අපිට ගොඩක් වෙලාවට තයිරොයිඞ් ප්‍රශ්න තියෙන බව දකින්න ලැබෙන්නෙ තරමක් වයස්ගත නැත්නම්  වැඩිහිටි පුද්ගලයන් තුළයි. මේ නිසා තයිරොයිඞ් ගැටළු නව යෞවනයන්ට බලපාන බව අප සිතන්නේ නැහැ. ඒ වගේම මෙහෙම තත්ත්වයක් තරුණයන්ට ඇතිවෙනවා කියලා හුගක් අය දන්නෙත් නැහැ. හැබැයි අපි නොදන්නවට මෙය යෞවනයන්ගේ සෞඛ්‍යයට ඉතාම තර්ජනාත්මක ගැටළුවක් වෙන්න පුළුවන්.
තයිරොයිඞ් ග්‍රන්ථිය කියන්නෙ ඔයාලගෙ ගෙලේ ඉදිරිපස පහළට වන්නට පිහිටලා තිබෙන කුඩා ග්‍රන්ථියක්. ඔයා ඉතාම සිහින්, කෙට්ටු අයෙක් නෙවෙයි නම්, මෙම ග්‍රන්ථිය පහසුවෙන් පෙනෙන්නේ නැහැ. තයිරොයිඞ් ග්‍රන්ථියෙන් කෙරෙන්නේ තයිරොක්සීන්හෝමෝනය නිපදවන එකයි. මෙය ශරීරයේ ඉන්ද්‍රියන් බොහොමයක් හරියාකාරව      ක්‍රියාකරන්න අවශ්‍ය වන රසායනික ද්‍රව්‍යයක්.
 
තයිරොයිඞ් ග්‍රන්ථියෙන් ඕන ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් තයිරොක්සින් හෝමෝනය නිපදවෙන විට ඔයා ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඔයා වේගයෙන් වැඩෙන කාලය අතරතුර තයිරොක්සින් ඌණතාවයකදි හෝ අධිකතාවයකදි වගේම සාමාන්‍ය මට්ටමේ දි වුනත් තයිරොයිඞ් ග්‍රන්ථිය අධික ලෙස විශාලනය වීම වෙන්න පුළුවන්. එම නිසා තයිරොයිඞ් ග්‍රන්ථියේ අක්‍රමිකතා පිළිබඳව වැඩිදුරටත් දැනගෙන සිටීම, අදත් හෙටත් කවදත් නිරෝගීව ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වෙනවා.
 
 අපි දැන් යෞවනයින්ට බලපාන්න පුලුවන් විවිධ තයිරොයිඞ් අක්‍රමිකතා තත්ත්වයන් හඳුනා ගනිමු.
 
 

තයිරොයිඞ් ග්‍රන්ථියේ අසාමාන්‍ය අඩු ක්‍රියාකාරීත්වය

ඔයාගෙ සිරුරට ඕන කරන පමණට තයිරොක්සින් හෝමෝනය නැතිකම මෙහෙම හඳුන්වනවා. සමහර විට ඔයා ඉපදෙන විටම මෙම තත්ත්වය තිබුනා වෙන්න පුළුවන් (Congenital Hypothyroidism). එහෙම නැත්තම් ඉපදුනාට පස්සෙ, පොඩි කාලේ දි, යොවුන් වියේදි හෝ වැඩිහිටි කාලයේ දි මෙම තත්ත්වය ඇති වෙන්නත් පුලුවන්.
 
උපතින් පස්සෙ අවස්ථාවන් ඇති වන්නේ ඔයාගෙ තයිරොයිඞ් ග්‍රන්ථියට යම් හානියක් වුනාමයි. මෙය සාමාන්‍යයෙන් වෛරස් ආසාදනයක් නිසා වෙන්න පුලුවන්. මේ වගේ ආසාදනයක් ඕනෑම වයසකදී ඇති වෙන්නත් පුලුවන්. බොහෝ විට මෙය සිදුවන්නේ තරුණ කාලයේදි නැත්නම් නව යොවුන් අවධියේ දී. මෙය පිරිමින්ට වඩා 4 ගුණයක සිට 7 ගුණයක් දක්වා කාන්තාවන්ට බලපාන තත්වයක් බව පැවසෙනවා.
 
තවදුරටත්, සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තයිරොයිඞ් ග්‍රන්ථියේ සෛල වලට පහර දුන් විට, එයින් හෝමෝන නිපදවීම වැළැක්වීමට බලපෑම් කෙරෙනවා. මේ වගේ වෙලාවට සිදු වන්නේ ප්‍රතිචාර වශයෙන් තයිරොයිඞ් ග්‍රන්ථියට අවශ්‍ය හෝමෝන ප්‍රමාණය නිපදවන්න වැඩියෙන් වෙහෙස වෙන්න සිද්ධ වෙන එක. මේ නිසා තයිරොයිඞ් ග්‍රන්ථිය විශාලනය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ගලගණ්ඩය කියන රෝගය ඇති වෙන්න පුළුවන්.
 

• අධික වෙහෙස / තෙහෙට්ටුව
• අලස බව
• අධ්‍යාපන කටයුතුවල දුර්වල බව
• බර වැඩිවීම / මහත් වීම
• මළබද්ධය
• අධික ඔසප් රුධිර වහනය
• වියළි, රළු සහ සුදුමැලි සම
• කෙස් හැලී යාම
• මතකය දුබල වීම
• සීතල දරා ගත නොහැකි වීම
 සැලකිය යුතු ලෙස ගෙල ඉදිමීම (ගලගණ්ඩය)ඔබට hypothyroidism  තියෙනවා නම් පහත රෝග ලක්ෂණ දැනෙන්න පුලුවන්:

(විශාදය, අමතක වීම, ඇහි බැමිවල රෝම අඩු වීම, වියළි සහ ගොරෝසු හිස කෙස්, ඉදිමුණු මුහුණ, ඉදිමුණු ගෙල, මන්දගාමී හෘද ස්ඵන්දනය, බර වැඩි වීම, වියළි සම, මළබද්ධය, හන්දි ඉදිමීම, කැඩෙන සුළු
නියපොතු, දැඩි ආර්තවය, මඳ සරු භාවය)

 

  • විඩාව.
  • අලසකම.
  • අධ්‍යයන කාර්ය අඩුවීම.
  • බර වැඩිවීම.
  • මලබද්ධය.
  • අධික ඔසප් රුධිර වහනය.
  • වියළි රළු සහ සුදුමැලි සම.
  • කෙස් හැලීම.
  • මතකය අඩුවීම.
  • සීතල නොඉවසීම.
  • ගෙල ඉදිමීම - Goitre.
  • -  ඉහත රෝග ලක්ෂණවලින් එකක් හරි කීපයක් හරි ඔයාට තියෙනවා නම්, දෙමව්පියන් එක්ක ඒ ගැන කතා බහ කරල අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
    -  වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් මගින් ඔයාගේ තයිරොක්සින් මට්ටම තහවුරු කර ගනියි.
    -  ප්‍රතිකාර ලෙස ඔයාට තයිරොක්සින් පෙත්තක් දෙයි. එය ජීවිත කාලය පුරාම ගන්න වෙයි. තයිරොක්සින් පෙති ගන්න ඕනෑ උදෑසනම, කිසිදු ආහාරයකට පෙර හිස් බඩටයි.
    -  ඔයා තයිරොක්සින් පෙති ලබා ගන්නා අතරතුර වෙන ඕනෑම හේතුවකට වෛද්‍යවරයෙක් හමුවෙනවා නම්,  ඔහු / ඇය වෙන ඕනෑම ඖෂධයක් නියම කරන්න කලින්,  ඔයා තයිරොයිඞ් පෙති ගන්න බව කියන්න ඕනැ.

තයිරොයිඞ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වයමේ අවස්ථාවේදි සිදු වෙන්නේ ඔයාගේ තයිරොයිඞ් ග්‍රන්ථිය අධික ලෙස තයිරොක්සින් නිපදවීමයි. මෙය hypothyroidism එක්ක සසඳන විට කලාතුරකින් ඇතිවෙන තත්වයක් වුවත්, පවතින රෝගයක්. මෙය ද පිරිමි ළමයින්ට වඩා ගැහැනු ළමයින් අතර සුළබයි. ඒ වගේම පාරම්පරිකව ඒමට ද නැඹුරුවක් තියෙනවා. මෙතනදි ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසාමාන්‍ය ප්‍රතිදේහ ප්‍රමාණයක් නිපදවනවා. එතන දී ඔයාගෙ තයිරොයිඞ් ග්‍රන්ථිය විශාලනය වෙලා ගලගණ්ඩය (වායු ගෙඩි) ඇති වෙනවා.

Hyperthyroid  රෝග ලක්ෂණ?

hypothyroidism හැදිලා නම් පහත රෝග ලක්ෂණ වලින් එකක් හෝ වැඩි ගණනක් ඔයාගෙන් පෙන්නුම්
කරනවා නම් ඔයා වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනැ,

-  බර අඩු වීම
-  ඔබට ඔබේම හෘද ස්ඵන්දනය දැනීම
-  පාචනය
-  අධික ලෙස දහදිය දැමීම/ උෂ්ණය දැරිය නොහැකි වීම
-  ඇස් ඉදිරියට නෙරා ඒම

  • බර අඩුවීම.
  • ඔබේම හෘද ස්පන්දනය ඔබට හැඟීම.
  • පාචනය.
  • අධික දහඩිය.
  • උණුසුම නොඉවසීම.
  • ඉදිරියට නෙරාගිය ඇස්.

Hyperthyroid රෝගය සදහා ප්‍රතිකාර මොනවාද?

-  ඉහත රෝග ලක්ෂණ ඇති ඔයා වෛද්‍යවරයෙක් හමු වුනොත් ඔහු / ඇය ඔයාගේ තයිරොක්සින් මට්ටම පරීක්ෂා කරන්න ඔයාගේ රුධිර පරීක්ෂණයක් කරයි.
-  ඔයාට hypothyroidism තියෙනවා කියලා තහවුරු වුනොත් ඒ වෛද්‍යවරයා ඔයාට, අධික තයිරොක්සීන් හැදෙන එක අඩු කරන Carbimazoleto වැනි ප්‍රති-තයිරොයිඞ් ඖෂධයක් නියම කරයි.
-  එමෙන්ම ඔයාට ඔයාගෙම හෘද ස්ඵන්දනය දැනීම වැනි රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා Propranolol නම් ඖෂධයක් ද ලබා දෙයි.
-  සමහර තද බල Hypothyroidism අවස්ථා වලදි රේඩියෝ අයඩින් ප්‍රතිකාරය හෝ  ශල්‍යකර්මයක් කරන්න උපදෙස් දෙයි.

FaLang translation system by Faboba