවත් මස්පිඩු රෝගය
මෙය වැඩි වශයෙන් ම ආරය නිසා ඇති වෙන අතර, ඔයාගේ පවුලේ අයට මෙම තත්ත්වය පිළිබඳ ඉතිහාසයක් ඇත්නම් ඔයාට එය වැළඳීමේ හැකියාවක් තියෙනවා. සමහර අවස්ථාවල හෘද පේෂීන් අසාමාන්‍ය ලෙස ඝනවීම මඟින් හෘදයේ කපාට අවහිර වීම නිසා ද මේ තත්ත්වය ඇති වෙන්න පුලුවනි. ඔයාගේ හෘද පේෂීන් තුනී වීම නිසා හෘදය වැඩියෙන් විශාලනය වන අතර, එම නිසා පොම්ප කරන ක්‍රියාවලිය අඩු වීම, හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම මහන්සි වීමේ දී හුස්ම නොවැටීම ආදිය ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වය හඳුනා ගැනීම ECO පරීක්ෂාවක් ECG මඟින් කළ හැකියි. මෙම රෝගී තත්ත්වය පවතින අයට ක්ෂණික හෘදයාබාධ අවධානමක් තියෙනවා. ඒ නිසා එහෙම අය අධික ලෙස මහන්සිවීම හෝ ක්‍රීඩාවල යෙදීම නොකළ යුතුයි.

1. පපුවේ වේදනාවා
නව යොවුන් වියේ ඔයාට මේ රෝගය සාමාන්‍යයෙන් හැදෙන්නෙ නෑ. ඒ වුනාට ඔයාට හෘදමය නොවෙන වේදනාවක් වම් අතේ හරි දකුණු අතේ හරි හැදෙන්න පුළුවන්. අත් නැමීමේදී / සෙලවීමේදී හුස්ම ගැනීමේ දී වගේම කොන්ද නවද්දි මේ වේදනාව වැඩි වෙන්න පුළුවන්. හදවත් ධමනි රෝග ඇති විටදී පඩි පෙලවල් නගින කොට හා ඇවිදින කොටත් පපුවේ වේදනාව ඇති වෙනවා. ගොඩක්ම වෙලාවට මේ වේදනාව පපුවේ මැද නැත්නම් පහළ කොටසේ ඇති වෙන අතර ඔයාට උගුරට ඒම ද වෙන්න පුළුවන්. ඔයා වැතිර ඉන්න කොට මේ තත්ත්වය වැඩි වෙන්න ඉඩ තියෙන අතරම, ඒක ගැස්ට්‍රයිටීස් ආම්ලිකතාවය වගේ ඔයාට දැනෙන්න පුළුවන්. හැබැයි ඒක ගැස්ට්‍රයිටීස්වත්, ආම්ලිකතාවයවත් නෙමේ. ඔයා ඉන්නේ යම් අසහනයකින්, මානසික ආතතියෙන් නම් ඒ තත්වය වඩාත් නරක වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ඔයා පෙපර්මින්ට් කනවා නම් හරි කාබනිත සිසිල් බීම පුරුද්දක් හැටියට බොනව නම් ඒ දේම වෙන්න ඉඩ තියෙනවා.

2. තිගැස්ම
අපි මුලින් කියපු සමතුළිත නැති ස්පන්දන රෝගය වන ඇරිත්මියාවලදි හා සමහර වෙලාවලදී වෙන අතිරේක ස්ඵන්දන වලදි දැනෙන පොදු රෝග ලක්ෂණයක් තමයි තිගැස්ම. කැෆේන් තියෙන ජාති වැඩිපුර ගැනීමත්, අසහනයට පත්වීමත්, ඇඳුම ප්‍රතිකාර හා තයිරොයිඞ් අක්‍රමිකතාත්, මේ තිගැස්ම ඇතිකරන තවත් හේතු වෙනවා.

3. නැවත නැවත හදවතේ ස්ඵන්දනය වේගවත් වීම
ඒ වෙලාවට ඔයාට ගොඩක් වැඩියෙන් දහදිය දාන්න පුළුවන්. තිගැස්මත් ඇති වෙන්න පුළුවන්. ක්ලාන්ත ගතියක් ඇති වෙන්නේ හෘදය වස්තුව ක්ෂණිකව මන්දගාමී වෙන්නත් පුළුවන්. මේ කියපු ලක්ෂණ එකක් හරි කීපයක් හරි තියෙනවා නම් ඔයා ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්න ඕනැ. ඔයාට ගොඩාක් වේලා හිටගෙන ඉන්න වීම නිසා Vaso Vagal කියන වෙනත් තත්ත්වයක් ද ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔයාගේ හෘද ස්ඵන්දන වේගය එකවරම විශාල ලෙස අඩු වුනොත් ඒකෙන් ඔයාගේ ඇස් අන්ධකාර වීම උනත් සිදුවෙනවා.

4. හුස්ම ගැනීමේ අපහසුතාවය
ඔයාට දැනෙන ක්ෂණික සහ උග්‍ර විදියට හුස්ම කෙටි වීම වගේම හුස්ම ගැනීමේ අපහසුතාවය සිසිපෝෂියා ලෙස හඳුන්වනවා. ක්‍රීඩාවලදි දරන්න බැරි තරම් මහන්සි වීම, වේගයෙන් ඇවිදීම, පියගැට පෙළවල් නැඟීම, වගේම එහෙම අධික මහන්සිය දැනෙන කටයුතු වලදීත් ඇදුම රෝගය වැඩිවීමකදිත් මේ කියපු අපහසුතාවය ඇති වෙන්න පුළුවනි. ක්‍රීඩාව හා හදවත ක්‍රීඩාවල යෙදීලා ඉන්න තරුණ පෙළ අතර, අවාසනාවත්ත මරණ සිදුවීම අතීතයේ සිට ම දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ ගැන යම් බියක් අපේ හදවත් වල ජනිත වෙලා තියෙනවා. නිසි පරීක්ෂාවකින් තොර වීම නිසායි මේ වගේ මරණ වෙලා තියෙන්නෙ. විශේෂයෙන් ම ළමයින් ක්‍රීඩාවන් වල යෙදෙන්නට පළමුව, හඳුනා නොගත් හෘද තත්ත්වයන් පිළිබඳව හොඳින්ම පරීක්ෂා කර ගන්න ඕනෑ. වාසනාවකට වගේ රජය විසින් ක්‍රීඩාවල යෙදෙන ළමයින්ගේ වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ ජාතික මගපෙන්වීමක් ක්‍රියාවට නංවා තියෙනවා.

FaLang translation system by Faboba